(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12)දහවල් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරකු සහ මිතුරන් සිව්දෙනෙකු වන බව පොලිසිය පවසයි.
අද(12) සිරකරු දිනය නිමිත්තෙන් ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදී තිබූ අතර ඒ ඔවුන් ආහාර බඳුනක්ද රැගෙන පැමිණ ඇත. එය ලබාදීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමේදි එම ප්ලාස්ටික් බඳුන පතුලේ සුක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් සහ චාජර සොයාගෙන ඇත.
අධිකරණමය කටයුතු සඳහා සැකකරුවන් රත්ගම පොලිසියට බාරදී ඇත.




(ඡායාරූප- ගාමිණි මහඳුර)
COMMENTS
ඔය විදියටම අනික් පාතාල සිරකරුවන් බලන්න එන අයවත් පරීක්ෂා කරන්න. හොඳ හොඳ දේවල් හම්බවෙයි. මොවුන්ට එච්චර තේරෙන්නේ නැද්ද?
මුළු ලංකාවේම ඇස් මේ වගේ ගොන් වැඩකට යොමුකරලා පෙන්නන එක මොන මෝඩ කමක්ද? කලකට ඉහත නාමල් කුමාරයෙක් පස්සේ දුවලා මිනිස්සුන්ගේ අවධානය වෙන පැතිවලට යොමුවුණා. දැන් මේ හිඟන කන්ජිපානියෙක් පස්සේ අපේ ඔලුව හරවනවා. මීට වඩා හොඳ වැදගත් දේවල් අපිට නැතිද?
අැයි මේ පරයින්ගේ මුහුණු වසා තිබෙන්නේ පළමු ඡායාරූපයේ.. හිවලුන්ට, නරින්ට බැලුවද කරන්න පුළුවන් මාධ්‍යත් එයට උදව් කරන බවක් නම් අපට හැඟෙන බව කිව යුතුයි. මොවුන්ගේ මූසල මුහුණු මහජනතාව දැකගැනීම වැදගත් නොවන්නේද?
ඔච්චර ලොකු බකට් එකක එක හිරකරයෙකට බත් ගේනවද? පන්සලකට දානේ ගෙනියන බකට් එකක් වගේ ලොකුයි..
මෙතන වෙලා ඇත්තේ යම් අතපසු වීමකින් ඔවුන්ව පරීක්ෂා කිරීමට පොරොන්දු වී හිටපු නිලධාරියා වෙනුවට වෙනත් කෙනෙක් ඉඳලා. නැත්නම් ඔහොම බය නැතුව දුරකථන දෙකක්ම ගෙනෙයිද? කොමියුනිකේෂන් අප්සට් වෙලා වැඩ වරදිනවා කියන්නේ මේවට...
යකෝ, මාසෙටම කෑම ගෙනියනවද එකපාර..? මාර බඩක්නේ කන්ජිපාන් මල්ලිට තියෙන්නේ. 225ත් පරාදයි
මෝඩ හරක්... ඕක ජේලර් කෙනෙකුට ගාණක් එක්ක දුන්නා නම් නිකන්ම ඇතුළේ.
කන්ජිපානිට ගැලපෙන කෙනෙක්. ලැජ්ජාවත් තියනවා... මුහුණත් වහගෙන...
මොවුන්වත් දාන්න ඕනේ අවුරුදු ගාණකට ඇතුළට..
කට්ටියම ඇතුළට දාන්නා ඕනේ අවුරුදු ගාණකට...
සංහිඳියාව අබිලික් වෙයිද?
මොවුන්ට කන්නත් එක්ක අපිට සල්ලි හොයන්න වෙලා තියෙන්නේ... හැමදාම ගෙදරින් ගේන්න දෙන්න. එතකොට ගෙදර අයටත් එපා වේවි...
ඇයි ඇතුළින් සපෝර්ට් කරන අය කන්නේ නැද්ද?
මේ වගේ පරයන්ව ගිහින් දාන්න ඕනෑ අර අල්කට්‍රාස් හෝ ගොන්ටන්මෝ කියන මොකෙකුටවත් බලන්න යන්න බැරි ගියොත් ගියාම කියන තත්වයට ගිහින් වද විඳින දූපතකටයි.
අපරාදේ. ෆෝන් ඇතුළට අරන් යන්න දීලා, කෝල් කරන ඒවා මොනිටර් කරන්න තිබ්බේ. තව කට්ටිය අල්ලගන්න තිබ්බා.
හිරකාරයන්ට තහනම් ද්‍රව්‍ය ගෙනිහින් අහුවෙන මිනිසුන්න්ට අවුරුදු 5 සිට ඉහළට හිරදඬුවම් නියම කළා නම් මේ ප්‍රශ්නේ ටිකක් හරි විසඳගන්න පුළුවන්...