IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්

(  නිමන්ති රණසිංහ )
උපවාසයේ යෙදෙන  ආබාධිත රණවිරුවන්ට  ජනාධිපති මන්දිරය, ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර,  ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළු වීම වළක්වාලමින්  කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද ( 18)  තහනම් නියෝගයක්  නිකුත් කළේය.

කොළඹ කොටුවේ පැවැත්වෙන ආබාධිත  රණවිරුවන්ගේ  උපවාසය හේතුවෙන්  මහජනයාට  හිරිහැර සහ බාධා ඇති වන  බවට   කොළඹ මධ්‍යම පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ,නීතී කොට්ඨාසබාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සහ කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මහෙස්ත්‍රාත්වරයා   විසින්  කළ  නියෝගය  කඩ කරන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්  වේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසද ,තහනම් නියෝගය මහජනතාවට ප්‍රදර්ශනය කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

 



අදහස් (6)

ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්

sriya Wednesday, 18 September 2019 07:59 AM

දෙපාමුලට යනවා කිව්වා එක්කෙනා තාම ආවේ නැහැනේ .

:       0       26

rupika Wednesday, 18 September 2019 08:28 AM

අපිට ඉතින් නීති කඩන්න බැහැනේ... මේවා දෙවියෝ බලාවි අනේ..!!!

:       0       25

mangala Wednesday, 18 September 2019 08:53 AM

කළගුණ නොදත් ජාතිය. කළගුණ නොදත් පොලීසිය සහ පාලක පාලනය.

:       11       73

සේන Wednesday, 18 September 2019 08:58 AM

මේ රණවිරුවන්ට සවන් නොදෙන්නේ ඇයි ? ඔවුන් ඇස්, ඉස් , මස් ලේ දන්දුන්නේ රට රැක ගන්න නේද ? නිවට නියාලු පාලනයට එය වැදගත් නොවුනට රටට වැදගත්. නුදුරේදීම සාමාන්‍ය ජනතාව ඔවුන් සමඟ එක්වේවි.

:       0       58

ranilWednesday, 18 September 2019 09:18 AM

සොල්දාදුවෝ කියන්නෙ විනය ගරුක කට්ටියක් වෙන්න ඕනෙ. විශ්‍රාම ගියත් සොල්දාදුවා වගේ ඉන්න බැරිනම් ඒ අයට විශ්‍රාම වැටුපක් දෙන්න ඕනෙත් නෑ. ඒ අය තමන්ගෙ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ආමි එකට ගිහින් ඒ මාර්ගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනෙ. නැතුව මේ පාරවල් වල ඉදන් සල්ලි ඉල්ලන්න බෑ. කවුරු හරි කියනවද මේ අයගෙ ඉල්ලීම් මොනවද කියල? මම හිතන්නෙ මේ අය දන්නෙත් නෑ ඇයි ඒඅය පාරෙ ඉන්නෙ කියලා. යම් කෙනෙක් යුද්දෙ ගැන කියල අනුකම්පාව පතනවනම්, ඒ කාලෙ අනික් රාජ්‍ය සේවකයොත් මැරුනා ක්‍රියාන්විත වලදි. ඒ අයට මේවා අකැපද ?

:       151       176

darsh Wednesday, 18 September 2019 09:08 AM

පොලිසිය දින 10ක් මැරීන් ඩ්‍රයිව් එක වසා දමා මිනිසුන් අපහසුතාවයට පත් කළා. එකල නීතියට සිදු වූයේ කුමක්ද?

:       26       147

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site