IMG-LOGO

ආදායම් බදු දෙපාර්තමේන්තුව යළිත් කෝපා කමිටුවට කැඳවයි

(බන්ධුල ඉලේපෙරුම)
 
බදු සහ දඩ මුදල්  රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් එළැඹෙන මාර්තු 10 වැනිදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැදවා තිබේ.


පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී  විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසත් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඒඅනුව බදු එකතු කිරීම සම්බන්ධව ආදායම්බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර හා සැලසුම් මෙහිදී කෝපා කමිටුවේ සාමාජිකයන්ගේ විමර්ශනයට ලක්වනු ඇත.

මීට අමතරව මාර්තු 09 වන දින ශ්‍රී ලංකා රේගුව කෝපා කමිටුවට කැදවා ඇති අතර මාර්තු 23 වන දින  කලා විෂයයන් හැදෑරීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය. 

එසේම මාර්තු 24 වන දින  වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර මාර්තු 25 වන දින  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැදවා ඇත.



අදහස් (0)

ආදායම් බදු දෙපාර්තමේන්තුව යළිත් කෝපා කමිටුවට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site