(රන්ජන් කස්තුරි)
දුප්පත් ගම්වැසියන් සදාකාලික ණයකරුවන් බවට පත්කරමින් සිදුකර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින්ම රටින් තුරන් කළ යුතු යැයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා කොළඹදී අද(06) පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මුළු රටපුරාම මෙම ව්‍යසනකාරී ණයක්‍රමය අරක්ගෙන ඇති අතර එම නිසා දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවද ඇතැම් පිරිස්වලට යන එන මං නැති බවද එහිදී ඩඩ්ලි සිරිසේන මහතා කීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂ්‍රද්‍ර මූල්‍ය (මයික්‍රො ක්‍රෙඩිට්) ණයකරුවන්ට ලබන මාර්තු 31 වැනි දිනා දක්වා කල් ලබාදෙන බවද එදිනෙන් පසුව ණයදෙන්නා පහරදී පළවා හරින බවද ඔහු පැවසීය.
මෙම ණය ක්‍රමය තහනම් කරන්නැයි තමා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පැවසීය.
“ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අද ගම් විනාශ වෙලා. මොවුන් 75%ක් 80%ක් වගේ අධික පොලියක් ගන්නවා. දිනපතා මුදල් රැස්කරන්න ගෙදරට එනවා. ඇතැම් කාන්තාවන් මේ නිසා බලවත් ව්‍යසනයකට පත්වෙලා. ඇතැම් කාන්තාවන්ට ණය ගෙවාගන්න බැරි නිසා වංචාකරුවන් ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා. මට මේවා ඔප්පු කරන්න පුළුවන්. මම පොළොන්නරුවෙන් මේ ණය දෙන පුද්ගලයන් පන්නනවා. මම බය නැහැ. මීටපස්සේ ණයගන්න එපා කියලයි ණයගන්න අයට කියන්නේ. ගමේ ප්‍රභූන් පූජ්‍ය පූජක පක්ෂය එකතුවී ගම ආරක්ෂා කරන්න ඕන. ණයදෙන්න එන අයට ඉඩක් නොදී පන්නගන්න ඕනේ. මම ඒකට පෙරමුණ ගන්නවා.”

( ඡායාරූපය - ඉෂාන් සංජීව )
COMMENTS
මේ මිනිහට පිස්සු. ඉස්සෙලම වී අධිකාරිය පවත්වාගෙන, රුපියල් 35/40 ට අහිංසක ගොවියාගේ වී ටික කුණු කොල්ලෙට අරගෙන, රුපියල් 100 කට එහා ගිය මුදලකට හාල් ටික විකුණන එක නතරකරලා අහිංසක මිනිසුන්ට සාධාරණයක් කරල ඉන්නවා. රට හදන්ට එන්නේ මේ වගේ අය තමා ඉතින්.
කොනක් අල්ලාගත්තා වගෙයි... දේශපාලනයට එන්න.
එක්කෝ මේ මෙයා වගේ බැංකුවකින් ලොකු ණයක් අරගෙන නොගෙවා පොලු තියන්න. ඔය පොඩි ණයවලට පොලු තියලා වැඩක් නෑ. මෙයත්, මෙයගේ පවුලේ අයත් මහජන මණ්ඩපවල නුසුදුසු කතා පැවැත්වීමට රුසියන් නේද? ඉස්කෝලෙක ළමයි ඉස්සරහ කියනවා මිනිස්සුන්ට ගහලා එල්වන්න කියලා. ණය එපානම් ගන්න එපා...
සල්ලි පොලියට ගන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දයි. බැංකුවෙන් ණය දෙන්නේ නැත්තම් වෙන කොහෙන් සල්ලි ගන්නද? මෙයාට සල්ලි තියෙනවා නම් පොලී නැතිව සල්ලි දෙන්න පුළුවන්නේ. නැත්තම් ගැරන්ටර් අත්සන් කරන්න පුළුවන්නේ. සල්ලි ඕන මනුස්සයට සල්ලි ගන්න එපා කියලා හරි යනවද? මෙයා තමා පොඩි හාල් මෝල් ඔක්කොම නැති කළේ. තව බණ කියන්න එනවා...
මෙතුමා කියන දෙයට ඇහුම්කන් දෙමු. එතුමාගෙ පුද්ගලික ව්‍යාපාර වෙනයි. මෙය ඇත්තක්... මෙයින් දුප්පත් මිනිසුන් බොහෝ පිරිසක් මෙම කපටින්ට හසුවෙලා...
මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කරුවන් ගිනි පොලියට දුප්පත් ගොවීන් සූරාකන බව මීට පෙර පැවති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා වලදී හෙළිවුණා. ඇයි මේ පළාත්වල මන්ත්‍රීවරු මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු දක්වා මේ ගිනි පොලීකරුවන් නියාමනය කිරීමට පියවර නොගන්නේ..
මේ කතාවේ ඇත්තක් තියෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය හෙවත් මයික්‍රෝ ෆිනෑන්ස් කියන සංකල්පය ලංකාවේ අව භාවිතාවෙන බව පැහැදිලියි. මේකේ තියෙන්නේ දේපොළ ඇපයක් නැතිව මුදල් ගෙනඒමට පහසුවීමයි. නමුත් අහිංසක මිනිස්සුන්ගේ සතිපත හෝ දිනපතා මුදල් එකතු කරගන්නවා.. අධික පොලී අනුපාතයකට සමහර විට පොලි අනුපාතිකය 60 % 70 % තරම් අගයක්.. එ්ත් ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට මේක තේරෙන්න නැහැ. තේරුනත් කරන්න දෙයක් නැහැ. මේ සඳහා නියාමනයක් අවශ්‍යයි. අපි මේක 2005 කරන්න උත්සාහ ගත්තා. මේ රටේ හිටපු කීර්තිමත්ම ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක්ගේ මග පෙන්වීම යටතේ රජය වහාම මෙයට මැදිහත් විය යුතුයි. පොලී අනුපාතය පාලනය කරන්න.. මේකේ වැදගත්ම දේ තමයි. මේ නය අරන් දියුණු වුණු අය හරිම අඩුයි.
විශ්මය ජනක ලෙස ධනයත්, දෙපලත් රැස්කරන මේ පුද්ගලයාට එකපාරටම සත්ව කරුණාව පහළවුනේ නම් හොඳකට නෙවෙයි.
මෙයා මොනවා කළත් මේ කියන කතාව ඇත්ත.
මේක තමයි ඇත්ත....
කවුරු මොන කතා කිවුවත් මෙයා කියන කතාව ඇත්ත
මහා කරුණාව එක පාරටම පහළ වුනේ ඡන්දෙ ඉල්ලන්න වෙන්න ඇති... දේශපාලන පවුල්වල ඇත්තෝ අපිට දවස ගානේ පෙන්වන නාටකවලට අඩුවුනේ මෙයා විතරයි...
ක්ෂුද්‍ර මූල්‍ය ගැන මාත් එකඟයි. ඒ නමවත් ඔය කම්පැණිවලට දාන්න බැහැ. ඒ වගේම මාෆියාව ගැනත් කිව යුතුයි. පොළොන්නරුවේ ගොවියෝ මේ මනුස්සයා ඇතුළු මහාපරිමාණ මුදලාලිලාගේ ග්‍රහණයේ... ගොවිතැන් පැහෙන කාලයට අසරණ ගොවියන්ට මේ මිනිස්සු මිලක් දෙන්නේ නැහැ. කුණු කොල්ලෙට කනවා. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන වගේම වී ගොවියා ගසාකන අයවත් එළවලා ගහන්න ඕනෑ.
මෙයා කවුද මෙහෙම කියන්න ??
ටික ටික ඔලුව රිංගවන්යිනයි යන්නේ.
මේවා නවත්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි දුප්පත් මිනිහෙකුට සාධාරණ පොළියට ණයක් ගන්න පුළුවන් ආයතන ඇති කරන එක.... එතකොට මේවා ඉබේම පාලනය වෙනවා. එහෙම නැතුව නීති මගින් විතරක් මේවා නැවැත්තුවොත් හදිසි මුදල් අවශ්‍යතාවකදී ඇපයට තියන්න දේපළක් නැති මිනිසුන්ට වෙන්නේ දිවිනහගන්න. අනෙක දේපළක් තියෙන කෙනෙකුට වුනත් බැංකුවෙන් ණයක් ගන්න පුළුවන්ද? මාස ගණනාවක් ගත නොකර. අනෙක් අතට කිසිම දේපළ ඇපයක් නැතුව දෙන ණයවල අවධානම අධිකයි. මේ ණයවලින් කොටසක් ආපසු අය කර ගැනීමට එම ආයතනවලටත් නොහැකි වේ. එහි පාඩුව ගෙවීමට සිදුවන්නේද අනෙකුත් ගණුදෙනුකරුවන්ටය. හිතා මතා ණය ගෙවීම පැහැර හරින අයට එරෙහිව නීතිය දැඩි කිරීම හා ස්වභාවික විපත් වැනි කරදර වලට මුහුණ දෙන ණය ගැණුම්කරුවන් සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වැනි දේවල් කළහොත් මෙම ආයතනයවලට අඩු පොළියට ණය දීමට හැකි වේ.
ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රම නවත්වන්න කරන්න ඕනෑ රජයේ හා වාණිජ බැංකුවල පොලී අනුපාත සියයට 7,8කට වගේ පහළ දැමීමයි.
කතාව ඇත්ත වෙන්නත් පුළුවනි, වැඩේ වැරදි වෙන්නත් පුළුවනි, නමුත් ගහල එලවන එක...? බලපුවම අර මර්වින් සිල්වාට දෙවෙනි නැහැනේ? එහෙම මිනිස්සුන්ට ගහල එලවනවා කියලා ජනාධිපතිගේ සහෝදරයෙක් ප්‍රසිද්ධියේ තර්ජනය කරද්දී රටේ නීතියක් මොකටද? මෙව්වට හුරේ දැමීමෙන් වෙන්නේ රටේ තවදුරටත් කැලෑ නීතිය පැතිරීමයි. වරදක් නම් දඬුවම් දෙන්න. තහනම් කරන්න, නීත්‍යානුකුල ක්‍රම තිබෙනවා නේද? රට එන්න එන්නම අගාධයට යනවා. යනවා නොවෙයි යවනවා...
අයිය වගේම කෙනෙක්.
ඒක අහෝසි කරවලා තමුන්ගේ ණය ක්‍රමයක් හඳුන්වා දෙන්නද හදන්නේ?
සල්ලි වැඩි පොලියට දෙන එක වැරදි නම් එම පොලියට ගන්න එකත් වැරදියි. ඕනෙම ව්‍යාපාරයක අදායම සහ වියදම බැලන්ස් කරගන්නේ නැතුව වැඩි පොලියට අරගෙන ආයෝජනය කරනකොට වෙන්නේ කඩාවැටෙන එක තමයි. ඒකට පොලියට දීපු මිනිහ පලිද ? අනික් අතට රටේ නීතියක් තියෙද්දී මෙයා කවුද කාටවත් ගහල පන්නන්න ? අර මහින්ද මහත්තය 2015 පොළොන්නරුවේදී බොහොම වේදනාවෙන් මතක් කලේ "කුරුප්පු" මෝලක් ගැන. ඒ ගහල පන්නල ගත්ත විදිහ අයියල මල්ලිලා. .
මෙයා මේ වැල්බයිල ගහනවා. රටේ මෙය පවත්වාගෙන යන සහල් මාෆියා ව නතර කරන්නේ නැතුව මේවා කියල වැඩක් නැහැ. ගොවියාගෙන් රුපියල් 35 ට වී කිලෝව අරන් සහල් කිලෝව 120/- ට විකුනනවා. ජනතාවට සහ ගොවියට සෙතක් වෙන්න නම් ඔන්න ඕවනේ මහත්තයෝ නවත්තන්න ඕනේ.
කාටවත් බලෙන් ණය දෙන්න බෑ මිනිස්සු අසරන වුනාම මේ ක්‍රමය ලොකු පිටුවහලක්. තහනම් කරනවානම් සියලු පොලී මුදලාලිලා ,රත්‍රං බඩු උගස් ,මයික්‍රෝ ලොන් ,සියල්ල නැවැත්විය යුතුයි. මේක සරල ආහාර දාමයක් දුප්පත්කම අනුව මෙය වෙනස් වෙයි ඔබතුමාට ඕනෑම බැංකුවකින් ණය ලබා ගත හැකි නිසා ඔබ ඔය කතාව කියනවා. බැංකුවේන් 18%ගන්න සුදුසුකම් නැති කෙනා ෆිනෑන්ස් කොම්පැණි වලින් 23% ගන්නවා ඒකෙන් ගන්න බැරි අය මයික්‍රෝ කොම්පැණි වලින් 36% ගන්නවා එවායින් ගන්න බැරි අය 20%මාසෙට ගමේ පොලී මුදලාලිගෙන් ගන්නවා
ඔච්චර දඟලන්න අවශ්‍ය නැහැ ඔබතුම සතුව තිබෙන ධනය යොදවල දිළිඳු පුද්ගලයන්ට සහන පොලියට නය දෙන්න මුල්යයතනයක් දමන්න එහෙම නැත්නම් ජනාධිපති තුමාට කියල දුප්පත් මිනිසුන්න්ට දැනට බැංකු වලින් දෙන පොලි අනුපාතය අඩු කරන්න
මේ හැරෙන්නේ මොකටද කියලා අපට තේරෙනවා. එමනිසා පලවෙනි සැරේම ලොප් කර ගත්තොත් ජනතාවට හොඳයි.
බැංකුවලින් නොසලකා හරින අයට ලොකු සේවයක් වෙනවා. අනික මේ ණයකරුවන්ගෙන් 95% පමණ ණය වෙලාවට ගෙවනවා. අතලොස්සක් පමණයි ගෙවීම පැහැර හරින්නේ. එදිනෙදා බිස්නස් කරන අයටත් මේකෙන් වාසියක් වෙනවා. මේ ක්‍රමය පටන්ගත්තේ ඉන්දියාවේ... එය එහි අතිසාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේකෙන් වැදුනේ ගමේ පොලී මුදලාලිලාට. ඇප නැතිව ණය දෙන නිසා ගමේ පොලී මුදලාලිලාට දුපත්තුනේ දේපල කොල්ල කා ගැනීමට නොහැකිවී තිබෙනවා.. අධිකාරි පවත්වාගෙන යන සහල් වෙළඳුන්ගෙන් නම් ගොවියාට වෙන්නේ විශාල හානියක්...