(නිමන්ති රණසිංහ)
කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ අසාම් මොහොමඩ් මුඛාරක් යන අයගේ හිස කොටස බොරැල්ල කනත්තේදී භූමදානය කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කළේය.
මරණකරුගේ පියා සහ මාමණ්ඩිය බෝම්බකරුගේ හිස කොටස බාර ගැනීමට නොහැකි බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු රජයේ වියදමින් හිස කොටස භූමදානය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ප්‍රාදේශීය ලේකම්වරයාට නියම කර තිබේ.
එම හිස කොටස භූමදානය කිරීම සඳහා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම්වරයාට බාර දෙන්නැයිද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට අධිකණයෙන් නියෝගය කෙරිණි.
මෙම හිස කොටස සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම මත මෙම නියෝගය නිකුත් විණි.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකු වූ අහමදු මොහමදු අර්ශාත් නැමැත්තා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරිණි.
මෙම සැකකරු ඇතුළු ප්‍රහාර මාලාවට සම්බන්ධ තවත් සැකකරුවන් ජංගම දුරකතන මගින් හා අන්තර්ජාලය හරහා කළ තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව නම් කරන්නේ මේ වගේ ශරීර ගලක් බැදලා මුහුදට දාන එක . ඒකට මෙහෙ .... පුළුවන් කමක් තිබුනොත් රාජ්‍ය උත්සවයකුත් තියයි .
උෟරුමස් කිලෝ 2ක් ඔලුවේ ඔතලාම පොළවට යටකෙරුවා නම් තමයි හොඳම වැඩේ.
ඔය කරන්නේ හිස නැතිව දිව්‍යලෝකේ ඉන්න කෙනාට හිස යවන එකයි. හිස හයි කරගත්තම කන්‍යාවියෝ ටික ලැබෙයි.
ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ කරන්නේ කට අස්සට ඌරු තෙල් දාලා ඌරු බඩවැල් සහ බොකුවලින් ඔතලා වලදානවා. හිරේ ඉන්න අයට හැමදාම කන්න දෙන්නේ උෟරුමස්...