
(අනුරාධපුර - දයාරත්න ඇඹෝගම)
එජාප පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනා ගෙන පක්ෂයේ අභිමානයද ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අනුරාධපුරයේදි පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ විය.
මෙම සමාරම්භක උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන් සහ ඔවුන්ගේ ආධාර කරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි සීදේවි හෝටලයේදි පැවැත්විණි.
එම සමාරම්භක උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
‘‘එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් සිදු කිරිම අද (21) අපි අනුරාධපුරයෙන් ආරම්භ කළා. ආසන සංවිධායකයින් හා අපේ පක්ෂයේ ක්‍රියාකාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්ටමින් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.
ඒ වාගේම කොරෝනා රෝගය ව්‍යාප්තවි තිබෙන අවස්ථාවක සියල්ලන් සමග සාකච්ජා කරලා පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුව හෙට අපි නුවර දිස්ත්‍රික්කයට යනවා. මේ ආකාරයට දිවයිනේ සියළුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පක්ෂයේ ආසන සංවිධායකයන් හා ක්‍රියාකාරින් හමුවෙලා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දියත් කිරිමට තිරණය කොට තිබෙනවා.
විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන් කළ කිරිමකට පත්ව සිටියා මැතිවරණය පරාජය වූ අවස්ථාවේ. ඒ වුණාට පාක්ෂිකයන්ගේ හිතේ එක්සත් ජාතික පක්ෂය තාමත් තිබෙනවා. අපි විශ්වාස කරනවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකිවෙයි කියලා.
පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන,විශ්වාසය දිනා ගෙන ඉදිරියේදි විශාල බලවේගයක් හදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒක අපි කරනවා. 2025 වෙන කොට මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අභිමානය ආරක්ෂා කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරනවා.
පක්ෂයේ මුහුණුවරේ වෙනසක් අවශ්‍යවි තිබෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලයේ අපේ පාක්ෂිකයන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තිබුනා. අපි ඒක පිළිගන්නට ඔනේ. ඒ නිසා නැවත පාක්ෂිකයන්ගේ හිත දිනා ගෙන පක්ෂය ශක්තිමත් කරන්න ඔනේ. දෙසැම්බර් මාසයේ අගවන විට ජනවාරියේ මුල් සතිය වන විට දකින්නට ලැබෙයි මේ පක්ෂයේ අපි ඇතිකරන වෙනස් කම්.
එජාප ආණ්ඩුව කාලේ ජනතාවගේ ජීවන බර අඩුකරලා දුන්නා, ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදුන්නා. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කළා. නමුත් අද මොනවද කරලා තියෙන්නේ.
පළමුවෙන්ම කොරෝනා රෝගය පැතිර යන අවස්ථාවේ එය මැඩ පැවැත්විම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයට උදව්කළා. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ධීවරයන් ගැන බලන්න.. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත දිහා බලන්න කියලා. නමුත් එතුමා කියුව දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. එදා ජනාධිපතිතුමා කියුවේ මම තමයි සියල්ල නතර කළේ කියලා. දැන් බලන කොට මොනවද වෙලා තියෙන්නේ?
පසුගිය මහ මැතිවරණයේදි අපට ජනවරමක් ලැබුනේ නැහැ පාර්ලිමේන්තුවට යන්නට. පරාජයට පත්වුනා. නමුත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුරයක් තිබෙනවා. එම මන්ත්‍රිධුරය කාටද දෙන්නේ කියලා අපි සඳුදා සාකච්චා කරනවා. ඒ වාගේම විපක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහින් ආණ්ඩුවේ අසුන් ගැනිම ගැන කණගාටු වෙනවා. අපි මේ ගැන මැතිවරණයේදි අපේ පාක්ෂිකයන්ට කිව්වා. අපි දැන් තිරණයක් අරගෙන තියෙනවා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයට සුදුස්සෙක් පත්කරන්න.
විසිවැනි සංශෝධනය සම්මත කරගෙන විශාල බලතල සහිත ජනාධිපතිවරයෙක් ඉන්නේ.ඒ වාගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් රජයට තිබෙනවා. ඒ බලයත් එක්ක හැප්පෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළු පක්ෂ හා එක්ව කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂය සුදානම්...‘‘ යැයි එජාප නියෝජ්‍ය නායක රැවන් විජයවර්ධන මහතා මෙහිදි පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු එජාප මැති ඇමතිවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, රංජිත් සමරසිංහ යන මහත්වරු ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු ඔවුන්ගේ ක්‍රියාකාරිහු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
නායකයා ඉවත් කළානම් පාක්ෂිකයන් එකතු වෙයි.
අනේ අර දුටුගැමුණු නම් ගාවගන්නවත් එපා....
නායකයා ඉවත් කලානම් පාක්ෂිකයන් එකතු වෙයි...
පාක්ෂිකයෝ සජිත් වටා එකතු වෙලා අවසන්... දැන් ඔබලාට පොහොට්ටුව වටේ එකතු වෙන්න පුළුවන්..
කවුද එජාපයේ නායකයෝ? කවුද සහභාගි වුණේ?
රුවන්, අපට ඔබ විශ්වාසයි.
රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂයෙන් හෝ නායකත්වයෙන් හදිසියේ ඉවත්වන්නේත් නැත. පක්ෂයෙන් පිටවගිය කල්ලිය නැවත පැමිණෙන්නේත් නැත. මේ දෙකම සිදුනොවන කරණා දෙකකි. මේ වනවිට නියෝජ්‍ය නායකත්වය කැපවීමෙන් පක්ෂයේ සංවිධාන කටයුතු රටපුරා මෙහෙයවමින් කටයුතු කරනු පෙනේ. පක්ෂය හැරගිය කිහිප දෙනෙකු හැර රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් ඉවත් විය යුතු බව පාක්ෂිකයා අතර මතයක් ගොඩනගා තිබුණි. නමුත් එම මතය මේ වනවිට පහව ගොස් ඇත. සමගි බලවේගය වැනි කුඩා පක්ෂයක නායකයා වී එය මෙහෙයවීමට නොහැකි සජිත්ට එක්සත් ජාතික පක්ෂය වැනි වටිනා දේශපාලන පක්ෂයක නායකත්වය ලබා දෙන්නේ කෙසේද කියා පාක්ෂිකයන් ප්‍රශ්නකර සිටියි. ඔවුන් කියන්නේ සජිත්ලා අපව රැවැට්ටුවා කියාය.
එම සියලු විවේචන මුළුමනින්ම බලපානු ලබන්නේ එජාපට නිසාත් එම විවේචන සදහා පිළිතුරු ලබා දීමට සිදුවන්නේ රටවටා යමින් සිටින නියෝජ්‍ය නායකයට නිසාත් එජාපයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයට කිසිවකු පත් නොකිරීම සුදුසුවේ. මේ වනවිට රටතුල ඇතිව තිබෙන්නා වූ අර්බුදකාරී වාතාවරණය තවදුරටත් බැරෑරුම් වෙමින් තිබෙන නිසා පාක්ෂිකයන් පමණක් නොව රටවැසියා තුල රජය කෙරෙහි ඇතිවෙමින් තිබෙන්නා වූ අකමැත්ත අපේ එජාප දෙසට හරවා ගැනීමට සියලු මෙහෙයුම් නිහඩව සාර්ථකව කරගෙන යාමට මුලිකත්වය දීම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයේ පාර්ලිමේන්තු පුටුව පිරවීමට වඩා වැදගත්වනු ඇත. මෙය මගේ පුද්ගලික මතය වේ. covid -19 වෛරසයට මේ වනවිට vaccine නිපදවා සාර්ථක අත්හදා බැලීම් කර ඇති නිසා එම vaccine ලබාදීම මේ වසරේ අග සිට හෝ ලබන වසරේ මුල සිට පටන් ගැනෙනු ඇත. ලබන වසරේ අප්‍රේල්වනවිට පක්ෂයේ සංවිධාන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවනු ඇත. covid -19 වෛරසයට එන්නත සමහර රටවල් නොමිලයේ ඔවුන්ගේ පුරවැසියන් හට ලබාදීමට කටයුතු කරන බව ප්‍රකශ කර ඇත. නමුත් මෙම එන්නත ලංකාවට ලබාගැනීම කෙසේ සිදුවේද කියා මෙතෙක් රජය කිසිවක් ප්‍රකාශ කොට නැත.
අනේ අපි දුන්න ඡන්දය එජාපයට... තාම බැරි වුණා අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් පාර්ලිමෙන්තු යවන්න. තව මොන ප්‍රතිසංවිධානද? විකාර කාරයෝ...
මොකද්ද මහත්තයෝ එජාපය කියන්නේ..? කාලෙකට කලින් වඳවෙච්ච සතෙක්වත්ද?