IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ විරෝධතා අටවැනි දිනටත්

සුදු ජාතික පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ අඩත්තේට්ටම්වලට ලක්ව මරණයට පත්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතා අටවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසක් පැවැත්විණි.

සාමකාමී ලෙස ආරම්භ වූ විරෝධතා සඳුඳා වෙද්දි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් නමුත් පෙරේදා අන් දින හා සැසඳීමේදී සාමකාමී ස්වභාවයක් ගත්තේය.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ද, අගනුවර පිහිටි ධවල මන්දිරය ආසන්නයේද විරෝධතා පැවැත්වේ. ධවල මන්දිරය අවට වීදි සියල්ල වසා දැමීමට ද ඇමෙරිකානු බලධාරීහු අද (3) පියවර ගත්හ.

ප්‍රාන්ත 30කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා තිබෙන සිය බලයක් පෙන්වීමක් ලෙස වොෂින්ටන් අගනුවරට හමුදා යෙදවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මේ වනවිට බොහෝ පිරිසකගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙන අතර හමුදා යෙදවීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන්ගේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් ද ජනාධිපතිවරයා විවේචනය කර ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයන් අතර හුදෙකලා වී ඇතැයි ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇත.

විදෙස් මාධ්‍ය ඇසුරිනි

055



අදහස් (0)

ඇමෙරිකාවේ විරෝධතා අටවැනි දිනටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site