IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට නවගමුව රෝහල වෙන්කෙරේ

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සහ නිවෙස් ගත නිරෝධායනයට යොමුකරනු ලබන ආශ්‍රිතයන් අතරින් හදිසියේ කොවිඩ් ආසාධිත සිසුවෙකු හමුවුවහොත් එවැනි සිසුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවට සහයෝගයක් ලෙස නවගමුව රෝහල වෙන්කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතා අද (22) පැවසීය.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේ දී මේ බව හෙතෙම සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.
 
ආසාධිත තත්වයට පත් එවැනි සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් රෝහල තුලදී එකී පහසුකම් සැපයීමට ද බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
 
එන්නත්කරණ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරීන් සහ නිරෝධානය වෙන නිවෙස් හා සම්බන්ධ වෙමින් බඩු භාණ්ඩ බෙදා දෙන සේවක කණ්ඩායම් වෙත කොරෝනා එන්නත ලබාදීමේ ප්‍රමුඛතාවය ලබාදීම පිළිබඳව ද අවධානය යොමුකළ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
මේ අවස්ථාවට යුද හමුදා  ආඥාපති (බටහිර) කොවිඩ් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් වසන්ත ආබෲව් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කො. උතුර) මංගල දෙහිදෙනිය මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කො. මධ්‍යම) නිශාන්ත චන්ද්‍රසෙකර මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ(කොළඹ) වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (අවිස්සාවේල්ල) බී.ඒ.ඩබ්.කේ. වීරසේකර මහතා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට නවගමුව රෝහල වෙන්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site