IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


එදා රංජනී.. අද අරුන්දතී..

ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ යශෝරාව නැංවූ, යශෝරාවය නාට්‍ය මෙන්ම එහි චරිත අදටද ඔබ මතකයේ ඇතුවාට සැක නැත. ඊට එක් උදාහරණයක් ලෙස රත්නාලාලනී ජයකොඩි සඳහන් කළ හැකිය. එදා ඇය එහි රඟපෑවේ ”රංජනි” නම් වූ චරිතයකි. අදටද බොහෝ දෙනාට ඇය ගැන මතකය ඇත්තේ ඒ රංජනී නමිනි.

 

රත්නා ලාලනී පවුල් සමාගම ගැන කතා කරයි

එදා එලෙසින් රංජනී වූ ඇය වේදිකාව ඔස්සේ රංගනයට අවතීර්ණ වූ අපූරු ශිල්පිණියකි. වැනීසියේ වෙළෙන්දා වේදිකා නාට්‍යයෙන් එදා කරළියට පිවිසි ඇය ඉන් අනතුරුව මනමේ නාටකයේ (මනමේ කුමරිය ලෙස) සුබ සැන්දෑවක්,  මායා දේවි ඇතුළු ශ්‍රී ලාංකීය වේදිකාවට දායාද වූ අපූර්වතම නාට්‍ය තිස්පහකට වඩා රංගනයෙන් දායක වී ඇත. රෝමය ගිනි ගනී ඇතුළු නාට්‍යය ගණනාවක රඟපෑම සඳහා සම්මාන ලද ඇය අද ද වේදිකාවට අමුත්තියක නොවේ. ”සඳ පළුවක් වී නුඹ වත්තෙන් තරු කැට ඊ වට විසිරී ඇත්තෙත් කෙටුවා වාගේ පුන් සඳ කැත්තෙන් කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්” අද ද ඇය වේදිකාවට එලෙස අවතීර්ණ වන්නේ ”ගුරු තරුව” නාට්‍යය වෙතිනි. වේදිකා ශිල්පිණියකට තිබිය යුතු රැඟුම සහ ගැයුමින්ද ඇය පොහොසත් වීම, ඇය සතු අපූරු හැකියාවකි. ”අන්තිමට මම ටෙලි නාට්‍යයක රඟපෑවේ අජිත් ලොකුගේ කළ ”විහඟ ගීතයේ”. ඉන් පස්සේ අවුරුදු තුන-හතරක් යන කල් රඟපෑවේ නැහැ. ඒත් මේ අවුරුද්දේ දි ශ්‍රීයානි අමරසේන මහත්මියගේ ටෙලි නාට්‍යයක රඟපෑවා. එය ළඟදීම විකාශයට නියමිතයි.” රත්නා සුපුරුදු ලාලිත්‍යය පෙරදැරිව විස්තර කියන්නට පටන් ගත්තාය. වේදිකා රංගනයේ යෙදුණ ද, ඇය  ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයෙන් තරමක් දුරට ඈත් වන්නට හේතුව, ගුරුවෘත්තියේ නියැලීමය. කොළඹ රාජකිය විදුහලේ නාට්‍ය හා රංගකලාව විෂයය බාර ගුරුවරිය රත්නාය. ශ්‍රීයානිගෙ ටෙලි නාට්‍යයේ රඟපෑමට අමතරව, ස්වාධීන රසවාහිනිය ළඟදීම ගෙන එන ”සඳා” ටෙලි මාලාව සඳහා ද ඇය රංගනයෙන් එක්ව සිටින්නීය. ”ඒ නාට්‍යයේ කතාව හොඳයි. ශාන්ත සොයිසා අධ්‍යක්‍ෂණය කරන එහි මා රඟපාන්නෙ ”අරුන්දතී දෑල බණ්ඩාර” ලෙසයි. මම අරුන්දතී වෙද්දි මගේ සැමියා සම්පත් තෙන්නකෝන් සිටුමැදුර සහ සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත‍්‍රපටයේ මේ දිනවල රඟපානවා. සඳා නාට්‍යයේ රඟපාන එක එතරම් කාර්ය බහුල නැහැ. පුතාගේ සාමාන්‍ය පෙළ කටයුතුත් හමාරයි. ඒ වෙනකල් මම මොනවත් බාර ගත්තේ නැහැ. පුතා සාමාන්‍ය පෙළ ඉතා හොඳින් සමත් වුණා. දැන් වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරනවා. එයා ඉගෙන ගන්නෙත් රාජකීය විද්‍යාලයේමයි.” රාජකිය විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කිරීම ඔබට ආඩම්බරයක්ද කියා අපි රත්නාගෙන් විමසීමු. ”ඔව්, මට ඒක ලොකු ගෞරවයක්” විදුහල්පතිවරු තිදෙනකු යටතේම වැඩ කරන්න ලැබුණා. ඒ අය මෙන්ම සමස්ත ගුරු මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය හරිම ඉහළයි.” එවිට ඇය කීවාය. සැබැවින්ම මේ කලා අංශයේ කටයුතු නිසාත්, සිසුන් එම අංශයෙන් සමස්ත ලංකා තරගවලට දායක වී ලබන ජයග‍්‍රහණ ගැනත්, ඇය සතුටින් පසුවන්නීය.  

මේ ටීචර්ට උගන්වද්දි ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

”ඒ ප‍්‍රතිචාර නම් හරිම ඉහළයි. ළමයි ගොඩාක් ඒ කටයුතු අගය කරනවා. විෂය නිර්දේශයට ඇතුළත් ”තල මල පිපිලා” නාට්‍යයේ මහේෂිකා නමින් මා රඟපානවා. සමහර දවස්වලට ඒ නාට්‍ය නරඹන්න මම ළමයි ටික එක්කගෙන යනවා. එහෙම ගිහින් නාට්‍ය රඟපාද්දි, සමහර ළමයින්ට හරි පුදුමයි. මේ අපි එක්ක ආව ටීචර් ද රඟපාන්නේ කියලා? එහි මම රඟපාන්නෙ බටහිර තාලයට හුරු චරිතයක්. අසූව දශකයට අයත් ඇඳුම් තමයි එහිදී අඳින්නේ. එවිට ළමුන් මට කියන්නේ ඇයි ටීටර් ඔයිට වැඩිය ඒ චරිතයට ගැලපෙන නව තාලයේ විලාසිතා තියෙනවා නේද කියලයි. ඇත්තටම එයාලගෙ රසවින්දනය හරි ඉහළයි. සියල්ල ගැන හොඳට අවබෝධයක් වගේම අපි නොදකින පැති එයාලා දකිනවා. ඉගෙන ගනිද්දි වුණත් කලා විෂයය ඉගෙන ගන්නෙ හරිම උනන්දුවෙන්. සමහර විට අපි රඟපාන ශිල්පිනියක් නිසා ඒකත් ඊට හේතු වෙන්න ඇති. දෙමාපියන් පවා හරි උනන්දුයි. මගේ අනෙකුත් ගුරු මණ්ඩලය මෙම අංශයට ළමයි යොමු කරමින් මාව නිතර අගයනවා. ඇත්තටම රෝයල් එකේ දරුවන් ඉගෙනීමට දක්‍ෂ වගේම කලා අංශයේ වැඩවලටත් හරි දක්‍ෂයි”. රත්නා තමා උගන්වන පාසල ගැන අභිමානයෙන් කතා කරන්නේ එලෙසිනි. මෙකී කටයුතු සියල්ල වෙනුවෙන් තමාට සැමියා සම්පත්ගෙන් නොමද සහායක් ලැබෙන බවත් ඇය කීවාය. සම්පත් දැන්වීම් අංශයේ නිර්මාණශීලී කටයුතුවලට අමතරව වේදිකා හා සිනමා නිර්මාණ ප‍්‍රදර්ශන කටයුතු සඳහා නිතර විදේශ සංචාරයන්හි නිරත වෙයි.  

තරුණ වයසේදීම ලොකු පුතෙකුගේ මවක වීම ගැන ඇය හිතන්නේ කොහොමද? ඒ ගැනත් අපි විමසීමු.

ඇත්තටම මේ පුතා උපන්නෙ 95 අවුරුද්දේ. ඊට පෙර 92 දී උපන්න පුතා නැති වුණා. ඇත්තටම මේ පුතා ඉතින් අනෙක් සෑම දෙමාපියන්ටම වගේ අපටත් ලොකු සම්පතක්. පුතා හරි ස්වාධීන චරිතයක්. එයාගෙ ස්ව උත්සාහය මත නැගී සිටින්න ආසයි. රඟපාලා නම් නැහැ. ඒත් සංගීතයට දක්‍ෂයි. සමහර විට කවදා හරි එයා සංගීත අධ්‍යක්‍ෂණ කටයුතු කරාවි කියලා මම හිතනවා. පුතා අඩි 6යි අඟල් 2ක් උසයි. ඒ උස ප‍්‍රයෝජනයට අරගෙන ක‍්‍රීඩා කරාවි කියලත් හිතුවා. ඒත් එයා විභාගයට තමයි ප‍්‍රධානව මුල් තැන දුන්නෙ. එලෙසින් පුතු ගැන සෙනෙහසින් කතා කරන රත්නාගේ වේදිකා නාට්‍ය දිවිය ගැන කතා නොකළොත් ලොකු අඩුවක් වේවි. ඒ නිසා ඒ ගැනත් අපි විමසීමු. ”අබිනයන” කියලා අපි නාට්‍ය උළෙලක් කරන්න සූදානම් වුණත් එය කල් ගියා. ඒත් සුබ සැන්දෑවක්, පුත‍්‍ර සමාගම, මායාදේවි වැනි පැරණි නාට්‍ය නැවත නිර්මාණය වෙනවා. දැන් ඒවාට ලැහැස්ති වෙනවා. ඒ අතරේ අපි කොහොමටත්, නාට්‍ය, ගීත, ජවනිකා ප‍්‍රසංග කරගෙන යනවා. දිද්දෙණිය, රොඞ්නි වර්ණකුල සහ තව කීපදෙනෙක් එකතුව එය කරන්නේ නාට්‍ය, ගීත රසයේ අපූර්වත්වය පේ‍්‍රක්‍ෂකයාට දීම සඳහායි. ගුරුවරියක සහ නාට්‍ය වේදිණියක ලෙස රත්නාගේ ජීවිතය ගෙවෙන්නේ එලෙසිනි. ඒ ගෙවෙන ජීවිතයට සම්පත් ලැබීම ඇය ගත් නිවැරදි තීරණයක් බව ඇය පැවසීය. මේ සියල්ල අතරේ රත්නාගේ පරපුරේ, ගීතා කාන්ති අක්කා, බිමල් ජයකොඩි පුතා, රශීපබා දියණිය ඇතුළු මේ පවුලේ කලා පිරිවර එකතු වී නිර්මාණයක් කළොත් හොඳයි නේද? අවසන අපි ඇයගෙන් විමසීමු. ”ඇත්තටම එහෙම අදහසක් නම් තියෙනවා තමයි. අපේ ගීතා අක්කා, මම, සම්පත්ට අමතරව පබා දුව සහ බිමල් පුතා ඇත්තටම රංගනයට හරි දක්‍ෂයි. ඊට අමතරව බිමල්ගෙ මල්ලි එරන්ද සංගීත නිර්මාණකරුවෙක්. අපේ පොඩි අයියගෙ පුතා රංග අමල්, වේෂ නිරූපන ශිල්පියෙක්. දැන් අපේ පවුලට එක්ව සිටින සුජානි මේනකා දුවත් (බිමල්ගෙ බිරිඳ) හොඳම දරුවෙක්. එයා ගැනත් අපට ආඩම්බරයි. අපි හැමෝම එකතු වෙන්නේ ඉතිං තෙල් ගාන අවුරුද්දට තමයි. එදාට අයියලගෙ ගෙදරට කට්ටියම එනවා. පුංචි සංගීතයකුත් පවත්වනවා. සුජානි සිංදු කියන්න ලැජ්ජයි. ඒත් ඉතිං එදාට අපි එයාවත් කොහොම හරි වැඬේට දායක කරවා ගන්නවා.

 

ඡායාරූප/සටහන - සඳුන් ගමගේ



අදහස් (0)

එදා රංජනී.. අද අරුන්දතී..

උදයංග Monday, 03 December 2012 03:02 PM

ඉස්සර ප්‍රවෘත්ති කිව්ව. දැන් පේන්න නැති නිසා ගොඩක් දුකයි . ඒත් අමතක වෙන්නෙනම් නෑ..ඔයාලට සුබ අනාගතයක් (ස)

:       0       0

නිව්ටන් Monday, 03 December 2012 03:57 AM

ආඩම්බරයි .. මම සුභපතමි (දී)

:       0       0

චින්තක Thursday, 13 December 2012 04:21 PM

ගායනය ඉතාම විශිෂ්ටයි. රංගනයත් එහෙමයි. අපි හරිම කැමති නිළියක්. ඔබටත් පවුලේ අයටත් සුභ පතනවා. (නි)

:       0       0

සුමල් Tuesday, 04 December 2012 04:07 AM

සුබ පැතුම් !!!! (ස)

:       0       0

චාමර Wednesday, 12 December 2012 05:57 AM

දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් ..සුබ පැතුම් ! (ස)

:       0       0

ලකී Tuesday, 04 December 2012 04:20 AM

ඔබට සුබ පතන්න (ස)

:       0       0

සුදත් Wednesday, 05 December 2012 03:36 AM

නවක නළු නිළියො මේ වගේ අය ආදර්ශයට අරගෙන වැඩ කරනවානම්, නම කැත කරගන්නෙ නැතිව, සාර්ථකව රංගන වෘත්තියත් කරගෙන, පවුල් අවුල් කරගන්නෙ නැතිව ජීවත් වෙන්න තිබුනා. (ත)

:       0       0

ඩෑම් Saturday, 08 December 2012 05:33 AM

මට ඔබේ තරුණ බවේ රහස පවසනවාද? (නි)

:       0       0

සනත් Wednesday, 12 December 2012 06:59 AM

ඔයාලා අද නලු නිළියන්ට ආදර්ශයක්. (නි)

:       0       0

නිශාන්ත Monday, 03 December 2012 04:20 PM

ඔබ රගපැමට දක්ෂයි ගායනයටත් ඉතා දක්ෂයි සුභ අනාගතයක් ...........(ස)

:       0       0

කත්තොට Thursday, 06 December 2012 09:29 PM

අපි කැමතිම රංගන යුවලක්. ඔබට ජය! (නි)

:       0       0

ෂ්‍යාමෙල් Saturday, 08 December 2012 04:12 PM

ඔවුන්ගේ හඩ ඉතා පැහැදිලියි. ඔවුන්ටම ආවේණික වූ හඩක්. (නි)

:       0       0

දයා Monday, 03 December 2012 09:45 AM

ඔබ සසර සුවහස් ටෙලිනාට්‍ය යේ රඟපාන ගුරුවරියගේ චරිතය මම බොහොම අගය කරමි .(ස)

:       0       0

සෑම් Monday, 03 December 2012 04:55 PM

ඔබ සදා අමරණීයයි (දී)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 03 December 2012 10:01 AM

මම ආස කරණ යුවලක් , සුබ පැතුම් (ස)

:       0       0

හේමන්ත Monday, 03 December 2012 10:39 AM

ඔබ රටට ගෞරවයක් (දී)

:       0       0

පනාගොඩ Monday, 03 December 2012 05:04 PM

දකින්නත් ආසයි (දී)

:       0       0

තිවන්ක Sunday, 16 December 2012 02:28 PM

ගොඩක් ලස්සන පවුලක්, අපි ගොඩක් කැමති නිලියක්. ලස්සන අනාගතයකට සුබ පැතුම්. (නි)

:       0       0

වසන්ති Thursday, 03 January 2013 12:05 PM

ඔබ වැනි දක්ෂ කලාකරුවන් දැන්නම් දකින්නවත් අමාරුයි. (නි)

:       0       0

ගුණසේකර Monday, 03 December 2012 11:27 AM

ඔබගේ රංගන හැකියාවට ගරු කරමි (දී)

:       0       0

ජයන්ත Thursday, 06 December 2012 04:11 PM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

සංජය Tuesday, 04 December 2012 03:04 PM

ඔබට අපේ සුභ පැතුම් (දී)

:       0       0

වාසලා Tuesday, 04 December 2012 03:15 PM

ගජමන් නෝනා නාට්ටියේ ගායනා වන "නෝනගේ අම්බලමට මම එනවා කියන්න එන් කිරි කෝඩුලාට පඩුරක් වෙන්කරන්න" ඒ ගීතය සඳහන් වෙන ස්ථානයක් (අන්තර්ජාලයේ) සඳහන් කරන්නකෝ කවුරු හරි (දී)

:       0       0

දිනේෂ් Friday, 07 December 2012 03:51 AM

මේ රටේ සම්පත්. (නි)

:       0       0

චින්තක Wednesday, 05 December 2012 02:26 PM

ලක් කලාවට වැදගත් දේවල් දායාද කර යුවලක් (ස)

:       0       0

ජයන්ත Wednesday, 05 December 2012 02:29 PM

පබා නාට්‍යයේ සම්පත්ගේ රඟපෑම ඉතා විශ්ෂ්ටයි (ස)

:       0       0

සංජීව ද සිල්වා Tuesday, 25 December 2012 04:58 PM

නියමයි..!(නු)

:       0       0

ලාල් මිල්ටන් (මාළදිවයිණ) Tuesday, 04 December 2012 03:38 PM

මම අසම නිළිය ඔබට දිර්ඝායු .(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 05 December 2012 02:47 PM

පුතානම් චන්ඩියෙක් වගේ (ස)

:       0       0

බන්ඩාර Friday, 28 December 2012 10:55 AM

ඔබට නිදුක් නිරෝගී සුබ නව වසරකට අපෙන් ආසිරි (ස)

:       0       0

අනුර Tuesday, 04 December 2012 03:44 PM

ඔබේ පවුල ගැන අපිට ආඩම්බරයි .(ස)

:       0       0

ජීවා Monday, 03 December 2012 07:40 PM

වැදගත් නිලියක්. ඇත්තටම සතුටුයි .(ස)

:       0       0

නිරාන් Sunday, 02 December 2012 06:56 PM

ගොඩක් ලස්සන පවුලක්, අපි ගොඩක් කැමති නිලියක්. ලස්සන අනාගතයකට සුබ පැතුම් (ස)

:       0       0

රසික Tuesday, 04 December 2012 11:57 AM

මුළු හදවතින්ම සුභ පතනවා මම ඔබට (දී)

:       0       0

චන්දන Sunday, 06 January 2013 03:46 AM

මම සුභ පතනවා ඔබට (දී)

:       0       0

දීපානි Saturday, 08 December 2012 08:28 PM

ගායනය නම් හරිම විශිෂ්ඨයි. රංගනයත් එහෙමයි. මම හරිම කැමති නිලියක්. ඔබට සුභ පතනවා! (නි)

:       0       0

සරා Monday, 03 December 2012 02:14 PM

ඔබ‍ගේ රංගනය ඉතා විශිෂ්ටයි. සුබ පැතුම් (ස)

:       0       0

සේපාලි Friday, 07 December 2012 09:02 AM

මම ඔයාලව දකින්න හරිම ආසාවෙන් හිිටයේ. ඒත් දැන් දකින්න නොලැබෙන එක ගැන දුකයි. (නි)

:       0       0

කෝලිත Friday, 07 December 2012 10:45 PM

ඔබට සුභ පතුම් (දී)

:       0       0

අචිනි Monday, 03 December 2012 02:35 PM

ආදර්ශමත් ලස්සන පවුලක්. ම‍ගෙන් සුභ පැතුම් (ස)

:       0       0

මන්ද්‍රි Saturday, 08 December 2012 08:50 PM

ගායනය ඉතාම විශිෂ්ටයි. රංගනයත් එහෙමයි. අපි හරිම කැමති නිළියක්. ඔබටත් පවුලේ අයටත් සුභ පතනවා. (නි)

:       0       0

තීක්ෂණ Thursday, 27 December 2012 02:07 PM

මම ඔබගේ මුලු පවුලටම සුබ පතනවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 December 2012 10:43 PM

අපි ආස කරන රංගන පවුලක් .සුබ පැතුම් .(ස)

:       0       0

සමර Monday, 03 December 2012 11:04 PM

ඔබට මගෙන් සුභපැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2024 මැයි මස 03 5 0

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැම


දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට
2024 මැයි මස 03 177 0

බිරිඳ විදේශ ගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැව


ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි
2024 මැයි මස 03 103 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනා


ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
2024 මැයි මස 03 140 0

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන


අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස
2024 මැයි මස 03 84 0

වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්‍රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යගාරය සහ වාට


ආගමන විගමනයට ජනතා විරෝධය
2024 මැයි මස 03 710 0

ගුවන් තොටුපළ සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ඉන්දීය සමාගමට පැවරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්ගම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 466 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1894 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site