IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආසාදිත - නිරෝධායනයේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට 5000 දීමනාවක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යම් පොලිස් නිලධාරියකුට කෝවිඩ් -19 වැළදී ඇති නම්, නිරෝධායන කදවුරක් සඳහා යොමු කර තිබේ නම්, ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ යැපෙන්නන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

''අභීත පොලිස් නිලධාරීන් දිවා රෑ නොතකා මාර්ග බාධකවල, ඒ වගේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් රාජකාරි කිරීම මෙන්ම හුදෙකලා කරන ලද ප්‍රදේශවල, නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන  ප්‍රදේශවල, ශ්‍රී ලංකාව පුරාම සෞඛ්‍ය අංශ සමග එකතු වී කොවිඩ් මර්දනයට කරන ලද දායකත්වය ඇගයිය යුතුයි.  ඒ නිසාම  සමහර වෙලාවට ඔවුන් මේ වයිරසයේ ආසාදිතයන් බවට පත් වී තිබෙනවා. ඔවුන් කරන ලද  කරන ලද සේවය අගය කිරීමක් ලෙස හා විශේෂයෙන්ම පවුල්වල අයට  මෙවැනි දීමනාවක්, පැකේජයක් ලබාදීමට පොලිස්පතිතුමා තීරණය කර තිබෙනවා.

මේ වන විට පොලිසියේ යම් ප්‍රමාණයක් හා ආසාදිත වී තිබෙනවා. කුමන අවස්ථාවක එවැනි තත්ත්වයකට පත් වුණත් පොලිසියේ රාජකාරි අපි අඛණ්ඩව සිදු කරනවා.  ඒ වගේම නිරන්තරයෙන් සෞඛ්‍ය  ආරක්ෂණ කටයුතු  වර්ධනය කිරීමට  අපේ උපරිම සහාය සෞඛ්‍ය බලධාරීන්ට ලබාදීමට කටයුතු කරනවා'' යැයිද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



අදහස් (1)

ආසාදිත - නිරෝධායනයේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට 5000 දීමනාවක්

Hisar Tuesday, 10 November 2020 06:02 AM

මෙ අයට තව රජයෙනුත් සල්ලි දෙන්න ඕනෙද? ඔය කාලකන්නි පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් ජරාව කාල කාල ඔවුන් ළඟ ඕනතරම් සල්ලි තියෙනවා... තව රජයෙනුත් දීපන්කො...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site