
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දැයට කිරුළ පැවති ඔයාමඩුව ප්‍රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවි ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අද (14) දින අනුරාධපුර පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමනමහතා මෙසේ ද පැවසිය.
ඔයාමඩුව ප්‍රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා අවශ්‍ය කටයුතු මේවන විටත් සිදු වෙමින් පවතිනවා.මේ සදහා දේශීය ආයෝජකයන් ඉදිරිපත් වි සිටිනවා. ඉදිරි වසර පහ තුළ රටට අවශ්‍ය ඖෂධ වලින් 50% ක් මෙරට නිපදවීමට කටයුතු කරනවා.
පෞද්ගලික රෝහල් වලින් සේවාවන් ලබාගැනිමේදි විවිධ මිල ගණන් මෙන්ම අධික මිලක් අයකිරිම පිළිබදව ජනතාවගෙන් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබුණා. විශේෂයෙන් රසායනාගාර පරික්ෂණ ගාස්තු, පෞද්ගලික රෝහල් ගාස්තු සම්බන්ධයෙන්. මේ නිසා ජනතාව පීඩාවට පත්කරන මෙම ගාස්තු අයකිරිම පාලනය කිරිමටත් දිවයින පුරා එකම මිලක් යටතේ ගාස්තු අයකිරිමටත් අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරනවා.
මේ සදහා ඉතා කඩිනමින් එම සේවවාවන් සදහා මිල සමිකරණයක් ඉතා ඉක්මණින් හදුන්වා දි අධික මිල ගණන් අයකිරිම නවතා ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.
COMMENTS
ඉතාම හොඳ යෝජනාවක්... හැකි ඉක්මණින් නිෂ්පාදන වැඩ ඇරඹීමට හැකි වේවා...!!!
අති විශිෂ්ඨයි සර්...
ඉතා හොඳ වැඩපිළිවෙළක්... ජයවේවා ජනාධිපතිතුමනි,...
පේනවා නේද ශීලාචාර අයගේ ආකල්ප කොතරම් විශිෂ්ඨද මේ වගේ අය මුළු ඇමති මණ්ඩලයේම සිටියි නම් මේ රට කොතරම් සුන්දරද?
දැනට ශ්‍රී ලංකාවේ කිසිදු ඖෂධයක් නිෂ්පාදනය නොකරයි. ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා අනෙකුත් ආයතන කරනුයේ ඖෂධය වෙනත් රටකින් ආනයනය කර අවශේෂ දෑ එකතු කර පෙති කරල් සෑදීමයි. ඖෂධ නිෂ්පාදනය සඳහා තාක්ෂණය හෝ විද්‍යාඥයින් අප රට සතුව නැත..
මෙවැනි දෑ හදුන්වා දී කරන දෙයක් වීම උසස්. සතුටුයි. බේත් හිඟය, දරන්න බැරි මිල ගණන්, දොස්තර මහතුන්ගේ බේත් නියම කරන විදිහ, දොස්තර මහතුන් හමුවන්න කරන ගෙවීම් සාධාරණ වීමත් විය යුතුයි.
ඔය වැඩේට බැස්සාම ඖෂධ සමාගම්වලින් ලැබෙන පිටරට චාරිකා ලබාගන්න එපා. මතකනේ ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාව කෙනාට වුණු සන්තෑසිය.
ඕනෑම බෙහෙතක් ගෝනිවලින් ඉන්දියාවෙන් ගතහැකියි. පිල් ප්‍රෙස් මැෂිමක් ගෙනාවාම ඖෂධ කර්මාන්ත ශාලාවක් හදන එක වැඩක් නෙමේ..