ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස් මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ය.
ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය නියෝජනය කරමින් සෙනට් සභික ධුරය හොබවන අතර ඇමෙරිකාවේ මීළඟ උප ජනාධිපති ලෙස දිවුරුම් දීම සඳහා ඇය එලෙස එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ය.
ජෝ බයිඩන් මහතා ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙසත්, කමලා හැරිස් මහත්මිය ඇමෙරිකාවේ 49 වැනි උප ජනාධිපතිවරිය ලෙසත් කැපිටල් ගොඩනැගිල්ලේ දී අනිද්දා (20) දිවුරුම් දීමට නියමිත ය.
කමලා හැරිස්ගේ ධුර කාලයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා මේ වනවිට කැලිෆෝනියා ජනපදයේ රාජ්‍ය ලේකම් ධුරය හොබවන ඇලෙක්ස් පැඩිලා නම් කිරීමට එම ජනපදයේ ආණ්ඩුකාර ගවින් නිව්සම් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව ඇලෙක්ස් පැඩිලාට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෝෂාභියෝග විභාගයට සම්බන්ධ වීමට අවස්ථාව උදා වේ
( රොයිටර්-055)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වීමට යයි