
(සුමතිපාල දියගහගේ)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියක ගෙල වැලලා ගෙන සිටියදී බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25 වැනි වාට්ටුවට ඇතුළත් කර සිටි සිරකරුවෙකු අද (16) අලුයම පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ සේවා කටයුතු සඳහා යොදවා සිටි මෙම සිරකරුවා 14 වැනි දින බන්ධනාගාරයේ සිර මැදිරියක ගෙල වැලලා ගෙන එල්ලී සිටියදී මොහු බේරාගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25වැනි වාට්ටුවට ඇතුළත් කර තිබුණි.
අද (16) උදෑසන මොහු වැසිකිළියට යෑමට අවශ්‍ය බව පවසා පලා ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පලා ගොස් ඇති සිරකරුවා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ගාල්ල පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd