IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක්

 

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ) 

එයාර් බස් හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706 ක පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

2020/2021 වසරවල ලැබීමට නියමිත තවත් එයාර් බස් හතරක ගිවිසුම් අවලංගු කර ඇති බව හා එයිනුත් මෙවැනිම පාඩුවක් විය හැකි බව එහි දැක්වේ.

මෙම වාර්තාව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 



අදහස් (31)

එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක්

Nimal Wednesday, 21 August 2019 09:46 AM

මහබැංකුව කඩපු අපේ ආර්ථික ඔස්තාර්ලාට ඕකත් වැඩක්ද? හැබැයි මහත්තයෝ... අහිංසක රටවැසියන්ගේ සල්ලි ඔහොම නාස්ති කරලා ඔබතුමන්ලා අන්තිමට කොහෙන් නතරවෙයිද දන්නේ නැහැ. මම කිව්වේ ඊළඟ ආත්මේ ගැන...

:       714       604

ruwanWednesday, 21 August 2019 10:03 AM

ඔබතුමා ඕක ගත්තා නම් වෙන පාඩුව ගෑනත් හොයලා බලලා ලියන්න..

:       235       108

SisiraWednesday, 21 August 2019 10:22 AM

ඔච්චර දේවල් වෙලාත් කඩේයන බත්කන හරක් තවම රටේ ඉන්නවා. හරි කණගාටුයි රට අගාධයට මිසක් ගොඩ යන්නේ නැහැ.

:       41       200

ISURANDIWednesday, 21 August 2019 10:42 AM

කියලා වැඩක් නැහැ ඒ ගැන නම්. මේ දේශපාලකයන්ට කඩේ යන වහල්ලු ඉන්නතුරු මේ රට සදා අනතුරේ..

:       33       100

ලුම්බිණි Wednesday, 21 August 2019 10:04 AM

දේශපාලකයින්ට මෙවැනි දේවලින් වෙන පාඩු කියා දෙන්න කෙනෙක් අද නැහැ. රජයේ නිලධාරීන් තමන්ට වාසි නම් ඕනෑම වරදකට ඉඩදීලා ඉන්නවා. මතක නේද හෙජින් ගිවිසුම? අන්තිමට පාඩුව කාටද?

:       130       136

nimal Wednesday, 21 August 2019 10:15 AM

අයියෝ.. එතකොට ඒ ප්ලෑනේ ගෙන්වන්නේ නැතිද? මම මේ බලන් ඉන්නේ අලුත් එකක නැගලා මත්තලටවත් ගිහින් එන්න. ඒකත් ඉවරයි.

:       85       99

dilal Wednesday, 21 August 2019 10:26 AM

මේ ගිවිසුම් අහෝසි නොකළානම් රටට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියා කරුණාකරලා ඔය කෝප් කමිටුවෙන්ම සොයාබලා කියනවද?

:       256       357

kamal Wednesday, 21 August 2019 10:36 AM

අයියෝ ඕක මොකද්ද? මොකද අපි අතේ සතේ නැති හිඟන්නන් රංචුවක් කියලා හිතුවද?

:       2       6

Jayantha Wednesday, 21 August 2019 11:20 AM

මේ ගිවිසුම අවලංගු කරපු හේතුව දන්නවද? නැහැනේ... ඒකයි ඕගොල්ලෝ මේ වගේ අදහස් දාන්නේ. මේ එයාර් බස් අවලංගු කලේ නැත්නම් අද මේ ගුවන් සේවය වහන්න වෙනවා. මේකට වග කියන්න ඕනේ MR ගේ මස්සිනා වන ගුවන් සේවයේ හිටපු සභාපතියි.

:       1159       708

SLWednesday, 21 August 2019 12:40 PM

වහන්න වෙන හේතු 5ක් කියන්නකෝ... ඕකම කීවා පොර්ට් සිටි එකට, ඕකම කීවා හම්බන්තොටට...

:       51       348

sanaWednesday, 21 August 2019 01:57 PM

වහන්න වෙන්නේ මේ එයා බස් යානා මඟින් ලාභ ලැබීමේ ක්‍රමයක් නැති නිසයි. ඒ යානා මිලදී ගත්තා නම් තවත් ගෙවන්න තිබ්බ මුදල හා පවත්වා ගැනීමේ පිරිවැය මේ පාඩුව ගණනය කරපු අය හිතලා නෑ. හරියට එදා වේල හම්බ කරගන්න අමාරු මනුස්සයෙක් ගෙදර අශ්වයෙක් ඇති කරන්න රුපියල් 10000ක අත්තිකාරමක් ගෙවලා පස්සේ ඒකෙන් ඉස්සරහට වෙන පාඩුව ගැන හිතලා අත්තිකාරම අත්හැරලා අශ්වයා ගන්න එක නැවැත්තුවාම අර 10000ක් පාඩුයි කියනවා වගේ වැඩක් මේක...

:       641       545

GihanWednesday, 21 August 2019 11:46 PM

සනා, අශ්වයා ලක්ෂයයි නම් දහදාහේ අත්තිකාරම නැති වුණු එක හොඳයි කියන්න නෙමේ, ලක්ෂයේ අශ්වයින්ගෙන් ලක්ෂ විස්සක් හොයන එක තමයි කලමනාකරණය කියන්නේ. ඒකටනෙ ආර්ථික ඔස්තාර්ලා පත්කරලා එව්වේ. ඔය කරපු ගොබ්බ වැඩෙන් පාඩුව දහ දාහයි නෙමේ. ලක්ෂ විස්සයි. ගලපාගෙන බලන්න...

:       2       10

යාපාThursday, 22 August 2019 01:11 AM

තවමත් ආණ්ඩුවට කඩේ යන දේශපාලන වහලුන් සිටිනා බවක් පෙනේ. මේවා කියන්නේ මේ ආණ්ඩුවෙන්ම පත්කරපු කමිටු... දේශපාලන අනාථයාට කීමට ඇත්තේ ගුවන්යානා ගෙනෙන්නේ ගෙදර තියාගෙන දුම් ඇල්ලීමට නොවේ. ආදායමක් ලැබීමටය. මේ පාඩුව තවත් දෙගුණ තෙගුණ වියයුතුය. හරිනම් තමන් වාහනයක් ගන්නේ කුමක් හෝ කර ආදායමක් ලබාගැනීමට විනා ආසාවට නොවේ. කුහකගැති ප්‍රකාශ කිරීමෙන්ම ඔබගේ දේශපාලන අනාථ බවනම් මොනවට පැහැදිලි වේ.

:       13       5

janatha anura UAEThursday, 22 August 2019 02:47 AM

ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති ගුවන් සේවයක්.... නව ගුවන් යානා ගැනීමෙන් වහන්න වෙන්නේ කොහොමද? එය දියුණු වෙන්න තිබුණා. මින් සිදුවුනේ වන්දි මුදල් ගෙවීමේදී විශාල වංචාවක් සිදුවීමයි. ඩොලර් කෝටි 67 වෙනුවට 83 දක්වා ගෙවා පැරණි අබලන් යානාවකුත් ගන්න සිදුවුණා මේ ගැන ප්‍රශ්න කලේ එජාප ලේකම් කබීර් හෂීම් තුමා... ඔබතුමාගේ දැන ගැනීම පිණිස 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ මේවට නොවේ. විදේශිකයන් අතර ඉතා පිළිගැනීමක් ඇති අපේ ගුවන් සේවාව රැක ගමු. පිටරට සිටින අපිට අපේ ගුවන්යානා දැකීමෙන් රට ගැන ඇතිවන ආඩම්බරය දේශපාලකයින්ට නැහැ. ඔවුන් මුදල් පසුපස යන සොරුන් රැලක් වී ඇත.

:       1       71

sudath Wednesday, 21 August 2019 11:42 AM

රටට ක්ලීන් මහත්තුරු වගේ හිටියට පෙනේද මහජන මුදල් සමග සෙල්ලම් කරන හැටි...?

:       22       60

chandima Wednesday, 21 August 2019 11:53 AM

ඇයි ඒ ඕඩරේ දෙනකොටම අරගත්තු කොමිස් කුට්ටිය භාණ්ඩාගාරයෙන් ආපසු ගෙවන්න වුණාම වෙන පාඩුව. මොකද කොමිස් ගත්තු එකාලා එව්වා ආපසු දෙන්නේ නැහැනේ...

:       12       67

lakei Wednesday, 21 August 2019 12:55 PM

මේ දෙගොල්ලොම එලවලා දාන්න කාලෙ හරිබව මේකෙන් තේරුම්ගන්න පිංවත්නි..

:       1       62

chandimaWednesday, 21 August 2019 02:21 PM

එපා එපා එලවන්න එපා. අපේ අයට හරියන්නේ මේ අයම තමයි.

:       0       59

Nanda Wednesday, 21 August 2019 02:45 PM

ඒවා ගත්තා නම් එකක් අ.ඩො.මිලියන 265. මුලු වියදම රු. බිලියන 650 හෝ කෝටි 65,000.00.

:       72       138

SugathWednesday, 21 August 2019 11:50 PM

ඔය ගුවන් යානා ගත්තේ බලබල ඉන්න නෙමේ. එයාර් බස් 8කින් එන ආදායම හිතලා බලන්න පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නම්. ඊටත් මේවා ඉල්ලලා තිබුනේ දැනට කුලී පදනම මත දුවන ගුවන් යානා වල තත්ත්වය අබලන් නිසා. ඒකට විසඳුම මොකක්ද දැන්?

:       1       1

SamanThursday, 22 August 2019 12:15 AM

සුපිරි ගණන් හැදීම...

:       0       1

rohana Wednesday, 21 August 2019 03:10 PM

කොමිස් එකේ පාඩුවද සහෝදරවරුන්ට නැතිවුනේ?

:       60       27

Chanak los angeles Wednesday, 21 August 2019 04:05 PM

ඔයිට වැඩිය පාඩු කරලා තිබෙන සාටක පවුලේ අර උදයංග කියන පුද්ගලයා රතු වරෙන්තු පිට විදේශයක සැඟවිලා ඉන්නේ. ඒවා මේ වහලුන්ට අමතකද? යානා නොගෙන සිටීමට වඩා තිබුණු තිබුණු යානාවලින් ගසා කාලා කර තිබෙන පාඩුව දරුණු නැද්ද?

:       527       255

යාපාThursday, 22 August 2019 01:14 AM

ඔව් නේද? මහබැංකු හොරකම. පෙලපොත්වලින් හොරකම. තව කොච්චර නම් කියන්න තියෙනවද? දේශපාලන වහලෙකුට කොහොමත් තමන්ගේ අතේ ඇති වැරදි නොපෙනේ..

:       1       4

janahitha sri Lanka Thursday, 22 August 2019 02:52 AM

ඔබ හරි, නමුත් මහබැංකු වංචාවෙන් රට අගාධයට යන බවත්, රුපියල අවපාතයකට ලක්වන බවත් වසර 20කට මෙය බලපානු ඇති බවත් කීවේ ඔය පැත්තේ ඉන්න ආර්ථික ආචර්යවරුන්, දැන් වංචාකරුවන් රටින් පැන ගොස් ඇත..

:       1       89

anura Thursday, 22 August 2019 03:02 AM

අනේ මං දන්නේ නැහැ ....

:       1       0

RIZWAN Wednesday, 21 August 2019 04:11 PM

බස් නිසා අපි කම්බස්...

:       0       2

විකුම් රංගන Wednesday, 21 August 2019 07:42 PM

මෙහි අදහස් පළ කොට ඇති බොහෝ දෙනෙක් සිංහයින් ලෙස සිතාගෙන සිටියත් ඔවුන් හිවලුන් බව තමයි මා හට නම් හැඟෙන්නේ.

:       0       2

sisira Wednesday, 21 August 2019 10:58 PM

අනේ ඔය සාටක පව්ලේ සේරම හොරු නැහැ.. අනේ අර බැසිල් මහත්තයා..!!! තමුන්ගේ රට දාලා මෙහෙ ඇවිත් ඔය සාටකේ දාගෙන වැඩ කරන්නේ.. පැරදුණාම ඉතින් ඔය සාටක දාලා හොරෙන්ම පැනලා යන එක ඇත්ත..!!! දුකේ බැහා දකිනකොට ... අපි ඉතින් වහල්ලු නොවැ අායුබෝවන්..!!!

:       0       2

Nandalal DE SILVA - France Wednesday, 21 August 2019 11:06 PM

අපරාදෙනේ.. මහින්ද මහත්තයා සංචාරය කරපු උගන්ඩාවේ, ස්වාසිලන්තයේ, ඉතියෝපියාවේ වගේ රටවලින් දහස් ගණන් ඉලඇට පෑදුණු, පිට කොන්දේ ඇලුණු "සංචාරකයන්" ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධනය වෙනුවෙන් අද්දවා ගැනීම සඳහා විශේෂයෙන්ම ඇනවුම් කරපු එයාර් බස් 4 එයාර් බස් 4 (ඔක්කොම 8ක්!), 2015 ජනවාරි අටවැනිදා විප්ලවයෙන් බලයට ආපු යහපාලන රජය විසින් අවලංගු කිරීම හරිම අසාධාරණයක් නොවේද? ඒ රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ අසිරිය විඳගන්න බැරි වුණා මෙන්ම, ඔවුන්ගෙන් උපයාගත හැකිව තිබුණු විදේශ විනිමයත් රටට අහිමිවීම ගැන මහින්ද මහත්තය බොහොම කණගාටු වෙනවා!!!

:       0       8

swadeena janahitha Thursday, 22 August 2019 02:56 AM

සමහරු අපේ රට විනාශ කර ඇත . සමහරු රටට වැඩ කර තමනුත් හම්බ කරගෙන ඇත. අවලංගු කිරීමෙන් හම්බකරන ක්‍රමය ඔවුන් දැන සිට නැත.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1880 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 957 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 758 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 361 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 626 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 568 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site