IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උල්කාශ්මයේ කොටසක් දික්වැල්ලේ නිවසක වහළය මත

(අමල් වික්‍රමරත්න, අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)


දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි.  

එම උල්කාශ්මයේ කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ආතර් සි. ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ලඟාවෙමින් සිටින බවද වාර්තාවේ.

මෙම සිදුවීමට අදාළ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ.


මේ මොහොත වනවිට  මාතර ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එහි ලඟා වෙමින් සිටින බවත් භූ විද්‍යා හා පතල් කැනීම් ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන්ද  එම ප්‍රදේශය බලා ගමන් කරන බවද පැවසේ.


මෙම සිද්ධිය සිදුවූ 18 දින රාත්‍රී කාලයේ නිවසේ වහලය මතට යමක් වැටෙන ශබ්දයක් නිවසේ හිමිකරුට ඇසුණු බවත් අද  21 පෙරවරුවේ නිවසේ වහලයට නැග පරීක්ෂා කිරීමේදී වහලයමත තිබු මෙම අඟල් එකහමාරක පමණ පාෂාණ කොටස හමුවී ඇති බවත් පැවසේ.

අදාළ නිවසේ හිමිකරු ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බවද දික්වැල්ල පොලිසිය පවසයි.


ඉතා තද එම පාෂාණ කැබැල්ල අඟල් දෙකක් පමණ පළල වන අතර එම පාෂාණ විශේෂය පසුගිය 18 වැනි දා රාත්‍රී දකුණු පළාතේ අහස ගිඟුම් දෙමින් පිපිරි ගිය උල්කාෂ්මියේ කොටස් විය හැකි බව ප්‍රදේශවාසිහු විශ්වාස කරති.


එම පිපිරීමත් සමග තම වාහළයට වැලි වැනි යමක් වැටුණු ශබ්දය දැණුනු බව රුවන් මහතා පැවැසීය. ඒ පිළිබඳ විපරම් කිරීමේදී හඳුනා ගත නොහැකි මෙම පාෂණය වහළය මත තිබී හමු වි ඇත.

 

(ඡායාරූප - අනීෂා මානගේ)



අදහස් (17)

උල්කාශ්මයේ කොටසක් දික්වැල්ලේ නිවසක වහළය මත

රත්නායක Saturday, 21 October 2017 09:31 AM

මුලින්ම මම පළවැනි පින්තූරේ දිහා බැලුවහම මට පෙනුනේ පිඟානක් වගේ එකක මැද කලුපාට හිලක් තියෙනවා කියල. ආයෙත් බලනකොට තමයි දැක්කේ පිඟානක් මැද කලුපාට යමක් තියෙනව කියලා.

:       118       146

DonSaturday, 21 October 2017 10:05 AM

මම හිතුවේ ඔච්චර උඩ ඉඳලා විදුලි වේගයෙන් කඩාගෙන වැටුණු හින්දා වහලේ උළු බිඳගෙන පිඟානත් හිල්කරගෙන පොළොවට බැහැල කියලා. බලාගෙන යද්දී මේක වැටිච්ච තැනම නතර වෙලා නේ .. මොකක්ද දන්නේ නැහැ උළු වර්ගය .. උළු දැන්වීමකට නියමයි ..

:       24       304

ජගත් ලියනගේ Saturday, 21 October 2017 11:27 AM

රඟ පෑමක් ද කියලත් හිතෙනවා මටත්. මිනිස්සු හරි කැමැති කැපිලා පේන්න.

:       27       1177

kumarSaturday, 21 October 2017 12:02 PM

කොහොම වුණත් මේ කාලේ අවදානය වෙන අතකට හරවන්න පුළුවන් අලුත් මාතෘකාවක්...

:       19       101

sisira Saturday, 21 October 2017 11:50 AM

18 වැනිදා වැටුණු ගල බලන්න 21 වෙනිදා වෙනකන් වහලයට යන්න හිතුනේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන කුකුස. මේක මේ අහල පහල ඉන්න ඇට්ටර කොල්ලෙක් හුඟ කාලෙකට ඉස්සර වහලයට ගහපු ගලක් වෙන්නත් බැරි නැහැ.

:       0       930

DonSunday, 22 October 2017 08:10 AM

ඒ මනුස්සයා සතියේ දවස් වල වැඩට යන්නේ නැද්ද? 21 කියන්නේ සෙනසුරාදා .. නිවාඩු දවස ...

:       0       7

බණ්ඩා Saturday, 21 October 2017 12:50 PM

පුදුමේ කියන්නේ හරියටම එක වහල උඩ තිබුණු පිඟාන මැද්දටම වැටුන එකයි ...

:       20       17

sahan Saturday, 21 October 2017 01:50 PM

ශුවර් එකටම මේක අතේ පැලවෙන කෙප්පයක්, අනික බෙලිඅත්තට මෙහා ගමනේ..

:       213       537

ධනුෂ්ක Saturday, 21 October 2017 01:58 PM

අනේ බණ්ඩෝ එ්ක වහලේන් අරන් පිඟානේ තියලා තියෙන්නේ.

:       1       930

Susil Saturday, 21 October 2017 03:54 PM

"කලින් කලට පලින් පලේ" කිව්වලු.. දැන් ඉතින් බස් බුක් කරගෙන එයි හැම පැත්තෙන්ම ගල බලන්න.

:       0       1

sam Saturday, 21 October 2017 08:59 PM

උල්කාපාතයක ගමන් වේගය තත්පරයට කිලෝ මීටර් 11-72 අතර (පැයට සැතපුම් 25,000-160,000 අතර ) වෙනවා . මෙතරම් වේගයෙන් වායු ගෝලය හරහා යද්දී ඇතිවෙන ඝර්ෂණයට ඒවා ඉතාම ඉහල උෂ්ණත්ව වලට රත්වෙනවා . කෙලින්ම වහලයට වැටුනා නම් එය වහලය පමණක් නොවෙයි බිම තියෙන සිමෙන්තියත් කඩාගෙන පොළොවට කිඳා බහිනවා . අධික තාපය නිසා පොලව ආසන්නයේදී පුපුරා ඉහලට විසි වූ කැබැල්ලක් ගුරුත්වාකර්ෂණ බලය පමණක් හේතුවෙන් පහලට වැටෙනවිට වහලයට මතට වැටීමට සුළු හැකියාවක් තියනවා . උල්කාපාත කොටස් එහි ප්‍රමාණයට සාපේක්ෂව හිතන්න බැරි තරම් බරයි .ඒ අනුව මේක අල්ලපු ගෙදර කොල්ලා එවපු එකක්ද , නැත්නම් විශ්වයෙන් ආපු එකක්ද කියල කියන්න බැහැ .

:       0       3

Lalith Sunday, 22 October 2017 12:26 AM

මේ උල්කාෂ්ම පාෂාණ කැබැල්ල ඉතාම මිල අධිකයි. ලක්ෂ ගණනක් වටිනවා. දියමන්තියකටත් වඩා වටිනවා. එක වැටුණු නිවසේ පුද්ගලයා එහි අයිති කරුවයි. නැතුව විශ්ව විද්යලයවත්, පොලිසියවත් රජයවත් නොවෙයි. වැඩවසම් කාලේ නම් පොළොවේ තිබෙන සහ අහසේ තිබෙන සියල්ල මහරැජින සතුයි. කරුණාකරලා එහි වටිනාකම ඒ නිවාස හිමියාට ගෙවන්න. ගෙවලා ඕනකෙනෙකුට අරගෙන යන්නට දෙන්න. වෙබ් අඩවිවල පරික්ෂ කලොත් මේවයේ වටිනාකම දැනගත හැකියි.

:       0       2

nilu Sunday, 22 October 2017 12:28 AM

දකුණට කඩා වැටෙන්නේ මෙහෙම දේවල්මයි. ඇයි?. දකුණේ සමහර දේශ පාලුවෝ පහුගිය කාලේ කලේම අහස පොලව උහුලන අපරාධ නෙවෙයිනේ. මේවා වැටන්න ඕනි තැන් වලට නෙවෙයි වැටිලා තියෙන්නේ .

:       132       8

rocky Sunday, 22 October 2017 01:06 AM

රාවණාගේ ආසියන්තරේ කොටසක් වෙන්න බැරිද?

:       1       53

pakeer Sunday, 22 October 2017 07:33 AM

මෝඩ පිරිස්

:       0       1

prakaash Sunday, 22 October 2017 11:36 AM

මේක තොප්පියක්ද?. ආප්පයක්ද?

:       0       0

Sisira Sunday, 22 October 2017 12:12 PM

හෙන අකුණු වලින් සුළි සුළං කුණාටු වලින් විනාශ වූ එකම ගෙයකටවත් පොලිස් ආරක්ෂාව තබා සතපහක වන්දියක්වත් නොගෙවපු මේ ආණ්ඩුව මේ කොහෙද යන ගල් කෑල්ලක් වැටිච්ච ගෙයකට පොලිස් මුර දීලා. ගල් කෑල්ලක් වැටුණු ගෙයකට පොලිස් මුර දුන්න එකම රට හැටියට අපේ රට ඉතිහාසගතවනු ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 12 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 389 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 119 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 200 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 545 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 426 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site