IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කැබිනට් ඇමැතිවරු නව දෙනෙක් දිවුරුම් දෙති


රවී කරුණානායක හා මංගල සමරවීර මහතා මාධ්‍යයට කතා නොකරම පිටත්ව ගියේය.


තිලක් මාරපන මහතා ව්‍යාපෘති සංවර්ධන ඇමැතිවරයා ලෙස අද(22) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ලෙස ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා දිවුරුම් දුන්නේය.


සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති ලෙස එස්.බී.දිසානායක මහතා දිවුරුම් දුන්නේය.


කුසලතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති ලෙස චන්දිම වීරක්කොඩි මහතා අද(22) දිවුරුම් දුන්නේය.


අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.


වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ලෙස මහින්ද සමරසිංහ මහතා අද දිවුරුම් දුන්නේය.


ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියට කටයුතු කරනු ඇත.


මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා දිවුරුම් දුන්නේය.


නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා දිවුරුම් දුන්නේය.


ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍ය ධූරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද අද(22) දිවුරුම් දුන්නේය.


කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.


කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මේ මොහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.



අදහස් (37)

කැබිනට් ඇමැතිවරු නව දෙනෙක් දිවුරුම් දෙති

Anuradha Monday, 22 May 2017 04:42 AM

කවුරු වුණත් කමක් නැහැ... මහජනතාව ගැන හිතනවා නම් ඒ ඇති...

:       36       21

ලුම්බිණි Monday, 22 May 2017 05:00 AM

මම හිතුව ඇමති මණ්ඩලය අර ඡන්දෙට ඉස්සරවෙලා අපට කියපු ගණනට ගේන්න හදනවදෝ කියල.

:       0       65

දිලුම් Monday, 22 May 2017 05:03 AM

මට නම් වැඩි වෙනසක් පේන්නේ නෑ.

:       0       63

bandara Monday, 22 May 2017 05:08 AM

මරුනේ දැන් රට හැදෙයි බලන් ඉද්දි...

:       0       37

piyal Monday, 22 May 2017 05:16 AM

පැරදුනු කට්ටියට ආයෙත් ඇමතිකම් දීල. මරු යහපාලනය. රවී මුදල් ඇමතිකමෙන් ඉවත්කලොත් වෙන ඇමතිකමක් ගන්නේ නැතුව ඉන්නවා කිව්ව නේද? හොඳම මුදල් ඇමති දැන් මොකද කියන්නේ?

:       0       109

hasitha Monday, 22 May 2017 05:25 AM

කෝ බුද්ධිකට තැනක් නැත්ද.? සුදුස්සෝ ගෙදර හාල් පාරුවෝ පන්දමෝ රජ ගෙදර..

:       44       81

Appuhami Monday, 22 May 2017 05:32 AM

ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

:       0       37

සුසිල් Monday, 22 May 2017 05:33 AM

හොද ප්‍රවනතාවයකි. මංගල ඇමතිතුමණි බදු බර අඩුකර ජනතාවට සහන දෙන්න. පුංචි මිනිසාට වාහනයක් ගන්න හැකිවන පරිදි වාහන මිල අඩු කරන්න.

:       64       15

Sanjeewa Monday, 22 May 2017 05:37 AM

ආසියාවේ හොදම මුදල් ඇමති මීලගට ආසියාවේ හොදම විදේශ ඇමති වෙයි

:       20       30

sagara Monday, 22 May 2017 05:54 AM

මුදල් ඇමති ධුරය මාරු කිරීම නම් සුදුසුයි... ඒත් අපිට උගතෙක් , එම අංශයේ විශිෂ්ටයෙක් ඇත්තෙම නැද්ද පත්කරන්න..

:       10       26

AJITH Monday, 22 May 2017 06:17 AM

අපේ රටේ වෙන උගත් මිනිස්සු නැද්ද මේවගේ තනතුරුවලට. මේ අය විතරද ඉන්නේ. රට නොදියුණු එක අහන්න දෙයක්ද..

:       1       33

SAAM Monday, 22 May 2017 06:26 AM

රිෂාඩ් බදුදීන් වෙනස් නොකළේ ඇයි?

:       0       34

thilina Monday, 22 May 2017 06:34 AM

දැන් ඉතින් රට සුඛිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරෙයි..එකම කෑම..පිගාන විතරක් කට්ටිය මාරු කරගෙන..

:       0       15

kalum -verona Monday, 22 May 2017 06:41 AM

හොඳම විහිලුව, ඇමති සංශෝනයෙන් රටට සෙතක් නෑ.... රට විකුණගෙන කන්න තවත් පහසු කරගෙන...

:       0       69

Kasun Monday, 22 May 2017 06:43 AM

බලාගෙන ගියහම කැබිනෙට් සංශෝධනයක් අවශ්‍යයි කියපු පැත්තේ අයගේ ලොකු වෙනසක් සිදුවෙලා නැහැනේ... කොහොම වුණත් අර මුදල් ඇමති වෙනස් කළ එකනම් හොඳ තමා!!

:       0       6

siri Monday, 22 May 2017 06:47 AM

පුටු ටිකට ඔළු ගෙඩි ටිකක් මාරු වෙලා විතරයිනේ... හරියට "අතීසාරෙට අමුඩ ගැසුවා වගේ...."

:       0       14

gamage Monday, 22 May 2017 06:50 AM

වාහන බදු ටිකක් අඩු කළා නම් හොඳයි නේද?

:       6       8

mahee Monday, 22 May 2017 06:55 AM

පොඩි පොඩි ඒවා ගැන නම් අපේ තැකීමක් නැහැ. ලොකු දේවල් ගැන නම් සන්තෝස වෙනවද?... දුක් වෙනවද?... කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ. කොයි කොට්ටෙත් එකයි කියලයි හිතෙන්නේ.

:       0       1

SARA Monday, 22 May 2017 07:00 AM

ලොකු වෙනසක් නැහැ... හැබැයි මුදල් ඇමතිකම ගැන තමයි ප්‍රශ්නේ...

:       0       4

කොබා Monday, 22 May 2017 07:17 AM

ඇමතිලා තව පත් කරා කියල, ඉන්න තැන් මාරු කරා කියල රටේ ප්‍රශ්ණ අඩු වෙන්නේ නැහැ, අඩුගානේ පළපුරුද්දට, වෘත්තීය සුදුසුකම් වලට ගැලපෙන තනතුරු දෙනවා නම් යමක් කරාවි.

:       0       2

Kathapettiya Monday, 22 May 2017 07:30 AM

එකම හොරු, වෙනත් හොර වැඩ වලට මාරු කිරීම. ජනතාවට සෙතක් නැත, තිතක් තබා ඇත. අසතුට වෙනතකට යොමු කිරීම, හෙවත් තව කාලයක් එකම බෙරේ ගැසීම

:       0       12

sur lak Monday, 22 May 2017 07:30 AM

මේ විදිහට ළඟ ළඟ ඇමතිධූර වෙනස් කරනකොට කොහොමද අමාත්‍යංශ දියුණු කරන්නේ? මේ අයට ඒවා වැඩක් නැහැ.

:       1       0

susantha Monday, 22 May 2017 07:31 AM

කිවුවත් වගේ හිතාගන්නම බැරි වෙනසක්නේ! 2015 කිවුව වෙනස වගේම තමයි, සද්ද විතරයි මදේ හිස්. මේ ගොන් ජෝක් වලට අහුවෙන 62ලක්ශයක් බත් කන ගවමහේෂාදීන් ඉන්න නිසා හොඳයි මෙයාලට හැමදාම බොරුවෙන්ම මිනිස්සුන්ව ගොනාට අන්දන්න.

:       0       53

athula Monday, 22 May 2017 07:43 AM

ඔය දෙපැත්තේම ඉන්න මොක පත් කරත් වෙන්නේ එකම සන්තසිය තමා එක තක්කඩියෙක් වෙනුවට තව තක්කඩියෙක් මාරු කරනවා

:       0       7

දිලාන් Monday, 22 May 2017 07:46 AM

විශිෂ්ටයි! සුවහසක් ශ්‍රී ලංකික ජනතාව මෙතුවක් කල් පුල පුලා බල සිටියේ මේ වෙනස ඇතිකර ගැනීමට නොවේද?

:       0       36

abaran Monday, 22 May 2017 07:50 AM

පුටු පෙරලිලා කියල පෙනෙන්ට නම් නැහැ....ඇමති පුටුව පිටින්ම වෙනතැනක ඉඳගෙන විතරයි.

:       0       35

sisira Paris Monday, 22 May 2017 09:03 AM

දැන් ඉතින් රටට වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනැයැ...ලොක්කන්ට මොනවා වෙලාද මන්දා... මේවගේ අය විදේශ ඇමති කරන්නේ කුමන හේතුවකටද? අනේ අපේ රට ...

:       0       26

saman Monday, 22 May 2017 09:28 AM

අජිත් මහත්තයෝ... ඕක කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල අහන්න. ලංකාවේ කවදාකවත් උගත් කට්ටිය දේශපාලනයට එන්නේ නැහැ... හේතුව උගත් කට්ටිය කවරදාකවත් මිනිසුන්ට සේවය කරන්න පෙළඹෙන්නේ නැහැ. එ්ක අපිට පේනවා ළඟකදී කරන උද්ඝෝෂණ අනුව...

:       50       0

Senarath Monday, 22 May 2017 10:01 AM

මුදල් ඇමතිකම දෙන්න අඩුම තරමේ ඒ විෂයය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් යහපාලන ආණ්ඩුවේම නැතිද? හිටපු විදේශ ඇමතිතුමා ගෙනාපු යෝජනාව දෝතින්ම පිළිගත්තා වගේ දැන් පිටරැටියෝ කියන විදියන නටාවි ඉතින්..

:       0       3

deebi Monday, 22 May 2017 10:04 AM

සංගීත පුටු තරගයක් නම් එක්කෙනෙකුට පුටුවක් නැතුව යනවා. මෙතන වුණේ අලුත් කෙනෙක්ට අලුත් පුටුවක් දෙන්න වෙන සිදුවීමක්. ඒක හැබැයි අමතර වියදමක්....

:       0       3

nimallalitha Monday, 22 May 2017 10:10 AM

අනේ පව්... ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමාට ගිය කලක්. මේවා හොඳයි දේශපාලනය කරන අයටම අහන්න. දකින්න.

:       0       3

Hafeel Monday, 22 May 2017 10:18 AM

රවි මහත්තයාව නම් මුදල් ඇමතිකමෙන් අයින්කළ එක ලොකු දෙයක්. නමුත් තිලක් මාරපන මහත්තයා ආපු එක තමයි ගැටළුව... රනිල් අගමැතිතුමා එදා ඉඳන් සුදුස්සන්ට හරි තැන දෙන්න නම් උත්සාහ වෙලා නෑ.... බුද්ධික පතිරණ, තිලක් මාරපන මහත්වරුන්ට නම් ලොකු පරස්තර තියෙනවා. ඉතින් රනිල් මහත්තයා ඉන්නකං පරදින එක අහන්න ඕනෙද?

:       0       5

sisira Monday, 22 May 2017 11:32 AM

මේක නම් කිව්ව වගේම අතීසාරයට අමුඩ ගැහිල්ලක්.... තමයි.

:       0       3

PA-RA Monday, 22 May 2017 01:10 PM

අපිත්, රටත් ඉවරයි වගේ.. කටින් බතල හිටවනවාවත්ද?

:       0       0

Padmini Tuesday, 23 May 2017 04:17 AM

ශ්‍රී ලංකාවත් දැන් ප්‍රංශයෙන් ආදර්ශයක් ගතහොත් හොඳයි.. වෙනසක් නොකළොත් දුප්පත් ජනතාව සැමදාම අගාධයේ.

:       0       0

Abaran Thursday, 25 May 2017 07:41 AM

සෙට් එකම ගෙදර යවන කාලය හරි දැන්

:       0       0

nihal Friday, 26 May 2017 04:00 AM

වෙනසක්වත් හරියට කරන්න දන්නේ නැති වයසක සෙට්ටෙක ගෙදර යායුතුය .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 420 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 849 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1011 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 579 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 590 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 208 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site