IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසස්වීම් නැතැයි පොලිස් රියැදුරෝ - කොස්තාපල්වරු 235 ක් උසාවි යති

(මනෝප්‍රිය ගුණසේකර)

පොලිසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරීන් 31,000 කට අධික පිරිසකට එක්වරක් පමණක් බලපාන උසස්වීම් ලබාදී ඇතැත් පොලිස් රියදුරු තනතුරු දැරූ නිලධාරීන්ට පමණක් එම උසස්වීම් ලබානොදිමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරු හා සැරයන්වරු 235 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළහ.
 
අවුරුදු 12 සිට අවුරුදු 18 දක්වා කාලය තුළ උසස්වීම් නොලැබීමෙන් අසාධාරණයට ලක්ව, රැකියාව පිළිබඳව අතෘප්තියට හා මානසික පීඩාවට ලක්ව ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයින් ද නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් බුවනෙක අළුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුව එලෙස අවසර දුන්නේය.
 
පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරු 210 දෙනෙකු හා පොලිස් රියදුරන් ලෙස රාජකාරී කරන සැරයන්වරු 25 දෙනෙකු ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, පොලිස් කොසමිසම, එහි සභාපතිවරයා හා සාමාජිකයින් ඇතුළු 11 දෙනෙකු මෙහි වගඋත්කරකරුවන් වශයෙන් නම් කර ඇත.
 
සේවා කාලය, අත්දැකීම් හා මුලික සුදුසුකම් උපයාගෙන සිටින නිලධාරීන්ට නිසි කලට උසස්වීම් නොලැබීම පොලිසියේ බහුතර නිලධාරීන් මුහුණ දෙන ගැටලුවක් බවත් ඒ පිළිබඳව සළකා 2019 ජනවාරී 01, ජුලි 01 සහ 2020 ජනවාරී 01 දිනවල පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා නිලධාරීන් 31,500කට එකවරක් පමණක් ලැබිය හැකි උසස්වීම් ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ නමුත් පොලිස් සාමාන්‍ය සේවයේ රියදුරන් ලෙස රාජකාරී කරන කොස්තාපල්වරුන් හා සැරයන්වරුන් නොසළකා මෙම උසස්වීම් ලබාදී ඇති බව ඔවුහු සඳහන් කරති.



අදහස් (0)

උසස්වීම් නැතැයි පොලිස් රියැදුරෝ - කොස්තාපල්වරු 235 ක් උසාවි යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site