බීජිංහිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා එක්සත් ජනපදය සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සාහ කරන බවත් ඇමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇති බවත් හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හුවාවි සමාගමේ ව්‍යාපාරික කටයුතු නැවැත්වීමටත් හුවාවි සමාගමට තහනමක් පැනවීමටත් එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉකුත් දිනෙක පියවර ගත්තේය.
පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5ජී) හඳුන්වා දීමෙන් පසු හුවාවි සමාගම අනෙකුත් සමාගම්වලට දැඩි තරගයක් දෙමින් ඉදිරියට පැමිණි අතර ඇමෙරිකාව එම සමාගමට තහංචි පැනවීම එහි එක් පියවරක් යැයි ද ඇතැම් පාර්ශව සඳහන් කළහ.
ඇමෙරිකාව හුවාවි සමාගමට සම්බාධක පැනවීමෙන් පසුව හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඞ් ඇතුළු ගූගල් සේවා හා පහසුකම් සැපයීම නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කළේය.
“ඇමෙරිකානු දේශපාලනඥයන්ගේ වත්මන් හැසිරීම අපේ ශක්තිය අවතක්සේරු කිරීමක්” යැයි රෙන් මහතා කීය.
ඉහත සිදුවීම් දාමයෙන් පසු චීන රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හුවාවි සමාගමේ නිර්මාතෘවරයා එම කරුණු සඳහන් කළේය.
“හුවාවි සමාගමේ 5ජී තාක්ෂණයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. 5ජී තාක්ෂණය ගැන කිව්වොත් තවත් අවුරුදු තුන හතරක් යනකං අනෙක් කිසිවකුටවත් අපි අල්ල ගන්න බැහැ” යැයි ඔහු කීය.
055
COMMENTS
මේක තම ඇමෙරිකාව හදුන්වල දුන්න නිදහස් ආර්ථිකය කියන්නේ.. ඇමෙරිකාවට අනෙක් රටවල වෙළදපොලට ඇතුල්වෙන්න ඕනේ උනහම එක නිදහස් ආර්ථිකය වෙනවා. එයාලගේ වෙළද අදිකරියට තර්ජනයක් වෙනකොට මොනවහරි දාල නවත්වනවා.
හා හා ට්‍රම්ප්ට තියන අමාරුව ඒකයි එහෙනම්. අවුරුදු තුන හතරකට තාක්ෂණයට කිට්ටුවෙන්න බැරි එක. ලෝකෙට ලොක්කා මං තමයි. මට වැඩි ලොකුකම් කව්රු කරාවිද... /
චීන අය කවදාවත් තමුන්ගේ නිර්මාණයක් කරලා නැහැ. අනික් රටවල නිෂ්පාදන කොපිකිරිම තමයි කරන්නේ.