(සිරංගිකා ලොකුකරවිට)
ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන් ද නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බවයි.
ළමා අපයෝජනයක් යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි.
ඇඳිරිනීතිය පැනවීමට පෙර ළමයින් සම්බන්ධ පැමිණිලි දිනකට 40ක් පමණ ලැබුණු අතර ඉන් 10% පමණ ළමා අපයෝජන සම්බන්ද පැමිණිලි විය. ඇඳිරිනීතිය පැනවූ පසු ගත වූ දින 07ක කාලයේ දී ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 111 කි. ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බව සභාපතිවරයා සඳහන් කළේය.
''ඇඳිරිනීති කාල සීමාවේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාත්මකව අඩුවී ඇතත් එහි ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. " යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම පැමිණිලි වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ළමා උපකාරක සේවාවේ 1929 හදිසි ඇමතුම් අංකයටය. එමෙන්ම වෙනත් දුරකථන මාර්ග ඔස්සේ ද ෆැක්ස් පණිවිඩ මගින් ද පැමිණිලි ලැබී තිබේ.මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
''ළමා අපයෝජනයන් සිදු කරන්නේ දරුවා හඳුනන අය වන දෙමාපියන්, වැඩිහිටියන් සහ දරුවන්ට රැකවරණය ලබාදෙන අය විසින්මයි. ඇඳිරිනීතියේ දී සිදුවන්නේ වෙනදා පාසල් ගිය, පන්ති ගිය දරුවන් ගෙදරට කොටුවීමයි. දෙපැත්තම ගෙදරට කොටුවීම නිසා ගෘහස්ථ හිංසනය, කෲරත්වය වැඩි වනවා, අපයෝජනය සිදුවෙනවා.
ඉතින් මේ නිසා දෙමාපියන්ට ලොකු වගකීමකින් තියෙනවා දරුවන් නිසි පරිදි රැකබලා ගැනීමට. ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතුයි. ළමයකුට පහරදීමෙන් ඒ ළමයා කායික හා මානසිකව තවදුරටත් හිංසනයට පත්වෙනවා. මේ වගේ අවස්ථාවක දී දරුවන් නිවෙස්වලට කොටුවී පීඩනයට පත්ව සිටින බව සියලු දෙමාපියන් වැඩහිටියන් තේරුම්ගත යුතුයි. අපිට පැමිණිල්ලක් ලැබුණාම අපි එ් සම්බන්ධයෙන් සොයා බලා අදාල අපයෝජකයා අත්අඩංගුවට ගන්නවා.
COMMENTS
දුවන මිනිසා හඳුනාගත නොහැකිය. නැවතුන පසු ලේසියෙන් හඳුනාගත හැකි නේද? ඔන්න දරුවනේ සැබෑ ආදරය හඳුනාගන්න අවස්ථාව. දෙමාපියන්ගේ වැරදි ආදරයෙන් පෙන්වා දෙන්න. මෙච්චර දවස් ඔයාලා දිව්වා.දිව්වා. හති වැටෙනතුරු දිව්වා මතකද? මොනවද හොයාගත්තේ ? සල්ලිද? අධ්‍යාත්මයද? ආදරයද? කරුණාවද? වෛරයද? ඉරිසියාවද? පළිගැනීමද? ධර්මයට නැඹුරු ෙවෙන්න. ඔබට සැමදා සතුටින් සිටිය හැකි වෙයි. අත්දැකීමෙන් කියන්නේ.
"වැඩක් නැති එකාගේ ඔලුව යකාගේ කම්මල" වගේ කියන්නේ ඇත්ත නේද? ඇඳිරි නිතිය එලියට බහින්න විදිහක් නැහැ. ඉස්සර තිබුනා වගේ පොඩි හරි වත්තක් පිටියක් නැහැ. ළඟ පාතක ගෙයකටවත් යන්න බැහැ. ඒගොල්ලොත් කොරෝනාවට බයේ. හැම තැනම තට්ටු නිවාස. දවස පුරාම කරන්න දෙයක් නැති උනහාම ? මොනවා කරන්නද? පොඩි උන්ටවත් ළඟ පාතක යාළුවන් එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්නවත් බයයි. දැන් ටික දවසකට ඉස්සරනම් පොඩි උන්ට අමතර පන්ති, අමතර ක්‍රියා කාරකම් . දැන් එකත් නැහැ. පොඩි කට්ටියගේත් මොලේ තියෙන්නේ මොකද අපි කරන්නේ කියලා. එතකොට ගෙදර උන්දැ. ළමයි අමතර පන්ති ගෙනියන්න තියනවා , කඩේ ගිහින් බඩු නොගත්තත් රවුමක් ගහලා හරි එන්න පුළුවන්, වට පිට ගෙදරක ඉන්න යාලුවත් එක්ක කයියක්වත් ගහන්න පුළුවන්. දැන් ඔක්කොම හබක්. ආ ජංගම දුරකතනේ? ඒකට සල්ලි දාගන්න විදිහක් නැහැ. ඔක්කොටම ඩෝන් ගිහිල්ලා. ඇයි සුපුරුදු රටාව වෙනස් වෙලා. එකම දේ තමා හොස්ස ලඟින් මැස්සා ගියත් තරහා ගන්න එක. එක නිවාගන්න එළියට යන්න බැහැ. ඇඳිරි නිතිය.. චීනයේ වුහන් පළාතෙත් දික්කසාද 300% කින් වැඩිවෙලාලු. පුරුවේ පිනකට දියවන්නාවේ 225 ගෙදර. නැතිනම් මොලේ ඩබල් කචල්. කොහොමද පෙරලිය.
මේ අය මිනිස්සුද ? ෙමේ ෙගෙවල් වලටම ෙකොටු වුනු දරුවන්ට වද දෙන්නේ ? කොරෝනා හැදිලා මැරිලා යන්න සුදුසු මේවගේ අය. ඇයි දෙයියනේ තමන්ගේ ලෙයින් හැදුනු දරුවන් ආදරෙන් බලාගන්න බැරි ?
පෙරදිග රටවල් කාර්මික දැනුමෙන් දුප්පත් වුවත්, අධ්‍යාත්මික දැනුමෙන් පොහොසත් පිරිසක් ලෙසයි මිනිසුන් සලකන්නේ. නමුත්, මේ පුවතින් දක්වන්නේ, අපේ රට හැම දෙයින්ම දුප්පත් රටක් බවයි. මෙයට වගකීම ගත යුත්තේ දේශපාලකයින් නොව, රටේ වාසය කරන මිනිසුන්මයි.
ස්වභාවධර්මයාට මිනිසාව පසෙකට ඇද, ගෙවල් අස්සටම දමා ස්වභාවධර්මයාට මිනිසා විසින් කල අපරිමිත හානිය යලි සකස් කර ගනිමින් පවතී. වාතය පිරිසිදුවෙමින් පවතින අතර ඕසෝන් ස්ථරයේද පලුදු වූ තැන සැකසෙමින් පවතී.
කොරොන්ටයින් මිසක් කොරොල් ටයිම් නෙවේ.
පාසල් ගියා නම් හොදයි කියලා නේද මේ කියන්නේ ? පාසල් තුළ ගුරුවරුන්‌ගේ ආදරය දෙමාපියන්ට වඩා ලැබෙන බවයි ඔය කියන්නේ.
නිදහසේ දහදුරාවේ යන්න බැරිවෙනකොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා.
බුදු බණට හීලෑ වුන යක්කු ඉන්නෙ කිව්ව නේද? මේ දවස්වල බන අහන්න විදිහක් නැති නිසා හීලෑ ගතිය අඩු වෙලා ඇති.
මෙම ප්‍රශනය ලොව පූරා පැතිරිලා. මේ නිසා ඔස්ට්‍රලියාවේ තවම පාසල් වහලා නැහැ, බොහෝ පාසල් ගෙවල් වලට ළඟ නිසා. මත් පැන් පානය වැඩි වෙලා.