(ප‍්‍රදීප් කුමාර)
පෙබරවාරි 26 හා 27 යන දින වලදී පැවැත්වීමට සැළසුම් කර තිබු යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍ය මෙවර දේව මෙහෙයකට පමණක් සීමා කිරීමට යාපනය කිතුණු සභාව හා අදාල අංශවල නිලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව කච්චතිව් දුපතට කිසිම හේතුවක් මත බැතිමතුන්ට අවසර ලබා නොදීමට මෙහිදී තීරණය කර ඇත.
ඒ අනුව යාපනය කිතුනු පුජකවරුන් කීපදෙනකු පමණක් නියමිත දිනයේ කච්චතිව් ශාන්ත අන්තොනි මුණිදුන්ගේ දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබේ.
සාමාන්‍යයෙන් මෙරට කිතුණු බැතිමතුන් හා ඉංදියාණු කිතුණු බැතිමතුන් වාර්ෂිකව කච්චතිව් දුපතේ මංගල්‍ය සදහා දින දෙකක් දූපතට පැමිණ දේව මෙහෙයේ නිරත වන අතර මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බැතිමතුන්ට සහභාගී වීමට අවසර ලබා නොදේ.
නාවික හමුදාව වෙනත් වසරවල මෙන් සහභාගී වන පිරිස සදහා පහසුකම් පිළියෙළ කිරීමක්ද සිදු නොකරණු ලබයි.
ඒ අනුව ඉන්දියානු බැතිමතුන්ටද මෙවර කච්චතිව් දුපතේ වාර්ෂික මංගල්‍යය නොපැවෙත්වෙන බැවින් එහි නොපැමිණෙන ලෙසට දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා හින්දා මිනිස්සුන්ගේ ආගමික කටයුතු පාලනය කරනවා නම් ඊට කලින් තැබෑරුම් ටික වහන්න ඕනේ. සිගරට් අලෙවිය තහනම් කරන්න ඕනේ... මිනිස්සුන්ට හිත හදා ගන්න තියන හැමදේම නවත්තලා දුරාචාරය විතරක් කරන් යන්න ඉඩදෙන එක වැරදියි.
අනේ, මට ඕවා නොතේරෙන නිසයි අහන්නේ, එතකොට අර ලෝක ප්‍රසිද්ධ ගායකයාට ඒ පැත්තේ පෙරහැරකින් රවුමක් ගොස් එන්නත් තහනම්ද?