(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.
මේ හේතුවෙන් අද (23) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ, මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැත. එමෙන්ම අධිකරණ වෛද්‍යවරුන් විසින් දෛනිකව සිදුකරන, රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් පරීක්ෂා කිරීම හා විවිධ අතවරයන්ට පත්වන පුද්ගලයන්ට හා බීමත් රියදුරන් සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීම ඇතුළු සියළුම අධිකරණ වෛද්‍ය කටයුතු නවතා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමේ දී රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය හා නීතිඥ යූ.සී.පී.පෙරේරා පවසා සිටියේ මෙම මෘත දේහය කොරෝනා ආසාදිත මෘතදේහයක් බවට තහවුරුවීමෙන් අනතුරුව එය හැකි ඉක්මණින් ආදාහනය කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස් දී තිබිය දී අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් මෙම දේහය ආදාහනය කිරීම ප්‍රමාද වී ඇති බවයි.
කොරෝනා වයිරසය සක්‍රියව පවතින එම මෘත දේහය ශීතකළ කන්ටේනර්වල තැබීමට ඇතැම් පිරිස් යෝජනා කරන බවත් එය කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවත් විශේෂඥ වෛද්‍ය පෙරේරා කීවේය.
වෛද්‍යවරයා මෙසේද කීවේය.
"මේ මළ සිරුරෙන් අපි ඊයේ (22) දිනයේ දී ත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළා. ඒ පරීක්ෂණය අනුවත් ඒ සිරුරේ තවමත් කොරෝනා වයිරසය සක්‍රිය මට්ටමේ තිබෙනවා. එම සිරුරෙන් අපේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, හදිසි මරණ පරීක්ෂණ කර ගැනීමට දෛනිකව මෙම ඒකකයට පැමිණෙන සියලු දෙනාත් අවදානමට ලක්වෙලා තියෙනවා.
මේ සිරුර තබාගැනීමට අපට අවශ්‍ය ශීතාගාර නැහැ. ඇතැම් ආගමික කණ්ඩායම් ශීතාගාර බාහිරින් ගෙනවිත් සවිකරන්න යෝජනා කරනවා. ඒ සඳහා අපට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ මළ සිරුර ශීතාගාරයක තැබූ විට සති දෙකකට වැඩි කාලයක් කොරෝනා වයිරසය සිරුරතුළ සක්‍රියව පැවතීමේ අවදානමක් තිබෙනවා. මේ සියලු කරුණු සලකාබැලීමෙන් පසුව කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයේ දෙනාම තීරණය කළා මේ සිරුර ඉවත්කරන තුරු සේවයෙන් වැළකී සිටීමට"
COMMENTS
කෝ මේ වියත් ආණ්ඩුව?
සමහර නඩුකාරයින්ට නම් ඒ ගැන වැටහීමක් නැහැ. එයාලාට පුළුවන් කුඹුරට වෙලා මඩ නාන්න විතරයි.
මේ ආණ්ඩුව හත්පොලේ ගාගනිමින් සිටී. මේ විදිහට පළමු අවුරුද්දේදී ඇති වෙනතුරු අමනකම් කරගෙන ගැටුම් ඇතිකර ගත්තා කියන්නේ ඉතිරි අවුරුදු තුනේ වෙඩි තැබීම, වැඩවර්ජන විරෝධතා වලට යටවී කුජිතව ගෙදර යනවා කියන එකයි. හැම ප්‍රශ්නයක්ම උස්සලා දෙනවා අනෙත් පැත්තේ අයට ඩෑෂ් පහරක් ගහන්න පුළුවන් විදිහට. වලලනවද පුච්චනවද කියන ප්‍රශ්නය එනකොටම එක නීතියක් විතරයි කියල තදින් හිටියනම් ඉවරයි. අන්තිමට දෙපැත්තම තරහ කරගන්නවා. දැන් මහා ජාතිය තරහ කරගෙන ඒ වෙනුවට ජාතිවාදීන්ට කප්පම් දී පවතින්නට හදනවා.
බොහොම හොඳ දෙයක්.... එක නීතියක් නැති රටක මෙවැනි දේවල් සිදුවීම පුදුමයට කරුණක් නොවේ...
රටවල් 185 භුමදානයට ඉඩදිය හැකිනම් ජාතිවාදි නොවී ඔවුන්ගේ ඉල්ලිමට කන්දිය යුතුයි.
කරුණාකර ජනග්‍රහන වර්ධනය පාලනය කිරීමට නීති ගේන්න.... මේ ආගම් පිස්සො තව වැඩි වුණොත් අනිත් මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි.
අධිකරණ නියෝග, වෛද්‍ය විද්‍යා නිර්දේශ පසෙකලා තම ආගමික මතයම මත සිටිනා මේ මිනිසුන් නිසා රට යළි පත්වනුයේ මහා බිහිසුණු අවධියකට බව පෙනේ. අප සිතුවේ මේ රජය නිසි අයුරින් කටයුතු කරනු ඇතැයි කියාය. ඒත්, දැන් රට යන්නේ වෙනත් පැත්තකට බව පෙනේ. වෛද්‍යවරුන්ගේ තීරණය නිවැරදිය.
ශ්‍රී ලංකාවට මොකද වුණේ? ලංකාවෙ ඉන්නේ නියාලු දේශපාලකයෝනේ...
ඔබතුමන්ලාට රටේ පුරවැසියන් වන අපෙන් උපහාර...
ඒ වුණාට අපේ "අති විශේෂඤ ප්ලැනිකල් පුතාණෝ වෙදැදුරු" තුමා නම් අර මුස්ලිම් පල්ලියේදී අභිතව ප්‍රකාශ කරේ මුස්ලිම් මරණ භූමදානය කිසි වරදක් නැතිය. ආදාහනය කිරීම තුච්ච, නිවට ක්‍රියාවක්ය කියලා...
පාදෙණිය ධම්මික පැණියට යටවී නැට්ට වනමින්, බුරමින් තම හාම්පුතුන් රකින්නට වෙර දරන හැටි හරි අපූරුයි...
තම ආත්මාර්ථකාමී බව සෑමවිටම මහජනයාට පෙන්වන ආගමික උන්මන්තකයින්ට රට පාවාදෙනවද? නැතහොත් මෘතදේහය සමඟම වෛරස විනාශ කරනවද? මේකටවත් කෙලින් තීරණයක් ගන්න බැරි නම් තවත් කුමන කතාද? භූමදානය මෙරට කතෝලිකයින්ගේ ආගමික සම්ප්‍රදාය වුවත් වෛද්‍ය තීරණයට ඔවුන් ගරුකරනවා.