
(විනීතා එම්. ගමගේ)
බත්තරමුල්ල සෙත්සිරිපායේ සිව්වන මහලේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොවිඞ් ආසාදිත කළමනාකරණ සහකාර නිලධාරිනියගේ සැමියා මාළු වෙළඳපොළෙහි ව්‍යාපාරිකයෙකු බැවින් නිරෝධායනයේ සිටිය යුතු බවත් එසේ තිබිය දී ඇය සේවයට ආවේ කෙසේ දැයි පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමෘද්ධි අමාත්‍යංශ ලේකම්වරයා සහ යුදහමුදාපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
කොවිඞ් 19 රෝගය වළක්වා ගැනීමට සමෘද්ධි බලධාරින් වගකීමෙන් කටයුතු කර නැති බව මෙම සිද්ධියෙන් පැහැදිලි යැයි ද එම ලිපියේ සඳහන් වේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෙත්සිරිපායේ සිව්වන මහලේ පවතින අතර එම මහලේ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එහි කාර්ය මණ්ඩල තෙවන මහලේ සනීපාරක්ෂක පහසුකම් භාවිතා කරන බවත් එම සංගමය කියයි. ඊට අමතරව සියලු දෙනාම විදුලි සෝපාන ද භාවිතා කරන බැවින් සමස්ත සෙත්සිරිපාය ගොඩනැගිල්ලම අවදානමක පවතින බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළමනාකරණ සහකාරවරියට එරෙහිව හමුදාපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි
vidya Friday, 30 October 2020 04:36 PM
ඔය ප්‍රශ්නෙ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව නේද හොයලා බලන්න ඔනේ..