(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
රවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන්, ඒ.ටී.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනෙක්ද, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
එහිදී අදහස් දක්වා ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.
ජනවාර්ගික වශයෙන් නොබෙදී අන්තවාදය තුරන් කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළයුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී ඇති බැවින් තමන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ බවයි. අන්තවාදයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කරඇති එම මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්ව ජීවත්වන සමාජයක් බිහිකිරීම තම අපේක්ෂාව බවද සඳහන් කර ඇත.
COMMENTS
ඔය කවුරු එක්ක කතා කලත් බදුර්දීන්, අසාද් සාලි, හිස්බුල්ලා, මුජිබර් රහුමාන්, හකීම් වගේ අයව එකතු කර ගත්තොත් ඔයා ඊළග පාරත් ගෙදර තමයි මහත්තයො.
රට ජාතිය ගැන නොහිතා මේ ටික එකතු කරගෙන ආයෙත් ආණ්ඩුවක් අටවා ගත්තොත් ඔබ තුමා ගැන පොඩි හරි ගෞරවයක් තියෙනවනම් ඒකත් නැතිවෙලා යයි..
මොවුන් එක්ක වැඩිපුර කතාවට ගියොත් පොහොට්ටුවට තිබෙන ඡන්ද ටිකත් නැති වේවි. මහා පක්ෂ දෙකෙන්ම පසුගිය අවරුදු 20 තුල ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරපු නායකයන් ඡන්ද පොරොන්දු ඉටු නොකර අපිව රවටමින් දිනෙන් දින රට අගාදෙට යවපු නිසා, අපි කොහොමත් කතිරේ ගහන්නේ උගත් බුධිමත්, අවංක දේශපාලනයට නැති මහා සංඝ රත්නයේ සහ කාදිනල් තුමාගේ අශිර්වාදය ඇති ජාතින් භේද බින්න නොකරන ස්වාධින අපේක්ෂකයෙක්ට. ඊට පස්සේ ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවලා දැම්මම, පාර්ලිමේන්තු ඡන්දෙට පරණ දේශපාලකයා නැති විද්වතුන් ගෙන් පිරුන සංඝ සභාවේ, කතෝලික සභාවේ ආශීර්වාද ඇති පෙරමුණකින් ඡන්දෙට ඉදිරිපත් වෙනවා .
පෙරලෙන පැත්තේ හිටියට වැඩක් නෑනේ. හැබැයි මේ ගොල්ලෝ ගිය තැන විනාශ වෙනවා. මොකද මේ ගොල්ලන්ට තියෙන්නේ පුද්ගලික ඇජෙන්ඩා...
අවසානයේදී උපවාසය අනුමත නොකරන බවක් හා හාමුදුරුවෝ දේශපාලන වශයෙන් හුදෙකලා වූ බවක් පෙනී යයි..
වැරදිලාවත් වැද්ද ගන්න එපා.. එහෙම වුනොත් 2020 ඇපවත් නැතුව යනවා පක්ෂෙට ...
මේ කොයි කෙනත් එකයි. තමාගේ යැපීම වෙනුවෙන් ඕනෑම පැත්තක් ගන්න මැලි නොවේ රටේ සිංහල දෙමල හෝ මුස්ලිම් ජන කොටස් බෙදා ඒ බෙදීම් වාසියට හරවා ගනිමින් සාමාන්‍ය ජනකොටස් මුලාකරමින් හැසිරෙන පිරිසක් මිස නායකයන් නොවේ. මේ අයගෙන් තොර ශ්‍රී ලංකික දේශපාලනයක් පේනතෙක් මානයක නැත
හා එහෙනම් කවුරුත් මෙදා පාර පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලමු
සෑම ලාංකිකයෙකුම එකම නීති පද්ධතියකින් පාලනය වීම මුස්ලිම් ඇමතිවරු මේ මොහොතේ පිළිගත යුතුය.
වරද වරදක් සේ දකිනතුරු ඔවුනට නිවැරදි විය නොහැක. ලෝකයම 2020 ට සූදානම් වන්නේ සත්‍ය දකින විවෘත මනසකින් ය. ගොත්‍රික අදහස් සහ ගල් යුගයේ සිතුවිලි 2020 සමඟ සමපාත නොවන වග පටු මනසක් ඇති දුර්වල මිනිසුන්ට වැටහේවා.
මහින්ද මහත්තයා මේ කට්ටිය නැවත වතාවක් එකතු කර ගත්තොත් බොහෝ මාධ්‍ය මඟින් ඒ මොහොතේ සිට ඒ සියලුම දෙනා ක්ෂණික ජාතික වීරයින් බවට නම් කරනවා ෂුවර්...
මහින්ද මහතාගේ ගමනක අවසානය... එතුමා මේ අවස්ථාවාදීන් වැද්ද ගත්තොත් සිදුවේවි. මම එතුමා වෙනුවෙන් තුන් පාරක් කතිරය ගැසූ කෙනෙක්.
වැඩක් නැත
ජාතියේ ගැලවුම්කාරයෝ නොවන බව දැන්වත් පේනවද. මේක දැන්මම දැනගත්ත එක හොදයි
ජුනි තුන්වනදා වන විට රටේ මුස්ලිම් වරුන්ට එරෙහිව ඇති කර තිබුන තත්වය දෙස බලන විට සියලු මුස්ලිම් ඇමැතිවරුන්ට ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැතිවා වන්නට ඇති.
අපිද අන්තවාදය පතුරවන්නේ
දැන් දේශද්‍රෝහීන් නෙවෙයි.
රිෂාඩ් හොඳයිද දැන්... ?
එක්කෝ ඊයේ දිනය වනතෙක් ත්‍රස්තවාදියා ලෙස හැඳින්වුණු බදූර්දීන් අද දහවල් වනවිට දේශප්‍රේමියකු වී තිබිය යුතුය.
රිෂාඩ් බදූර්දීන්ට යළි 'දේශප්‍රේමී ' භාවය ලැබෙයි. විශ්වාසභංගය දැන් අවශ්‍ය නැත,
මහින්දට අපේ මනාපේ ලැබෙන්නේ නැත. මගේ ඡන්දය බොල් වෙනවා.
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට.
'මහින්ද , මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කර ඇත.' ඥාණසාර, රතන හාමුදුරුවරු.... ගම්මන්පිල, විමලේ... කෝ?
ලැජ්ජ ඇත්නම් ආයෙත් උපවාස කරන එකක් නෑ...
කට්ටියම එකතුවෙලා දඟලන්නේ සාෆිව බේරගන්න වගේ?
එක පක්ෂයකටත් වැඩි බලයක් දෙන්න නැතිනම්...... අඩු බලයක් තියෙන පක්ෂයට කරදර නොකර අවරුදු පහ කරගෙන යන්න දුන්නහම ඔය අයියලා නිකම්ම දන ගස්සන්න පුළුවන් මේ ගැන හොදට හිතල බලන්න බල ලොබ වෙන්නේ නැතුව රට ගැන හිතලා වැඩ කරන්න...
අර බමුණුආරච්චි මහත්මයා එහෙම මේ පැත්තෙන් ගියේ නැතෙයි...
මේක තමයි ඉතින් ක්‍රමේ... අපි මොවුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
මෙතන තමයි කෙළවෙන තැන ....
මම මේ කල්පනා කරේ ආණ්ඩුවේ මානසික වහලුන් කොපමණ මානසික පරිහානියකට පත්වී ඇත්ද කියායි.... දැන් කොතනද තියෙන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන්කරපු අසහාය නායකයා මේ මුස්ලිම් ඇමතිවරු තැනගේ රජයට එකතුකර ගන්නවා කියලා? කොහෙවත් නැහැ..... ඒක තමයි රටට තේරෙන, ආණ්ඩුවේ ගැත්තන්ට නොතේරෙන ඇත්ත
දැන් ඉතින් නම් පොහොට්ටු කුක්කෝ ටික කියාවි මේ මුස්ලිම් මැති ඇමැතිවරු ටික නියම දේශප්‍රේමී, ජාතිමාමක නියම බඩු ටිකක් කියලා. හුරේ..!! හිප්.. හිප් හුරේ...
දෙන්නම් ඡන්දෙ එන්නකෝ...!!!
මෙයාගේ ප්ලෑන් එකක් වගෙයි... මෙයාලා ඉල්ලා අස්වුනේ...
ඔන්න දැන් මුස්ලිම් දේශපාලකයන් දේශප්‍රේමීන් වෙලා වගෙයි... ඉස්සරහට කබරයෝත් තලගොයි වේවි...
මෙන්න ඇත්ත මෙයාලා මෙහෙය වන්නේ මහින්ද