(ඩයනා උදයංගනී)
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගිණුම් වෙත මාසික දායක මුදල් බැර වූ සැණින් එම සාමාජිකයින් විසින් නම් කරන ලද ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශකළ වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය.
එම අරමුදලේ සාමාජිකත්වය දරණ මිලියන 2.6 ක සාමාජිකයින්ගේ ගිණුම්වලට දායක මුදල් ලැබුණු බව මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට අවස්ථාව සළසාදීම ස`දහා මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කීවේය.
නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.
දැනට පවතින ක‍්‍රමවේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම්ගත වී ඇත්ද යන්න දැනගැනීම සඳහා මාස 06-12 අතර කාලයක් ගතවන බැවින් දායක මුදල් ගිණුම්ගත වීම සම්බන්ධ ගැටලූ රාශියකට ඔවුන් නිරන්තරයෙන් මුහුණ පාන බවට හඳුනාගෙන ඇතැයි කී සම කැබිනට් ප‍්‍රකාශකවරයා එම ගැටලූ මගහැරවීම සදහා මෙම පියවර ගෙන ඇතැයි ද කීවේය.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව සනාථ කර ගැනීමට මේ ඔස්සේ හැකිවන බව ද ඇමතිවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
ගිණුමේ ශේෂයත් මේ සමගම දැනගන්නට සැලැස්වූවොත් බොහෝ වටී...
සෑම මාසයකම ශේෂ පත්‍රය දාන්න...
මසකට වරක් SMS මිලියන 26ක් යවන එක මොන තරම් ප්‍රායෝගික දෙයක්ද කියලා කව්රු හරි ගණන් හදලා බැලුවානම් තමයි හොඳ... මේ වගේ අවස්ථාවලදී තෝරාගැනීම් කීපයක් තියෙන්න ඕනේ. මම කියන දේ මේ වගේ කෙටියෙන් කියන්න අමාරුයි. වගකිව යුත්තෙක් කියවනවා නම් සලකා බලන්න..
වෙබ් පිටුවක් මගින් තම නම සහ රහස්‍ය අංකයක් තුලින් දායක මුදල මෙන්ම ශේෂය දැන ගැනීමට ක්‍රමයක් සැලසීම මීට වඩා වියදම් අඩු සහ හොඳ ක්‍රමයක් නොවෙයිද? දැන් බොහෝ අයට ස්මාර්ට් ෆෝන් තිබෙන නිසා වෙබ් පිටුව පහසුවෙන් ලබා ගන්න පුළුවන්.