(තිළිණි ද සිල්වා)
අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.
අසර්බයිජාන්හි ලංකාවේ තානාපති කාර්යාලයක් නොමැති අතර ටෙහෙරාන්හි පිහිටි තානාපති කාර්යාල නිලධාරීන් විසින් එම රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
එම රජය මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බව ද රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.
අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇති අතර එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිව සිටි ශිෂ්‍යාවන් තිදෙනෙකි.
මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවද වාර්තාවේ.
මියගිය මෙම ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
COMMENTS
මොකටද ඉගෙන ගන්න ඒ රටවල් වලට යන්නේ ?
කෙටියෙන් කියතහොත් එකතරා සංගමයක උද්දච්චභාවය හේතුවෙන් සහ අසරන රෝගීන් ඇපයට තබා කරන වර්ජන වලට බියපත් පාලකයන් හමුවේ, රටේ නූගත් අසරණ ගැහැනුන් වහල් සේවයට යවා සහ ඇඟලුම් සේවිකාවන් හොයනා විදේශීය විනිමය වැයකර වෛද්‍යය සිහිනය සෑබැකර ගැනීමට ගොස් මෙවන් අකල් මරණ වලට මුහුණ පා ඇත. මෙවන් ඛේදවාචකයක් විටින් විට අසන්නට සිදුවේ. වහාම ඉහළ මිලකට හෝ විධිමත් වෛද්‍ය උපාධිය දීමේ ක්‍රමයක් ඇතිකළ යුතුයි.
අකාලයේ දිවියෙන් සමුගත් එම දියණියන් තිදෙනා හට නිවන් සුව පතමු. මතු උපදින කිසිම භවයකදී මෙවැනි අකල් මරණයන්ට ගොදුරු නොවේවා!!! ශෝකයට පත් එම දෙමාපියන්හට අපගේ සාතිශය ශෝකය පළකර සිටිනවා.
නොසිතු මොහොතක ජිවිතයෙන් සමුගත් මේ අහිංසක දරුවන් සියලු දෙනාටම නිවන් සුව අත්වේවා !!
ඒ ළමයි මේ විශ්වවිද්‍යාලයට ගියේ කොහොමද? කවුද මේ අයව යැව්වේ මේකත් තව ජාවාරමක්ද?
විවිධ ආණ්ඩු, රජයන් අවුරුදු 71 ක් තිස්සේ රජකම් කළත් දරුවන්ට තමුන්ගේ රටේ හරි උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදා දෙන්න බැරි වුන එකේ ප්‍රතිඵලයි මේ අහිංසකයන්ට ජිවිතයෙන් ගෙවන්න වෙලා තියෙන්නේ. දෙමව්පියොත් මේකට හවුල් එවැනි ආණ්ඩු /රජයන් පත් කළේ දරුවන්ට මේ ඉරණමට පත් කරන්නද? කල්පනා කර බලන්න අපි කොහෙද ඉන්නේ කියලා ? දරුවනි ඔබලාට නිවන්සුව! නැවත මෙවන් රටක නුපදිවා!
අද ලංකාවේ ළමයින්ට වෙන රටවල ගොස් දහ දුක් විඳ ඉගෙනගන්ට සිදුවී තිබෙන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අකුල් හෙළන කුහක වෛද්‍ය සංගමය නිසයි.