
( බන්ධුල ඉලේපෙරුම)
ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය.
“බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.
මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක් ලෙස ඉතිහාසගත වෙනවා”
“ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා.
දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා. ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි.
සෑම පවුලකම කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි. සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා” යැයි ද රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
COMMENTS
ලැජ්ජයි!
ෆෝන් කාඩ්, මේකප් බඩු, ඇඳුම් ජුවලරිවලට වියදම් කරන්න පුළුවන්. ඕකට තමයි අමාරු. මොනවා නැතත් අපිට අද රටක් තියෙනවා.රට රැකගන්න කැපවීමක් කරන්න.
ආනයනය කරන කෙනෙකුට රිදිලා වගේ.
අපේ වගේ රටක කාන්තාවක් කෙසේවෙතත් පිරිමියෙකු හෝ අමුඅමුවේ කිසිදු හිරිකිතයක් නැතිව මේ වගේ අමන කතා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මෙවන් කතා වාචාලකමට ඇතැම් ගැහැණුන් කීවත්, එයින් තමන්ගේ හැදියාව, පවුල් පසුබිම හා හතර වරිගේම සැබෑ තතු රෙදි නැතිවම එළියට පනින බව සමහරුන් දන්නේ නැහැ. කැපී පෙනෙන්න කිව්වත්, ගැලරියේ අය මේවාට විසිල් ගැහුවත් මේවා ප්‍රසිද්ධියේ හරි හමන් හැදිච්ච ගැහැණුන් කිසිවිට කියන්නේ නැහැ. කාන්තාවන් නෙමෙයි පාර්ලිමේන්තු ගිහිල්ලා ජාතික ධනයෙන් වරප්‍රසාද ලබන්නේ... මට හිතෙන විදිහට කිව්වොත්, බුලත් විට විකුණන ගැහැණුන් ... ආයේ ඒකේ කිසි සැකයක් නැහැ...
අයියෝ, ඔය 15% බද්ද මොනවා කරන්නද? ඕක සියයට සියයකින්ම වැඩි කරන්න. ඕවා දා ගත්තාම අපේ ලංකාවේ කාන්තාවන් ඕනෑවට වඩා දඟලනවා. උඩ පනිනවා වැඩියි.
මේ රටේ කාන්තාවන්ට නොමිලේ දෙනවයි කිව්වම දැන් මොකද වෙලා තියෙන්නේ? ලක්ෂ 69ක් ඉන්න කාන්තාවන් දැන් මොකද කියන්නේ...? පරණ ක්‍රමයටම යනවද?
සමිත සේනක අලුත්ගමගේ, බද්රානි, මේ දෙන්නට අම්මලා ඉන්නවද? නැත්තන් ඕපපාතිකයෝද?
ඇත්තටම ඔබ ගැන ලජ්ජයි. හැම මාතෘකාවකින්ම දේශපාලනය නොකරන්න. රටේ කාන්තාවන්ට මෙය ගැටලුවක් කර නොගනු ඇත. රජයක් පවත්වා ගෙනයාමට පිරිවැය අවශ්‍යයි. ආර්ථිකය යනු කළමනාකරණය කර පවත්වා ගෙන යන දෙයකි. ඒ ගැනත් සිතන්න.
ගරු මැතිතුමියනි, පාවිච්චි කළ ඒවා විසිකරන්න එපා. හැම කාන්තාවන්ටම දැනුම් දෙන්න ඒවා පාර්ලිමේන්තුවට එවන්න කියලා. සභානායකතුමා ඒවා මැති ඇමැතිවරුන්ට බෙදලා දෙයි මුඛ ආවරණ වශයෙන් පාවිච්චි කරන්න කියලා. කට්ටියම පොරකයි වාහන බලපත්‍රය ලැබුණා වගේ... බලන්න බොරුද කියලා.
ඇතැම් විපක්ෂ දේශපාලකයින්ට ඕන චරිතයක් වෙන්න. අද අනිවාර්යයෙන් මේකටත් මාධ්‍ය සාකච්ඡාවක් තියේවි. අපව ජත්‍යන්තරයට රැගෙන යාවි.
'ස්ත්‍රීත්වය' ට ගෞරව කරන්න. අවමන් නොකරන්න ඇයගේ පෞද්ගලිකත්වය විනාශ නොකරන්න.
නයනා, පිරිවැය කියන වචනේ තේරුම දන්නේ නැති බව පෙනේ. රජයක් පවත්වාගෙන යෑමට ඕන පිරිවැය නොවෙයි ආදායම්... 69 ඉන්නේ ඔය ජාතියේ අය තමයි. ඒ ගැන කණගාටුයි...
සමිත, ඔයා වැනි කෙනෙක් , බද්‍රානි වැනි කෙනෙකුගේ ගොඩට වැටීම ගැන කණගාටුවට පත්වෙමි.
අපේ රටේ පුදුම මිනිස්සු ඉන්නේ.. ඕනම පුවතක් පලවුණ ගමන් ඒක තමන්ගේ පක්ෂයට අවාසි නම් කොතරම් සාධාරණ, සත්‍ය වුණත් පහර ගහනවා. මම මේක වැඩි වශයෙන් දකින්නේ වත්මන් ආණ්ඩු පක්ෂයට කඩේ යන අයගෙන්...
පව්, සමිත සේනක අලුත්ගමගේට අනුකම්පා කරන්න. කඩේ ගියාට හරිම බොළඳයි වගේ...
ඕකට ඔයහැටි කලබල වෙන්න ඕනේ නැහැ. පිරිමි අපිට පුළුවන් ඕක නවත්වලා දමන්න. එතකොට නොමිලේ තුවා සොයසොයා යන්නේ ඕනේ නැහැ.