
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අප්‍රේල් 21 ප්‍රහාරයේදී බෝම්බයක් පුපුරවා කිහිපදෙනෙකු ඝාතනය කර, තවත් පිරිසකට තුවාල සිදු කළ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත, කඩු 6000 ක් මෙරටට ආනයනය කර ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (5) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදිය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවනු ලැබිය.
එම පෙත්සම සළකා බැලීම සඳහා ලබන 31 වැනිදා යළි කැඳවීමට එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ආරක්ෂක අංශ සිදුකළ විමර්ශණවලදී මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත මොහොමඩ් සෆ්රාස් නමැත්තා කඩු 6 000ක් ආනයනය කර ඇති බවත් , ඉන් කඩු 600 ක් රටතුළ බෙදා හැර ඇති ආකාරය හෙළි වී ඇතැත් සෙසු කඩු 5400 පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ දක්වා සොයා ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕවා තණකොළ කපන්නනේ ගෙනාවේ...
එතකොට අර පොලිසිවලට බාරදුන්නා. අපේ කඩුවලට මොකද වෙන්නේ?
සහරාන්ගේ බෝම්බ සෙල්ලමේ ඉතුරු හරිය කරන්නයි මේ කඩු ගෙනාවේ. මේ කඩු තවම නිදැල්ලේ නිසා බෝම්බ පලවෙනි කෙරුවාව තවම ඉවර නැත. එහි කොටසක් තව ඉතිරිව ඇත. මේවා ගැන සෙවීම අතපසු කරන්නේ කාගේ වුවමනාවටද?