(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම නිසා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය අද (10) දහවල් නියෝග කළාය.
2004 වසරේ අයුතු ජනරාශිය යටතේ නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නගමින් මන්ත්‍රිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව නඩුවක් හලාවත මහාධිකරණය හමුවෙහි පවරා තිබුණි.
පසුව 2011 වසරේ මාර්තු මස 21 වන දින සැකකරුවන් හලාවත මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණි. එම ඇප කොන්දේසි මත සැකකරුවන් සෑම ඉරු දිනකම පෙරවරු කාලයේ දි හලාවත පොලිසිය හමුවෙහි වාර්තා කළ යුතුව නියම තිබුඅතර පසුව එම කොන්දේසිය ලිහිල් කරමින් සෑම මාසයකම අවසන් ඉරුදින හලාවත පොලිසියට වාර්තා කිරීමට නියම කර තිබුණි.
මෙම නඩුව යළි අද (10) මහාධිකරණය හමුවෙහි විභාගයට ගත් අවස්ථාවේ දි සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවස්ථා හතරකදී මහාධිකරණය විසින් නියම කරණ ලද පොලිසියේ පෙනී සිටිය යුතුය යන කොන්දේසිය කඩ කර ඇති බව හලාවත පොලිසිය අධිකරණය වෙත වාර්තා කර තිබු බැවින් ඔහු ඔක්තෝබර් 17 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.
මෙම නඩුවේ එක් සැකකරුවෙකු මිය ගොස් ඇති තඅර අනෙකා කොන්දේසි ඉටු කර තිබු බවත් හෙළිවිය.
රජයේ අධිනිතිඥ ප්‍රජාපාලි ඔබේසේකර මහත්මිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර නීතීඥවරුන් වන නිහාල් සුමනධීර, සුමුදු ජයමාන්න, නුවන් ජයවීර යන මහත්වරු සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
COMMENTS
මේ වගේ දේශපාලුවන්ව ආයනම් පත් කරන්න එපා.
කුඩුකාරයෝ ,මිනීමරුවො, දල හොරු, බැංකු හොරු ඔය වගේ සමාජවිරෝදී අයමනේ ඔය පක්ෂෙ ඉන්නේ
නියමයි. අතිඋත්කෘෂ්ටයි.දේශපාලුවන් දැනගත යුතුම කරුණනම් මේ රටේ නිතිය කියලා දෙයක් තියනවා කියන එක. නීතිය හදන තැන ඉඳගෙන නිතිය හදන්න ඉස්සෙල්ලා පවතින නීතිය උල්ලංඝනය කළ අයට දැඩි දඬුවම් දිය යුතුමයි. හිතාගෙන ඉන්න ඇති නීතියට උඩින් කට්ටිය ඉන්නවාය කියලා.
2015ට පෙර මෙම නඩුව දාපු පොලිස් නිලධාරියා මෙලහකටත් යාපනේ පාරවල් වල ට්‍රැෆික් වැඩ කරනු ඇත. මෙම යහපාලන ආණ්ඩුවේ එකම වෙනස මෙයයි..