IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉන්දීය අගමැතිගෙන් චීනයට අනතුරු ඇඟවීමක්


ඉන්දියාවේ දේශසීමාවට අත නොතබන්න‘යි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චීනයට අනතුරු ඇඟවීය. අදට (අගෝස්තු 15 වැනිදා) යෙදෙන ඉන්දියාවේ 74 වැනි නිදහස් දිනයේදී ජාතිය අමතමින් ඔහු මෙම අනතුරු ඇඟවීමක් කළේය. සිය ජාතිය ඇමතීමේ කතාවේදී ශක්තිමත් හමුදාවක් ගොඩනැගීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  පොරොන්දු විය.

හිමාල අඩවියේ දේශසීමා කලාපයේ හමුදා කඳවුරු බැඳීම ලිහිල් කිරීම පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා  කියා සිටියේ ඉන්දියාවේ ස්වෛරීභාවය “උත්තරීතර” බවත් අසල්වැසියන් සමඟ සබඳතා රඳා පවතින්නේ ආරක්ෂාව සහ විශ්වාසය මත බවත් ය.

නවදිල්ලියේ පිහිටි ඓතිහාසික රතු බලකොටුවේ පැවැති අග්‍රාමාත්‍යවරයාගේ කතාව සඳහා පැමිණීමට නියමිත පිරිසෙන්  අඩක් පමණ අඩුකරන ලදි. එහෙත් 4000 ක් පමණ වු පැමිණි පිරිස කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මීටර් දෙකක් (අඩි හයක්) පමණ ඈතින් වාඩි වී සිටියහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාකිස්තානය හා චීනය සමඟ පවතින දේශසීමා මතභේද සම්බන්ධයෙන් ගැටුමකට සූදානම් යයි අදහස් දැක්වූ නමුත් කිසිදු රටක් එක එල්ලේ නම් නොකළේය. "රටේ ස්වෛරීභාවය පිළිබඳව විමසිල්ලෙන් සිටින ඕනෑම අයෙකුට, රටේ හමුදාව ඔවුන්ගේ භාෂාවෙන් පිළිතුරු ලබා දී ඇත," යයි අගමැතිවරයා පැවසීය.

"ඉන්දියාවේ අඛණ්ඩතාව අපට උත්තරීතරයි. අපට කළ හැකි දේ, අපේ සොල්දාදුවන්ට කළ හැකි දේ - හැමෝම ලඩාක්හිදී දුටුවා." යයි ජුනි 15 වන දින හිමාලයේ ලඩාක් කලාපයේ චීන හමුදා සමඟ ඇතිවූ දේශසීමා ගැටුම ගැන සඳහන් කරමින් හෙතෙම පැවසීය. මෙම ගැටුමෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු මිය ගිය අතර දෙපාර්ශ්වයම කුඩා ප්‍රමාණයේ අවි ආයුධ වලින් සටන් කරමින් සිටියහ.

චීනය ද සිය හමුදා සාමාජිකයන් තුවාල ලබා ඇති බව පිළිගෙන ඇති නමුත් සංඛ්‍යාලේඛණ දී නැත. දෙපාර්ශ්වයම එකිනෙකාට දොස් පවරා ඇති අතර චීනය සහ ඉන්දියාව 1962 දී දේශසීමා යුද්ධයක් කළහ. රටවල් දෙකම පරාජය පිළිගැනීමට සූදානම් නොවන හෙයින් ඉන්දීය හා චීන හමුදා දස දහස් ගණනක් ලඩාක් කලාපයට යවා ඇත.

මේ අතර ඉන්දියාව චීනයට එරෙහිව ආර්ථික ආයුධද භාවිතා කර තිබේ.

ප්‍රධාන පෙළේ වීඩියෝ මෘදුකාංගයක් වන ටික්ටොක් ඇතුළු චීන යෙදුම් 59 ක් ඉන්දියාව විසින් තහනම් කරනු ලැබ ඇත. චීන සමාගම් කොන්ත්‍රාත්තු වලින් නිදහස් කර එහි ආනයන අවහිර කිරීමට වෙනත් පියවර ගෙන තිබේ.

"අසල්වැසියෙක් යනු අපගේ භූමිය බෙදා හදා ගන්නා අයෙකු පමණක් නොව අපගේ හදවත් බෙදාගන්නා අයයි. සම්බන්ධතාවයට ගරු කරන තැන එය වඩාත් උණුසුම් වේ" යනුවෙන් ඔහු පැවසීය. මිලියන 1.4 ක ශක්තිමත් යුද හමුදාවක්  ගොඩනැඟෙනු ඇතැයිද අගමැතිවරයා පැවසීය.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් ඇති වූ අර්බුදයෙන් ඉන්දියාව ගලවා ගැනීම තමන්ගේ ප්‍රමුඛතාවය බව මෝදි මහතා පැවසීය.

ඉදිරි දිනවලදී ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ක් ඉක්මවනු ඇතැයිද, සතියක් ඇතුළත ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.



අදහස් (5)

ඉන්දීය අගමැතිගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Kamal Saturday, 15 August 2020 10:12 AM

මෙයා හිත සනසාගන්න කතා කියනවා. පකිස්තානයෙන් ගැහුවා, ඉන්දියාවෙන් ගැහුවා... මොකුත් කිව්වේ නැහැ. දැන් ගැලරිය සනසන්න තව කතා කියනවා. අනේ මන්දා...?

:       0       0

Prabha Saturday, 15 August 2020 01:57 PM

ඔයාලා අපිට පරිප්පු දාලා බය කළාට, චීනෙන් පරිප්පු කන්න යන්නේ...

:       221       421

chandima Saturday, 15 August 2020 08:51 PM

ඉන්දියාවට කඩාපනිනකොට චීන හමුදාව පරෙස්සම් වෙන්නට වෙනවා. හැකිතරම් දුරට දුම්රිය මාර්ග මගහරින්න. නැතිනම් ආයෙත් බැරැක්කවලට ගහන්නයි වෙන්නේ...

:       0       0

විජිත් Sunday, 16 August 2020 07:43 AM

අයියා ... චීනාගෙන් ඉල්ලන් කන්නද හදන්නේ...? චීනාගේ කොරෝනා බෝම්බේ වැදිලා මුළු ලෝකෙම අබ්බගාතවෙලා ඉන්නවා පෙනෙන්නේ නැතිද.? ඔලුව බැන්දාට වැඩක් නැහැ මෝදි අයියා, ඔය රෙද්දෙන් නහය වහගන්න අප්පා. කළකම් පලදේ කියලත් තියෙනවානේ.. අසල්වැසියාට ප්‍රේම කරන්න කියලත් කියලා තියෙනවා. ඔයගොල්ලෝ අසල්වැසියාට අවංකව ප්‍රේම කළාද? අසල්වැසියාගේ ඉඩමට ප්‍රේම කළාද...? අසල්වැසියාගේ හාබර් එකට ප්‍රේමකළාද? කල්පනා කරලා කියන්න අයියා.. ඔයයි චීනයයි, ඇමෙරිකාවයි ලෝකය බෙදාගන්නද හදන්නේ..? ඒකනම් කවදාවත් වෙන්නේ නැහැ. මේ ලෝකේ " නිදහස" කියන වචනයේ අර්ථය දන්නා, හඳුනන, විඳපු, මිනිස්සු ජීවත්වෙලා ඉන්නකම් ඔබලාට ලෝකය බෙදාගන්න බැහැ...!!! ඒකට අපි ඉඩ දෙන්නෙත් නැහැ...!!!

:       0       0

DM Sunday, 16 August 2020 11:21 AM

ඒ විදිහටම අපේ රටේ දේවල් වලටත් ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න බැරිද?

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site