IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 3 පනී

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද  (15) 300,000 ඉක්මවා ගියේය.


ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ මහා පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ දිනයේදී ම ඇමෙරිකාවේ මෙම අඳුරු කඩඉම පසුකර ගියේ යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.


නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.


ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන වියට්නාම යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන්ගේ ගණන මෙන් පස් ගුණයක් වන අතර 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන මෙන් සිය ගුණයකි.


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මිලියන 300ක් ජීවත්වන ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 16 ඉක්මවයි.


ඇමෙරිකාවෙන් මෙලෙස මරණ සහ වයිරස ආසාදිතයන් වේගයෙන් වාර්තා වන විට ඉදිරියේ එළැඹෙමින් තිබෙන්නේ ශීත කාලය වන අතර එම කාලයේදී වයිරස ආසාදිතයන් වැඩි වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
ඇමෙරිකාව මේ වනවිට ඔවුන්ගේ එන්නත් වැඩසටහන ආරම්භ කර ඇති ෆයිසර් සමාගම මේ වනවිට එරට සියලු ජනපදවලට එන්නත් මාත්‍රා මිලියන තුනකට අධික සංඛ්‍යාවක් බෙදා හැර ඇත. මධ්‍යස්ථාන 600ක දී ජනතාවට එන්නත් මාත්‍රා ලබාදෙන අතර සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබා දේ.


මෙම එන්නත් වැඩසටහන ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම එන්නත්කරණ වැඩසටහන යැයි ද පැවසේ.


මොඩර්නා සමාගමේ එන්නතට ඉදිරි දින කිහිපය තුළ අවසර ලැබුණහොත් මේ මාසය අවසාන වනවිට මිලියන 20කට ආසන්න ජනතාවකට එන්නත් ලබා දී අවසන් කළ හැකි යැයි බලධාරීහු පවසති.


සංවර්ධනය, අනුමැතිය හා අවසරය සහ බෙදාහැරීම යනාදිය සැලසුමට අනුව සිදු වුවහොත් ලබන වසරේ අඩක් යන්නට මත්තෙන් අවශ්‍ය සියලු දෙනාට එන්නත ලබා දී අවසන් කළ හැකි යැයි ධවල මන්දිර එන්නත් වැඩසටහනේ ප්‍රධානියා පැවැසීය.
 
(රොයිටර් සහ අල්ජසීරා ඇසුරිනි)
055)



අදහස් (2)

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 3 පනී

damith Tuesday, 15 December 2020 08:03 AM

චීනාගේ අංක 1 හතුරා ඇමෙරිකාව. කොහොමද පළිගන්න විදිහ...? කාලකණ්ණි චීනාට එරෙහිව මුලු ලෝකයම නැගී සිටිය යුතුයි.

:       7       5

siri Tuesday, 15 December 2020 09:33 AM

කවුරු මොනවා කීවත් මේ වනවිට ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල මෙන්ම ජපානය වැනි රටවලද ආර්ථිකය කොවිඩ් වයිරසයේ බලපෑම මත බලවත් අර්බුදයන්ට මුහුණපා සිටි. එවැනි අර්බුද තත්වයක් පෙන්නුම් නොකරන චීනය මේ මතින් මුළු ලෝකයම තමන්ගේ යටතට ගන්නා දිනය වැඩි ඇතක නොවන බව සමහරු කියන්නට පටන්ගෙන ඇත. බටහිර රටවල වාර්තාවන ආකාරයට ඒ රටවල ප්‍රධාන පෙලේ සමාගම් බොහොමයක අධ්‍යක්ෂ මණ්ඩලවල දැනටමත් චීන ජාතිකයින් ඉහල තනතුරු දරන බව කියවෙයි. ශ්‍රී ලංකාව වැනි කුඩා අසාර්ථක ආර්ථිකයක් ඇති රටවල අනාගතය ගැන කුමන කතාද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site