IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ඇතින්නියන් 7 දෙනාගේ මරණවල වගකීම රජය බාරගනී

(කාංචන කුමාර ආරියදාස)

හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ මිය ගොස් සිටි ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය බාර ගන්නා බව සංචාරක  වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.

මාධ්‍ය මගින් දැනුවත් වනතුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරයකු තමන්ව දැනුවත් කර නැතැයි අලුවිහාරේ මහතා කීය. හිරිවඩුන්න රක්ෂිත ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

වන අලින් හා ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම වැළැක්වීමට රජය ක්‍රියාත්මක නොවීමෙන්  මෙම වන අලි මරණ සිදුවන බවත් එහි වගකීම රජය විසින් බාර ගැනීම සිදු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි බරපතල ව්‍යසනයක් සිදුව ඇතත් මේ විටත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හෝ කිසිදු නිලධාරියකු රජය දැනුවත් නොකිරීම බරපතල වරදක් බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සිගිරිය වනජීවී අඩවි ආරක්ෂක ආර්. එම්. චන්ද්‍රා බණ්ඩාරනායක මහතා මෙසේ කීය.

'මියගිය ඇතින්නියන් කිහිපදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. යම්කිසි විසක් ශරීරගත වීමෙන් මියගිය බවට දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එහෙත් නිශ්චිත වශයෙන් කුමන වසක් විසක් ශරීරගත වූණේද කෙසේ ශරීරගත වුණේ ද යන්න තවදුරටත් සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරනවා.'

එම වාර්තාව කඩිනමින් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීයාට උපදෙස් ලබා දුන්නේය.

මේ වනවිට අලි මිනිස් ගැටුම රටපුරා පවතින බවත් එම නිසා කඩිනමින් යුද හමුදාව යොදාගෙන රක්ෂිත විදුලි වැටවල් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් කිසි මිනිස් ක්‍රියාකාරකමක් තුළ මෙම වන අලින් මිය ගියේ නම් පරීක්ෂණ වාර්තා සොයා බලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කිසිදු තරාතිරමක් නොබලා  පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම ස්ථානයේ සිටි වනජීවී නිලධාරීන් සමඟද ඔවුන්ට ඇති අඩුපාඩුකම්  පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.



අදහස් (28)

ඇතින්නියන් 7 දෙනාගේ මරණවල වගකීම රජය බාරගනී

ධම්ම Sunday, 29 September 2019 05:09 AM

එකෙක් කියනවා, අනිකා අහගෙන ඉන්නවා. වැඩ නෑ. ඔන්න ප්‍රශ්න විසඳන ක්‍රමේ...

:       0       19

ආයු. වෛ. එච්.එම්.විතානාච්චි Sunday, 29 September 2019 05:28 AM

සත්තු ඉන්නේ කැලේ නෙමෙයි. වනජීවී දෙපාර්තමේන්තුවේ. මම නූතන පරපුර ආයුර්වේදය පිළිබඳව දැනුවත් කරන්න රුපියල් කෝටි 11ක් වියදම් කරලා මහියංගන දඹානේ ලංකාවේ එකම ආයුර්වේද කෞතුකාගාරය හැදුවා. උදේ 8 ඉඳලා හවස 6 වෙනකල් මහජනයාට නැරඹීමට අවස්ථාව තියෙද්දී රාත්‍රී 9ට විතර තුවක්කුත් අරගෙන වනජීවී එකේ 10 දෙනෙක් තුවක්කුත් අරගෙන ඇවිල්ලා මුරකාරයාගේ දුරකථනයත් උදුරලා අරගෙන ප්‍රදර්ශනයට තියලා තිබුණු පෞරාණික බෙහෙත් මංජුසාවල්, ගවඅස්ථි වලින් හදපු බෙහෙත් හැරමිටි, අලිහක්ක වගේ දේවල් ගලවාගෙන ගිහින් නඩු දාලා උසාවියෙන් රුපියල් 110,000/- දඩ ගැහුවා. අලි හක්ක මම මිලදී ගත්තේ කොළඹ ගබෝස් ලේන් එකෙන්. ගලවගෙන ගියපු අනෙක් සියලු මන්ජුසාවන් අවුරුදු දහස් ගණනක් පැරණි ඒවා. වනජීවීය කියන්නේ අනවසරයෙන් සත්ව කොටස් ළඟ තබා ගැනීමට විරුද්ධවලු අත්අඩංගුවට ගත්තේ. ප්‍රධාන දොරටුව අසලට දාල තුබුණු වීදුරුවත් බිඳලා. පොලීසියට කිව්වම කියනවා වනජීවී එකත් එක්ක නඩු කියන්නලු.

:       0       91

Amila Sunday, 29 September 2019 05:29 AM

අර කට්ටඩියන් එක්ක ඉන්න අපේක්ෂකයා ගැන පරීක්ෂණයක් කරන්න. මිනිහා තමයි ඕකත් කරන්න ඇත්තේ...

:       61       213

Amila Sunday, 29 September 2019 05:29 AM

අර කට්ටඩියෝ එක්ක ඉන්න අපේක්ශකයා ගැන පරීක්ෂණයක් කරන්න. මිනිහා තමයි ඕකත් කරන්න ඇත්තේ...

:       69       205

Akila Sunday, 29 September 2019 05:37 AM

දැන් ඔය අනාතවෙලා ඉන්න අලි පැටවාව අපේ ලෝක ප්‍රසිද්ධ පින්නවලට බාර දේවි.., සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න.

:       0       8

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 29 September 2019 06:00 AM

නිසි දඬුවම් ලබා දිය යුත්තේ ඇමැතිවරයාටයි. වන අලින් හා ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම ඇමැතිවරයා දන්නේ නැද්ද? නැතිනම් මෙයත් දැනගත්තේ මාධ්‍ය මගින්ද? කිසිම නිලධාරියෙක් මෙයට වග කිවයුතු නැත. ඇමතිවරයෙක් වුනාම ඕනෑම දෙයක් කතා කරන්න පුලුවන්ද? වගකීම බාරගන්න බව නිලධාරියෙක් කිව්වා නම් පරීක්ෂණ පවත්වන්න පුළුවන් නම් ඇමතිවරයාට විරුද්ධවත් පරීක්ෂණයක් පැවැත් විය යුතුයි.

:       10       141

ලක්ෂිත Sunday, 29 September 2019 06:36 AM

යකෝ, අලි මැරුණාම වගකීම බාරගන්නවා. අර මිනිස්සු මැරුණු වෙලාවේ ඒකේ වගකීම බාරගන්න කවුරුත් නෑ.

:       17       44

janahitha Sunday, 29 September 2019 09:41 AM

හරි මල්ලි මොනවා කරන්නද? ළඟ එන ඡන්දෙදීවත් අපි ගැන වගකියන එකෙක් හෝ පවුලක්ම වුණත් කමක් නැහැ... පත්කරමු. සමනලයන් නම් ආයේ කවදාවත් රට පාලනය කරන්න නොගෙන ඉමු. මල් පුළුවන් තරම් වවමු ඔවුන් වෙනුවෙන් 62 ලක්ෂටම නිවන් සුව ලැබෙනවා... ඔන්න ඕකයි තත්වේ.

:       127       158

lalithmWednesday, 02 October 2019 03:18 AM

අලියා තිරිසනෙක්. උන්ව බලාගන්න ඕනේත් මිනිසුන් විසින්.එත් මිනිස්සු තිරිසනුන්ට අන්ත වුනාම ලෝකේ පවතින්නේ කොහොමද?

:       0       0

Dasuni Sunday, 29 September 2019 07:02 AM

රටේ මිනිස්සු ගැනවත්, සත්තු ගැනවත් බලන්න කාටවත් වෙලාවක් නැහැනේ. දිනුවට කිය කිය තමන්ගේ බඩ වඩාගන්න ඡන්දෙට වැඩ කරන්න තියනවනේ. අපේ රටට ගිය කලක්..

:       0       22

anura Sunday, 29 September 2019 07:19 AM

පෘතුවියට කිලෝමීටර් ලක්ෂ ගණනක් ඈතින් සිදුවන දේවල් දැකීමටත් හැකි අවධියක ලංකාවේ කිලෝමීටර් දෙතුන් සීයකට ඈතින් සිදුවන දේවල්, දැනුවත් කරන තෙක් නොදැන සිටියායි කීම හරියට පාස්කු ප්‍රහාරය ගැන නිලධාරීන් කළ ප්‍රකාශ හා සමානය. මහජනතාවගේ මුදලින් නිකම් පඩිකන මෙම අකාර්යක්ෂම නිලධාරීන් පන්නා දමන්න ඕනේ. රජය වගකීම් භාරගත්තයි කියන දේ තේරුම කුමක්ද? මියගිය අලින්ගේ නෑදෑයන්ට වන්දි මුදල් දෙන්නද බලාපොරොත්තුව? වනාන්තරේ අලින් මරන්නේ, එම සත්වයන් මෙම ප්‍රදේශවලින් ඉවත් වුණාම විල්පත්තු සංහාරකයින් වැනි අයට මෙම ප්‍රදේශ අල්ලා ගත හැකි වන නිසයි. බලධාරීන් උඩ බලාගෙන සිටින්නේ එයට උල්පන්දම් දීමටයි.

:       0       50

මංජුල Sunday, 29 September 2019 07:29 AM

ජනාධිපති අපෙක්ෂකයකුගේ බිලි පූජාවක් කියලයි තියෙන්නේ...

:       120       342

SamiraSunday, 29 September 2019 11:48 AM

දැන් කවුද ඔය අපේක්ෂකයා...?

:       0       1

PereraTuesday, 01 October 2019 06:29 AM

ඒක ඇත්ත වගේ. හැමෝම එහෙම කියනවා. ඒක මහා අපරාධයක්. මේ වගේ මිනිස්සු තමයි ජනාධිපති වෙන්න තරග කරන්නේ.මෙයාලට ඡන්දේ දෙන අයත් ඒ වගේම මෝඩයෝ.

:       0       0

Kalu Sunday, 29 September 2019 07:42 AM

ජනාධිපති වෙන්න කලින් අලිසන්හාරය, ජනාධිපති වුණාම මිනිස් සංහාරය. හංසයා රජකරන්න අලිමැරීම...

:       258       381

bandaSunday, 29 September 2019 09:54 AM

කලුගේ මොලේ වයර් මාරුවෙලාද?

:       146       229

කුමාර Sunday, 29 September 2019 07:44 AM

වගකීම බාරගන්නවලු. හොඳයි ඊගාවට මොකද කරන්නේ? මේ ආණ්ඩු කාලයේම මහ බැංකුව බිංදා. දැන දැනම බෝම්බ වලින් මහජන ජීවිත හානියට පත්වීමට සැලැස්සුවා. කිසිම වගකිවයුතු දේශපාලකයෙකු මොකද කලේ? අඩුම තරමින් කවුරුවත් වගකීම බාරගත්තද? කල් මරමර ප්‍රශ්ණ අමතර කෙරෙව්වා විතරයි. මේක කලින් ආණ්ඩුකරපු අයටත් පොදුයි.

:       85       211

Sunil gikiyanage Sunday, 29 September 2019 08:10 AM

මැරුණු ඔක්කොම ඇතින්නියෝ. ඡන්දෙට බිලි පුජාවක් වත් කළාද? ඔය සාපයෙන්ම පරාදවෙයන්...

:       99       191

රොමේෂ් Sunday, 29 September 2019 08:28 AM

වගකීම රජය බාරගන්නවා කියන්නේ මොකක්ද? මිනිමරුවෙක් මිනීමැරුමක වගකීම බාරගත්තම ඔහුට දඬුවමක් ලැබෙනවා. නමුත් මෙතන වගකීම බාරගන්නවා කියන්නේ පුස් වචන කිහිපයක් විතරයි. වනජීවීන්ගේ ආරක්ෂාව භාරව ඉන්න ඇමති දැනගන්න ඕනෑ තමන් යටතේ ඉන්න සේවකයන් මෙහෙයවා තමන්ට රජයෙන් පවරා තිබෙන වගකීම ඉටුකරන්න. බැරි නම් ගෙදරට වෙලා පුළුවන් කෙනෙක්ට කරන්න දෙන්න. වනජීවී ඇමතිට වනසතුන් කියන්නේ තමන්ගේම දරුවන් වගේ හැඟීමක් තිබිය යුතුයි. මේ මරුණු ඇතින්නියන් 7 දෙනා තවත් ඉලක්කමක් විතරයි වගේ...

:       0       85

අමරතුංග Sunday, 29 September 2019 09:47 AM

ඔබ හරි. වැරද්දක් වෙලා කෙනෙක් වගකීමක් බාරගන්නවා කියන්නේ ඔහුට දඬුවමක් දිය යුතුයි කියන එකයි. රජය වගකීම බාර ගන්නවා කියන එකේ කිසිම තේරුමක් නැහැ. වගකීම බාරගන්න ඕන එහෙනම් වනජීවී අමාත්‍යාංශය.. එහෙම නම් හරි. එතකොට වනජීවී අමාත්‍යංශයට මොකක්ද ලැබෙන දඬුවම...?

:       0       32

PURAN APPU Sunday, 29 September 2019 09:41 AM

මේවට හිනායන්නේ වෙනවෙන තැන්වලින්. දැන් කවුද වගකීම බාර අරන් හිරේ යන්නේ? එතකොට තමුන්ගේ පුද්ගලික ධනයෙන් දඩ ගෙවන්නේ කව්ද? අපි මේ වගේ ගොන් කතා ඕනතරම් අහලා තියනවා. අර පොඩි ඇතා තමුන්ගේ අම්මා වටේ කැරකෙන කොට දුක වාවන්න හැකිද මිනිසුන් වුණු අපිට..? බුදුන් තුන් වරක් වැඩියා කියන දේශය නේද මේ...?

:       0       24

Ruhunu Sunday, 29 September 2019 09:45 AM

රටේ ජනාධිපතිත් එකයි, ඇමැතිවරුත් එකයි.. එයාලා රටේ වෙන සියලු දේවල් දැනගන්නේ පත්තරවලින්. රටේ වෙන දේවල් ගැන හොයන්න තව මෙයාලට වාහන පර්මිට්, තෙල්වලට දීමනා දෙනවද? මෙයාලා ගන්න වැටුපටත් සාපයක් වෙනවා.

:       0       105

mangala Sunday, 29 September 2019 10:16 AM

වගකීම බාරගත්තා කිව්වනේ. දැන් ඉවරයි හරිය. ආයි කටක් හොල්ලනවා නෙවෙයි හොඳද? එනවා මෙතන...

:       0       22

raheem Sunday, 29 September 2019 10:32 AM

දුකයි තමයි... එ්ත් වෙලාවකට අර සිංදුවක් මතක් වෙනවා "නැට්ට පිටින් අලි මැරෙනවා මහා වනන්තරේ"

:       0       4

maheshika Sunday, 29 September 2019 02:56 PM

ගෙදර පල. වරද පිළිගත්තා කියන්නේ තමන්ගේ රාජකාරිය පැහැර හැරියා කියන එක.

:       1       111

indrajith Tuesday, 01 October 2019 01:20 AM

මේසා විශාල අපරාදයක් රහස් පොලිසියට බාර නොදෙන්නේ ඇයි

:       0       0

de silva berlin Tuesday, 01 October 2019 04:28 AM

යුරෝපයේ රටක නම් වගකීම භාරගන්නවා කියල කිව නම් බොහෝවිට ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ,එහෙම නැත්නම් පරිපාලනය කරන ඉහල නිලධාරීන්ට විරුද්ධව පියවරක් ගන්න ඕනේ, මෙතන වෙන්නේ වගකීම භාරගත්ත කියල කටින් කියල නිකන්නම මුකුත් නොකර ඉන්න එක. මේක දැන් ලංකාවේ මෝස්තරයක් වෙලා .

:       0       0

Jehan Tuesday, 01 October 2019 09:33 AM

සජිතේගෙන් අැහුවනම් විස මොකද්ද කියලා කියයි.

:       103       408

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1558 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 615 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1010 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 965 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 370 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 554 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site