(ප‍්‍රදීප් කුමාර)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ දී වලසකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලබා ඇත්තේ කොම්බාවිල් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා තවත් අයකු සමග සිය කුඹුරු යායේ කටයුතු නිමකර නිවසට පැමිනෙමින් සිටියදී මෙම වලසාට හසුව ඇත. ඔහුගේ දෑත්වලට සහ පාදවලට දැඩි හානි සිදුව තිබේ.
වර්ෂාවත් සමග වනාන්තර ප‍්‍රදේශ බොහොමයක් ජලයෙන් යටව ඇති අතර මේ හේතුවෙන් වන සතුන් උස් බිම් හා ජනාවාස ආසන්නයට පැමිණ ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.