IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එන්නත් රැගත් යානය කටුනායකට

 

(ටී.කේ.ජී.කපිල )
 
 
කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීමට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5 ක් ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසින් අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .
 
                 
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානය මෙම එන්නත් තොගය අද (28) දහවල් 11.35  ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන  පැමිණියේය .
 
මෙම එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඇස්ට්‍රාසෙනිකා ආයතනය සමඟ නිපදවා සංවර්ධනය  ඇති අතර ඒවා ඉන්දියාවේ මුම්බායි හි  " සීරම් ඉන්ස්ටිටියුට් " ආයතනයේ නිෂ්පාදන කර ඇත.
 
මෙම ගුවන් යානයේ ශීතාගාරය තුළ එන්නත් ලක්ෂ 05 ක ප්‍රමාණය ඇසුරුම් 42 ක අසුරා තිබුණි . ඒවායේ මුළු බර කිලෝ  ග්‍රෑම් 1,323 ක් විය.
 
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 20 දෙනෙකු ද ශ්‍රී ලංකාව බලා පැමිණ තිබිණි. මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින් , කටුනායක ගුවන් තොටුපළ ආනයනය ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි. 

               
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට  නිල වශයෙන් භාර ගැනීමට උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය සමීපයෙහි සංවිධානය කර තිබුණි .
       
එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් .කේ.ජේකබ් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරුණි .
              
මෙම අවස්ථාවට කොවිඩ් මර්දන කටයුතු බාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ,  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , අමාත්‍ය  මහාචාර්ය චන්න ජයසුමන , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු තවත් මෙම රෝගය මර්දනය සදහා සම්බන්ධ වන පිරිසක් ද සහභාගී වී සිටියහ .
 
පසුව මෙම එන්නත් තොගය විශේෂ ශීතාගාර පහසුකම් සහිත ට්‍රක් රථ කීපයකින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගබඩාව වෙත රැගෙන යනු ලැබීය.

 



අදහස් (16)

එන්නත් රැගත් යානය කටුනායකට

Nuwan Thursday, 28 January 2021 06:27 AM

අනේ... කොරෝනා අරමුදල කියලා බිලියන ගණනක පරිත්‍යාග ලැබුණා. ඒවාට මොකෝ වුණේ? දැන් පිනට ලැබෙන එන්නත් විතරයි රටට ලැබෙන්නේ.. මේ අය සල්ලි දීලා අවශ්‍ය තරම් එන්නත් ගන්නේ නැහැ... ඔන්න බලන්න බොරු නම්. පිනට ලැබෙන ටික විතරයි.

:       89       166

Nihal Thursday, 28 January 2021 08:07 AM

ඒවාට කෙසෙල් හා වට්ටක්කා ගත්තා මතක නැද්ද?

:       21       24

Rata Perata Thursday, 28 January 2021 07:33 AM

මේ කාලකණ්ණි පාලකයෝ නිසා බෙහෙත් ටිකත් හිඟාකන්න වෙලා තියෙන්නේ. ඒත් කතාව නම් රට බේර ගත්ත මහා වීරයෝ වගේ. අපිට වෙලා තියෙන්නේ මේ අයගෙන් රට බේරාගන්න. තවත් නිදාගෙන හිටියොත් අපිට කියලා ආඩම්බරයෙන් කියන්න රටක් ලබන අවුරුද්ද වෙනකොටම නැති වෙයි.

:       49       43

Raveendra Thursday, 28 January 2021 07:36 AM

මෝදි එනකොට කළු කොඩි දාන්න කියපු වංශලා.. ඉන්දියාවෙන් පරිත්‍යාග කරපු සුව සැරිය වර්ජනය කරන්න මිනිස්සු උසිගන්වපු පාදෙණියලාටම ඉන්දියාවේ එන්නත් ලබා ගැනීමට වීම හරිම අපූරුයි. කොරෝනාවත් වසන්තයක් කරගත් දේශප්‍රේමීන් බාස් පැණි, මුට්ටි වලින් ජනතාව ගොනාට අන්දවලා අන්තිමට පිනට දෙන එන්නතෙන් ඇඟ බේරා ගන්නවා.

:       6       46

මංජුල Thursday, 28 January 2021 07:59 AM

අසල්වැසියාට ස්තුතියි...!!!

:       5       38

fairoos Thursday, 28 January 2021 08:10 AM

කෙළින්ම ජනාධිපතිතුමාව ඇවිල්ලා බාරගන්නවා කියන්නේ ඉස්සෙල්ලාම මේක රාජපක්ෂ පවුලේ අයට තමයි. අපිට ඉතින් පැණිය තමයි.

:       33       40

අරුන Thursday, 28 January 2021 08:42 AM

සුවසැරිය වගේ භයානක නෑලූ.. මේ බේත දොස්තර සංගමයේ එකක්. ඒකනේ සද්ද නැත්තේ...

:       6       27

පිටිගල මිලානෝ Thursday, 28 January 2021 08:52 AM

එන්නත් ලක්ශ 6කින් මොනවා කරන්නද? ඉතුරු අය වෙනුවෙන් මුට්ටි ටිකක්වත් බෝක්කුවකින් පහළට විසිකරන්න.

:       6       36

Prabha Thursday, 28 January 2021 09:11 AM

කාට දුන්නත් අර වාසුට දෙනවා එහෙම නෙවෙයි.

:       3       19

MISHAL-MATARA Thursday, 28 January 2021 09:40 AM

එක කාලයක් තිබුණා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලංකාවට එනකොට කළුකොඩි දාපු අයත්.. ඒ අය මොකද්ද කියන්නේ?

:       4       19

chNdima Thursday, 28 January 2021 09:58 AM

දෙයියෝ සදුන්නා වගේ වෙලාවේ හැටියට..

:       0       7

vikum Thursday, 28 January 2021 10:27 AM

අමතක නොකරන්න.. ඔය එන්නත ඉන්දියාවේ නිෂ්පාදනයක් බව. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඇස්ට්‍රාසෙනිකා ආයතනය සමඟ නිපදවා සංවර්ධනය ඇති අතර ඒවා ඉන්දියාවේ මුම්බායි හි "සීරම් ඉන්ස්ටිටියුට්" ආයතනයේ නිෂ්පාදනය කර ඇත. අපිට හොඳ වර්ගයේ එන්නත් දෙන්න ඉන්දියාවට පිස්සු නැහැ. අවුරුදු 72ක් නුඹලා රට කරලා අන්තිමට හදිස්සියකට ගන්න මුදලක් ඉතිරි කලේ නැහැ... අන්තිමට එන්නත් ගන්න සල්ලි නැහැ. ලෝකේ වටෙ හිගා කනවා, සල්ලි කෑවා මිසක් ඔය 225ම මිනිස්සු ගැන හිතුවේ නැහැනේ...

:       1       35

නන්නාදුනන හාදයා Thursday, 28 January 2021 11:18 AM

නියම ඉන්දියානු ප්‍රොඩක්ට් එකක්ද කියා දැනගන්න බෝතලය ඇතුළ පරීක්ෂා කරන්න. සාමාන්‍යයෙන් වීදුරු කැබලි දෙක තුනක්, හිසකෙස් කැබැල්ලක්, පරිප්පු ඇටයක් දෙකක් තිබුණොත් ඒ නියම ඉන්දියානු එන්නතයි. " හින්දුස්ථාන් කි ජායි හේ " ඉන්ජෙක්ෂන් එක ඉස්සෙල්ලාම ගහමු දේශපාලකයන්ට. ඒ අයට අාසාත්මිකතා ඇතිවෙලා...!!!

:       0       13

හඳුනමි ඔබ. Thursday, 28 January 2021 12:37 PM

ඒ ගොල්ලන්ට මොකවත් ගහන්න ඕනවෙන්නේ නැහැ. ජරාව කාලා පුරුදු නිසා මේ වයිරස් එක නතිං.. ඒකනේ ඉක්මනටම සනීප වෙලා ගෙදර යන්නේ... පව්, කිරිබත් කන්න බලාගෙන හිටපු කට්ටිය...

:       0       13

බද්රානි Thursday, 28 January 2021 04:36 PM

අපිට මේ මොකක් හරි බොරු එන්නතක් පෙන්වලා, අපේ අර වටිනා "පැණිය" හොරකම් කරගෙන ඉන්දියාවට ගෙනියයි කියලයි මම මේ බයේ ඉන්නේ....

:       0       0

Perera Thursday, 28 January 2021 06:37 PM

ජර්මනිවල ඔය එන්නත අවුරුදු 65 අයට දෙන්න එපා කියලා නිර්දේශ කරලා තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 105 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 148 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 425 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 174 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 329 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 732 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site