IMG-LOGO

අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 14 ක සිරදඬුවමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

සේවක අර්ථ සාදක අරමුදල් නොගෙවූ ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මාතලේ දිස්ත‍්‍රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මාතලේ දිස්ත‍්‍රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කළ බිම්සර ලීල් කොඩිතුවක්කු නමැත්තාටය.

2013 සැප්තැම්බර් මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාතලේ දිස්ත‍්‍රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සේවක අර්ථ සාදක අරමුදල් නොගෙවු සචින් නිරාජ් කුලතුංග නමැත්තාට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතූවෙන් රාජ්‍ය සේවකයින් මහජනතාව අතර පිළිකුල ලක් වනවා මෙන්ම රටේ ආර්ථිකයටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්නාය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරීම දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි තුෂාරී දයාරත්න මහත්මිය ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 04ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමට නියම කළේය.

ඊට අමතරව විත්තිකරුට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර මාස 10ක සිරදඬුවමකටද ඔහු යටත් කළේය.පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය පෙනී සිටියාය.

 

 

 

 



අදහස් (3)

අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 14 ක සිරදඬුවමක්

Nimal Tuesday, 21 May 2019 02:52 PM

මුළු නාරාහේන්පිට තට්ටු 10ටම මෙය දැඩි පාඩමක් වේවා...!!!

:       0       0

Nimal Wednesday, 22 May 2019 06:01 AM

එතකොට මන්ත්‍රිතුමාලට කල්පයක්වත් ලැබෙයි නේද?

:       0       0

rocky Wednesday, 22 May 2019 02:21 PM

නිමල් ළමයෝ, මන්ත්‍රී තුමාලාට පගා ගැහිල්ල සාම්ප්‍රදායික වරප්‍රසාදයක්. කොමිස් ගැහිල්ල අයිතිවාසිකමක්. අපරාධ සහ අක්‍රමිකතා කියන්නේ සාමාන්‍ය සිරිතක්. ස්ත්‍රී දූෂණ කියන්නේ පුරුද්දක්. නායක හාමුදුරුවන් බැහැ දකින්න අටපිරිකර උස්සාගෙන යාම විනොදාන්සයක් ! ඒවාට බාධා කරන්න හිතන්න වත් හොඳ නැහැ .. ඔහොම යාන්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site