
(අමදෝරු අමරජිව)
ලංකා ඛණිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි යන්ත්‍රාගාර සේවකයන්ට ලැබිය යුතු අලුත් අවුරුදු ප්‍රසාද දිමනාවේ ප්‍රශ්ණයක් මුල්කර ගෙන සේවක වැඩ වර්ජනයක් ආරම්භ කිරිම නිසා අද (07) යන්ත්‍රාගාරයේ මෙහෙයුම් කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල විය.
වැඩ වර්ජනයක් කළ සේවකයන් යන්ත්‍රාගාර පරිශ්‍රයේ රැදිසිටිමෙන් ප්‍රධාන දොරටුව වසා දැමිම නිසා ඛණිජ වැලි ප්‍රවාහනය සදහා පැටවු ලොරි භූමියෙන් පිටතට යෑමට නොහැකිව රැදි සිටින අයුරු දැක්නට ලැබුණි.
යන්ත්‍රාගාරය, ඉන්ධනහල හා පරිපාලන කාර්යාලයේ ඇතැම් අංශවල සේවකයන් මෙම වැඩ වර්ජනයට එක් වි සිටි අතර කම්හල හා එහි ස්ථාන පාලුවට ගොස් තිබුණි.
සේවකයන් පවසන්නේ සෑම වසරකම අලුත් අවුරුදු ප්‍රසාද දිමනාව රුපියල් ලක්ෂයට වැඩි මුදලක් ලබාදුන් අතර මෙවර එම මුදල අඩුකර ඇති බවත්ය.කොරෝනා වසංගතය හමුවේ මෙහෙයුම් කටයුතු සිදුවෙද්දි ආයතනය පාඩු නොලබා රැකගත් සේවකයන්ට සලකන්නේ මෙලෙස දැයි ප්‍රශ්න කරයි.
මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ලංකා ඛණිජ වැලිසංස්ථාවේ සාමාන්‍යාධිකාරි උදය ද සිල්වා මහතා පැවසුවේ අමාත්‍යාංශ්‍ය සමග සාකච්ඡා කර විසදුමක් ලබාදෙන තෙක් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.




2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුුරුදු දීමනා නැතැයි ඛනිජ වැලි සේවකයෝ වැඩ වරති
Pushkara Wednesday, 07 April 2021 11:52 AM
දැන් සැපද?
fairoos Wednesday, 07 April 2021 01:20 PM
මෙහෙ දීමනාව ඉල්ලනවා. තව පැත්තක කට්ටිය වැඩත් නැහැ. පඩිත් නැතුව ඉන්නවා.
lalithm Thursday, 08 April 2021 03:45 AM
බොහෝ දෙනෙක් රස්සාවල් නැතිවෙලා. මේ අය පිං පඩි ගන්නවා මදිවට දීමනාත් ඉල්ලනවා. ගහලා පන්නන්න ඕනෑ.
mihira Thursday, 08 April 2021 05:31 AM
දැන් සැපද? ගුණමකුවෝ හොඳම වැඩේ.. අනේ දෙන්න නම් එපා...