IMG-LOGO

එල්ටීටීඊය සමඟ සබඳතා ඇතැයි සැකපිට 7 ක් මැලේසියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සබඳතා ඇතැයි සැකකරන පුද්ගලයින් හත්දෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි.  

එම හත්දෙනා අතර දේශපාලනයේ නිරත පුද්ගලයින් දෙදෙනකු ද සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

2014 වර්ෂයේ සිට මේ දක්වාම මැලේසියාවේ තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට උදව් කිරීම, අනුග්‍රහය දැක්වීම, සාමාජිකයින් බඳවා ගැනීම සහ අරමුදල් රැස් කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත. 

ශ්‍රී ලංකාවේදී පරාජය කරන ලද එල්ටීටීඊ සංවිධානය නැවත ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරන බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් මැලේසියානු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී අයෝබ් ඛාන් මහතා  මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත.

(085)

 

 



අදහස් (7)

එල්ටීටීඊය සමඟ සබඳතා ඇතැයි සැකපිට 7 ක් මැලේසියාවේදී අත්අඩංගුවට

Bandara Thursday, 10 October 2019 08:47 PM

මෙහෙ ගෙනල්ල නිදහස් කරයි.

:       0       55

Dhammika Perera Thursday, 10 October 2019 09:48 PM

මේ වගේම ප්‍රවෘත්තියක් මීට කලින් තිබ්බ ඡන්දයක් ආසන්නයේ පල වුනා මතකයි.

:       6       19

wishwa Thursday, 10 October 2019 10:08 PM

තමන්ගේ රටටත් ලෝකයටත් ආදරය කරන පාලකයෝ සහ ආරක්ෂකයෝ ඉන්න රටක් ! දිගුකල් වැජඹේවා !!!

:       0       13

R. Senarathna Friday, 11 October 2019 02:02 AM

සංහිදියාව රැක ගැනීමට තිබෙනවා. දෙමල ඡන්ද ටික නිසා දෙමල්ලු තරහ කරගෙන බැහැ එනිසා වහාම නිදහස් කරන්න

:       2       14

sharm warn Friday, 11 October 2019 03:43 AM

මැලේසියාවේ රජයට තේරෙන දේවල් ලංකාවේ රජයට තේරෙන්නේ නැහැ.. හිතා ගන්න පුළුවන් ද මැලේසියාවේ මේ වගේ නැටුමක් නටන්න ගියා නම් කොටින්ට කොහොම සලකන්න තියෙන්න ඇති ද කියලා? ඒ තමයි රට සහ ජාතිය ගැන අවධානයෙන් ඉන්න රටවල්. අපේ තියෙන්නේ රට ජාතිය පාවලා දීලා පුළුවන් නම් ගානකට විකුනලා දාන්න බලාගෙන ඉන්න පාලකයෝ ටිකකුයි , අපිට පෙනෙන්න එක රංගනයක් ඉදිරිපත් කරගෙන යටින් වෙන වෙන ගේම් දෙන විපක්ෂයකුයිනේ. අපි මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එකත් පුදුමයක්..

:       0       15

විජිත් Friday, 11 October 2019 05:05 AM

පිළිතුර විකල්පයමයි. මහේෂ් ,නාගානන්ද, පල්ලෙවත්ත, අජිත් කොලොන්නේ ,ගාමිණී විජේසිංහ ,අජන්තා පෙරේරා... මේ අය අවංක චේතනාවකින් රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න පැමිණි අයයි. ඒ අයට අපගේ ඡන්දය දීමෙන් රට වෙනුවෙන් වටිනා යමක් ආයෝජනය කලාකියා අපට සදාකාලිකවම සතුටුවිය හැකියි කියා මම හිතනවා.

:       55       6

BamunuarachchiFriday, 11 October 2019 01:05 PM

කොහොමද දන්නේ අවංක චේතනාවෙන් ආවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site