(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහර දීමට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් හා ඩිෆෙන්ඩර් රථය අද (19) රාත්‍රී පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඉකුත් 16 වැනි දින මෙම පහරදීම සිදුකළ අවස්ථාවේදී එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා පැමිණිල්ලක් කර තිබූ අතර ඊයේ (18) දින ගාල්ල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබිණි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ගමන් ගත් පුද්ගලයෙක් අද (19) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර වීමෙන් පසු අත් අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මහරගම ඇල්හේන ප්‍රදේශයේ නිවසක ඩිෆෙන්ඩර් රථය නවතා තිබෙන බවට මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව අද රාත්‍රීයේ පොලිස් බාරයට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත් අඩංගුවට ගනු ලැබූ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි හේවගේ ගාමිණි විජේසූරිය හා එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන පොලොන්නරුව අරලගන්විල පදිංචි සුසන්ත බණ්ඩාර නැමැත්තාගෙන් ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
COMMENTS
එදා මහා පාරේ කෙරුමන් වගේ හැසිරුණු අය දැන් බල්ලන් වගේ ඉන්නවා දකින්නත් ආසයි .
ජනාධිපති සිහින මැවූ ගණිත ගුරාත් ඉවරයි ! ඩෙෆෙන්ඩර් හුටපටේ නොවෙන්න එහෙම වෙන්න අපේක්ෂකයෙක් ගැන දැනන් හිටියේ නෑනේ. එන ජනාධිපතිවරණය සමහරවිට අපේක්ෂකයෝ හැටහුටහමාරක්ම ඉඳීවි වගේ... එක්කෙනෙක් අර රටේ නායකයා වුණා විතරයි පිස්සන් ඔක්කොටෝම ඕන නායකයා වෙන්න !
හපාකපු බල්ලෝ අල්ලලා වැඩක් නැහැ. උන්ට උසි කිව්වා, උන් හපාකවලා . උන්ව උසිගන්වපු හාම්පුතව තමයි සොයාගන්න අවශ්‍ය.
ලාංකිකයන් ඕනෑම දෙයකට අත ඔසවන සංකර සිරිතෙන් බැහැර වෙන්නෙම නැහැ. මේ ගැටීම් ඇතිකර ගන්නේ උඩඟුකම, පුහුමාන්නය ඔලුවේ තියාගෙන ඉන්න නිසයි. ඒ අය හිතන්නේ අපි ඉන්නේ රටේ බලවතෙක් ලඟයි අපිට උඩින් යන්න වෙනත් අයට බැහැ අපි මොන දෙයකට පැටලුනත් අපේ ප්‍රධානියා ඒවා ඔක්කොම බලාගනියි කියන මානසිකත්වයෙනි. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම නම් මෙරටේ තිබෙන පිරිසිඳු නීතිය ඉතා සුවසේ භුක්ති විඳිනවා. වාහනයකට ඉඩ නොදීම නොව වාහනයක් කුඩුවෙන්න හැප්පුවත් මිනිසෙකු විසින් තවත් කෙනෙකුට පහර දීමක් තබා බහින්බස් වීමක්වත් දකින්නට නම් නොලැබෙන තරම්ය. ඔවුන්ට එම හොඳ ගතිගුණ පුරුදුව තිබෙන්නේ බන පිරිත් අහලා නොවේ. උදේ සිට හවස දක්වා බන පිරිත් ඇසෙන ලංකාවේ ඇයි මේ ?
වීඩියෝ ගත කල අයට සහ බය නැතුව මෙය පැමිණිලි කිරීමට ඉදිරිපත් වූ රියදුරු මහතාට මගේ ප්‍රණාමය.
මෙසේ අහිංසක මිනිස්සුන් වෙත භිෂණය මුදාහරින අය සතු මෙම වාහන වල බලපත්‍ර අවලංගු කරන්න
මෙවන් නූගත් ආරක්ෂකයන් තබා ගන්නා හීනමානයෙන් පිරි මෝඩයන් දෙවරක් සිතිය යුතුය
මාධ්‍ය වගකීම වන්නේ මෙය යට ගැසීමට ඉඩ නොදි නවතම තත්ත්වයන් නිතර හෙලිකරමින් සිටීමයි.
2020 දැනට දෙන්නෙක් අවුට්..... කුණු මුදලාලි ගණිත ගුරයි
අර කතාවක් තියෙන්නේ රජ කෙනෙක් ආරක්ෂාවට කඩුවක් යාලු වඳුරෙකුට දීලා නිදාගත්තා කියලා... ඒක මතක් වුණා මේ කතාව දැක්කම...
අන්තිමය වෑන් රථයේ රියදුරු මොවුන්ට පහරදී අැති වගත්, මොවුන් ඉතා අහිංසක පිරිසක් වගත්, වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගතයුතු වගත් කියැවුණහොත් අපි පුදුම නොවෙමු. කිම්දයත් එයයි වර්ථමාන පාලනය...
ඔය ගහන ආරක්ෂක නිලධාරින් සියල්ලම පාහේ හිටපු හෝ පැනගිය හමුදා හෝ පොලිස් ඈයො නේද? මගේ අම්මෝ අද මම නම් එදා කොහොම ඉන්න ඇද්ද?
කවද්ද අපේ ශ්‍රී ලංකාව මේ මුඩුක්කු සංස්කෘතියෙන් මිදෙන්නේ? ජනාධිපතිලගේ ඉඳලා පදික වේදිකාවේ ඉන්න අයට යනකන්.. රස්තියාදු කාරයෝ. අයි.ආර්.සී. කාරයෝ.. මුඩුක්කුකාරයෝ.. ! මෙවැනි ප්‍රවෘතීන් අපේ රටේ ඉන්න විදේශිකයන්.. තානාපතිලත් කියවනවා නේද..? මේකද අපේ ජාතික සහ සංස්කෘතික " අභිමානය? "
මේ පොලොන්නරුව පැත්තේ බයියෙක්ද? මේ පැත්තේ ගණන් දාලා තිබෙන්නේ... මගේ කෙනෙකුට වුණානම් මම ... ඉතුරු හරිය පස්සේ.
මට නිකමට හිතුණා මේ සුනඛයින් රැල පොළොන්නරුවේ පැත්තේ වෙන්න ඕනෑ කියලා. බල්ලා ස්වාමියාගේ බලය ඔලුවට අරගෙන වෙන්නත් පුළුවන්... නැත්නම්, ගණන් උගන්වලා විතරක් මේ වගේ අවලම් වැඩක් කරන්න බැහැ. හා එහෙම නෙමේද?
දැක්කද දැනට දේශපාලකයෙක් නොවන නිසා පට ගාලා අත්අඩංගුවට ගන්නවා.. මේක ඇමතියෙකුගේ අය කළා නම් වෑන් රියැදුරු කූඩුවේ...
කෝ ප්‍රාඩෝ එක? කෝ එකේ හිටිය උත්තමයෝ? මුන් මේ වාහන අරගෙන ගිහින් කාටද පුප්පන්නේ? සුදු ඇඳගෙන ඉන්න මැරයෝ ගැන ජනතාවට කියන්න. මුන් ආරක්ෂක හමුදාවලින් පැනපු අය