ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ නව ඊජිප්තු කෞතුකාගාරය සමීපයේ ගමන්ගත් සංචාරකයන් රැගත් බස් රථයක පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් සංචාරකයන් 12දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නැත.
තුවාල ලැබූවන්ගෙන් බහුතර පිරිස විදේශිකයන් බවද ඒ අතර දකුණු අප්‍රිකානු ජාතිකයන් සිටින බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමෙන් බස් රථයට හානි සිදු වී තිබේ.
මහා පිපිරීමක ශබ්දයක් ඇසුණු බව සිද්ධිය දුටු ඊජිප්තුවැසියෙක් පැවසීය.
පසුගිය දෙසැම්බර් මාසයේදී ද ඊජිප්තුවේ මාර්ගයක් අසළ අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් සංචාරක බසයක ගමන්ගත් වියට්නාම ජාතිකයන් තිදෙනෙකු සහ ඊජිප්තු ජාතික මග පෙන්වන්නෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
පිපිරීමට හේතුව සොයාගැනීම සඳහා ඊජිප්තු ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකරමින් සිටිති.
(රොයිටර් ඇසුරිනි)
16844

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.