IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෑගල්ල දිස්ත්‍රික් සමුකාර සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්


(ඉන්දිකා රාමනායක) 


කෑගල්ල දිස්ති‍්‍රක්  සමුපකාර සංගමයේ  සහකාර කොමසාරිස්වරයා අද  (13)  පස්වරුවේ  සිය කාර්යාලය තුළ දී ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව  කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව  පොලිසිය කියයි.


 සිද්ධියෙන්  තුවා ලබා රෝහල් ගතකර ඇත්තේ වත්තගේ කරුණාතිලක (59) මහතා බවද පොලිසිය පවසයි.


 සහකාර කොමසාරිස්වරයා අද  පස්වරු 3.30 ට  පමණ සිය කාර්යාලයේ කිහිප දෙනකු සමග කථා කරමින් සිටියදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඒ මහතා හමුවීමට පැමිණ මෙම ඇසිඞ් ප‍්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබුණ බවද පොලිසිය සඳහන් කරයි.


 ඇසිඩ් ප‍්‍රහාරයෙන් ඒ මහතා  ඇස්වලට හානි සිදුවී ඇති අතර මුහුණ සම්පුර්ණයෙන්ම ක වී ඇති අතර  අවට සිටි පිරිස් ඒ මහතා  කෑගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඇසිඩ් ප‍්‍රහාරයට ලක්වු කරුණාතිලක මහතා ට තර්ජන ඇති බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය පවසයි.
 සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හෙළි වී නොමැත. කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

කෑගල්ල දිස්ත්‍රික් සමුකාර සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

sanath Wednesday, 13 June 2018 04:58 PM

කෑගල්ල ප්‍රදේශයේ ඇසිඩ් ප්‍රහාර වලට ලක්වෙන පුද්ගලයන් සංඛ්‍යාව සෙසු ප්‍රදේශ වලට වඩා ගොඩක් වැඩියි. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලා බහුලවීම නිසා ඇසිටික් ඇසිඩ් ලබා ගැනීමට පහසුවීම. ඇසිඩ් ප්‍රහාරයට ලක්වුන පුද්ගලයන් ප්‍රථමයෙන් කලයුත්තේ ඉක්මනින්ම වතුරට බැහැල පැය භාගයක්වත් හොඳට ඇසිඩ් හේදිලා යනකම් වතුරේ ගිලිලා ඉන්න එක. එහෙම නැතුව ඉස්පිරිතාලෙට දුවන එකෙන් ශත පහකවත් වැඩක් නැහැ.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site