IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කල්මුණේ ජනතාවගේ හූ හඬ මැද දයා ගමගේ - සුමන්දිරන් පිටව යති

(වසන්ත චන්ද්‍රපාල)

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කරදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන උපවාසය පස්වැනි දිනටත් පැවැත්වුණ අතර එම ස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතාට ජනතාව විරෝධය දැක්වූහ.

එම ස්ථානයට පැමිණි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ජනතාව ඇමතූ අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා  ජනතාව ඇමතන  අතර තුර එම ස්ථානයේ සිටි ජනතාව ඔහුට හූ තබමින් විරෝධය දැක්විය.

පසුව අමාත්‍ය දයා ගමගේ මහතා පැමිණ ජනතාව ඇමතූ අතර ඔහුගේ කතාවට ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් ඔහුට කතාව අතරමග නැවත්වීමට සිදුවිය.

දයා ගමගේ ඇමැතිවරයාට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයාට ජනතාව විරෝධය පල කිරීම හේතුවෙන් පොලිසීය මැදිහත්වී ඔවුන් දෙදෙනාව ඒම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු  ලැබීය.

 

 

 



අදහස් (10)

කල්මුණේ ජනතාවගේ හූ හඬ මැද දයා ගමගේ - සුමන්දිරන් පිටව යති

sam Friday, 21 June 2019 03:00 PM

නියම වැඩක්. හූ කියලා මදි මේ වගේ දේශපාලකයෝ පාර්ලිමේන්තුවෙනුත් එලවලා දාන්න ඕනෑ.

:       133       1272

Amila Friday, 21 June 2019 03:08 PM

ගම්මිරිස් ගොවීන් වනසපු අයට ඔහොම කරලා මදි... ගහන්න තිබුනේ බිම දාගෙන...

:       417       1512

Rasika Friday, 21 June 2019 03:34 PM

දැන්වත් මේ මැති ඇමතිවරුන්ට තේරෙන්න ඕනේ රටේ ජනතාව ඔවුන් ගැන දක්වන ආකල්පය. හැමදාම බොරුවෙන් දිනන්න බැහැ

:       0       2

Raveendra Friday, 21 June 2019 04:19 PM

අපරාදේ වසුරුවලින් නාවලම යවන්න තිබුනේ තිරිසන්නුන් ටිකම...

:       133       1173

isuru Friday, 21 June 2019 04:24 PM

මේවා මහින්දලාගේ මිනිස්සුන්ගේ නරක වැඩ...

:       3065       1380

siri Friday, 21 June 2019 08:58 PM

ඉසුරු, ඔයත් නැගිටලා තියෙන්නේ ඇදේ අනිත් පැත්තෙන්. ඇස් කන් ඇරගෙන කඩේ යන්න. නැතිව ඉබාගාතේ යන්න එපා.

:       0       1

දිලුම් Saturday, 22 June 2019 02:52 AM

මේ ඉසුරු නිකම් කහින්න එපා. මිනිසුන් අනිවාර්යෙන් මේ කාලකන්නි දේශපාලකයන්ට විරුද්ධව පක්ෂභේදයෙන් තොරව නැගිටින්න ඕනෑ. අපි එහෙම කරන්න පරක්කු වුණු එකේ ප්‍රතිවිපාක තමයි අපි අද භුක්තිවිදින්නේ. කල්මුනේ ජනයාට අපගේ උපහාරය. මේ රටේ සියළු මිනිසුන් මේ අයව මෙසේ ප්‍රතික්ෂේප කළ යුතුමයි.

:       0       1

චන්දන Saturday, 22 June 2019 05:48 AM

දෙමළ ජනතාව දැන දැන් තමන්ගේ වර්ගයාගේ දේශපාලකයන්ගේ නිරුවත අවබෝධ කර ගනිමින් සිටින බව පෙනේ... එය සහජීවනය වර්ධනය කර ගැනීම සඳහා යහපත් ප්‍රවණතාවයකි.

:       0       319

යාපා Saturday, 22 June 2019 05:55 AM

මෙවැනි අයට ගල් ගසන්නයි තිබුනේ...

:       0       213

Bamunuarachchi Monday, 24 June 2019 12:24 AM

මේ හාමුදුරුවෝ මුසල්මානුවන්ට සිංහල රටේ ඉඩම් බලතල දෙන්න ඕනේ කියා උපවාස කරන්නේ දෙවියන්ගේ හාල් කැවිලාද? සෝභිත හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ ඉඩම් බලතල මධ්‍යම රජයෙන් පිට නොයායුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1103 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site