(නිමන්ති රණසිංහ)
කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.
මෙම සාකච්ඡාව හෙට (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතව ඇතැයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් මෙම හමුව සදහා සහභාගී වීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා සදහන් කළේය.
COMMENTS
දැන් මන්ත්‍රී වරු නැහැ. හිටපු මන්ත්‍රීවරු?
හොඳ සල්ලිකාර මන්ත්‍රීවරුනේ. අත් දෙක වනවනා යන්නේ නැතුව කොරෝනා අරමුදලට පරිත්‍යාගයක් අරන් යන්න.
මේ ඇදිරි නීති පනවල 6 ට ලිහිල් කර 2 පනවන කාලසීමාව හොදටම මදි නිසයි ජනතාව විශාල වශයෙන් නගරයට එන්නේ අත්‍යවශ්‍යම දෙයක් අරගෙන ගෙදර දුවන්නේ..., මේ ආශාවකට එන ගමනක් නොවෙයි, අඩු තරමින් සවස 6 දක්වාවත් දීර්ග කල යුතුයි. එහෙම නොකොළොත් රෝගීන් වැඩිවීමක් වෙන එකයි වෙන්නේ. රෝගීන් වැඩි උනේ සුළු පිරිසක් එය වසන් කිරීම හා පවුලේ අය සමගම නිරෝදායනය වෙන්න ගිහින් ,පවුලේ සියලු දෙනාටම බෝවුණු එකය. ගෙදර නිරෝදනය වෙන්න ගුවන් තොටින් නීතියක් අනුව කීවා නම් ඔබ ගෙදරට යනවිට දරුවන් දෙමව්පියන් අසල්වැසි නිවසක හෝ ඥාති නිවසකට ගිහින් හිටය යුතු බව. (හිතල කරන්න මොලයක් නැනේ ) ඔබ තනියම නිරෝදනය විය යුතුයි. අනිත් කාරනේ මේ ඇදිරි මුළු දිස්ත‍්‍රික්කයකම දානවට වඩා අදාල ගම ,නගරය නිවාස ලොක් ඩවුන් සීල් තබා ෆාමසිය ,බැංකුව සහ ආහාර වෙළද සැල් කීපයක් පමණක් විවුර්තව තිබ්බොත් නගරයක පාරිබෝගිකයන් සුළු පිරිසක් පමණයි ඉන්නේ .මේ වෙලාවේ නගරයට කිසි කෙනෙක් කැමැත්තකින් එනවා නොවෙයි...
පොහොට්ටුවේ මැති ඇමතිවරු ජනපති අතරමන් කර හෝ තනිකොට ඇති මොහොතක එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවී ඔහුව ශක්තිමත් කිරීමට කටයුතු කිරීම අගය කල යුතුවේ....
කාට හෝ මෙය නෙත ගැටුනොත් ජනාධිපතිතුමාට කියන්න අමතක කරන්න එපා...
බාර් ලයිසන් වැඩිමනක් තියෙන්නේ හිටපු දේශපාලකයන් 225 අතේ... ඒවා නැවත ඇරගන්න පුලුවන්ද කියල බලන්න යනවා ඇති.
ජනාධිපතිතුමනි පරිස්සෙමින් ඔය අතර අනිවාර්යෙන්ම කොරෝනා ආසාදිතයන් ඉන්නවා. ඔය එන්නේ කරගෙන යන වැඩ පිළිවෙල කඩා කප්පල් කිරීමටය. නැතිනම් අහවල් අය මළොත් පුළුස්සන්නේ නැතිව තියන්න කියන්න.
ජනාධිපතිතුමා... , කරුණාකරලා මේ ගොල්ලන්ට වැඩ කොටසක් බාර දෙන්න. නිකම්ම කයිවාරු කියකිය අතන මෙතන විවේචනය කරනවා වෙනුවට සතොසේ ආහාර පැකට් කිරීම.., ගෙවල් වලට ආහාර බෙදීම , බෙහෙත් හේත් බෙදීම මේ අයට පවරන්න... ගම්මන්පිලල , වීරවන්සලටත් ලොරි ටිකක් දීල එලොලු ලොරි එලවන්න දමන්න. නැතිනම් පාර්ලිමේන්තුවට ආයෙමත් ආවොත් පරණ සෙල්ලමම තමයි කරන්නේ... වාසුදේවට මීටර් දෙකේ පොල්ලක් දීල මිනිසුන් මීටර් දෙකේ දුරින් තියන්න වැඩක් බාර දෙන්න...
ඔය හිටපු විදියටම ගෙදරට වෙලා හිටියනම් හරි. ජනාදිපති කරගෙනයන විදියට ඒක කරන්න ඉඩදීල.
රවී කරුණානායක යන්නේ මොකක් හරි හොර ගැටයක් ගහන්න බලන්න වෙන්න ඇති. කොරෝනා උනත් කමක් නැහැ විකුනන්න තියෙනව නම්.
නෑ ඔය මොකකටවත් නොවෙයි. මෙයාල ට ඊළග සැරේ පාර්ලිමේන්තුවට යන්න පුලුවන් වේවිද සැකයි. මේකෙන් හරි ලකුණු කීයක් හරි දාගෙන ගොඩ යන්න ක්‍රමයක් ඔය බලන්නේ. නැත්නම් රටටවත් ගෝඨ ටවත් ආදරේට නෙවෙයි.
මෙවෙලාවේ වැඩ තිබෙන්නේ වෛද්‍ය වරුන්ට, හමුදාවට, පොලිස්සිසියට, අහාර, බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය බෙදාහරින්න මිස මේ අයට නොවෙයි.
මොනවා කියන්නද හලෝ මෙච්ච්ච්ර දොහක් හිටිය විදියටම ඉන්නවකෝ... කරන්න ඕන ඔක්කොම දැන් කොරල ඉවරයි. ඇයි මේකට ඔයාලගේ අර "ගොඩ වෙදා " ට කතා නොකළේ?
"එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට, අප්‍රේල් 1, ජනපති හමුවෙති" ඔව් අද මෝඩයගේ දවසනේ.
එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ ඔය මන්ත්‍රී කට්ටිය විතරයිනේ. ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න ඕනේ. නමුත් අපි අකැමති වෙන්නේ බැංකු හොරා, රජයේ කොන්ත්‍රාත් කරයකුත්, දුෂකයෝ ටික ගෝඨා සර්ට කිට්ටු වෙන එකයි.