(ඩයනා උදයංගනී)
අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යානුකූල කසළ රඳවනය වෙත කසළ ගෙනයාමේ කටයුතු අද (16) ආරම්භ කළ බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ආරම්භක අදියර ලෙස කොළඹ මහනගර සභාවේ කසල මේ වෙත ගෙනයාම සිදුවන අතර ඒ අනුව අද (16) දිනයේදී එහි කසළ ප‍්‍රවාහන රථ 10ක කසළ එහි තැන්පත් කෙරුණු බව බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා පැවසීය.
පුත්තලම අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම කසළ රඳවනය වෙත කසල ගෙනයාමට සැලසුම් කර තිබුණේ දුම්රිය මගින් වුවත් දුම්රිය මග ඉදිකර කසළ ප‍්‍රවාහන දුම්රියෙන් ගෙන එන තුරු කසල ප‍්‍රවාහන රථ මගින් එම කසල පුත්තලම දක්වා රැගෙන යාම සිදුවන බව පේ‍්‍රමතිලක මහතා කිවේය.
කසළ රඳවනය දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
දැනට එම කසළ රඳවනයෙහි දිනකට ටොන් 600ක් තැන්පත් කළ හැකි අතර ලබන වසරේ මාර්තු වන විට එය දිනකට කසළ ටොන් 1200ක් තැන්පත් කළ හැකි අයුරින් පුළුල් කරන බව ද ඔහු පැවසීය.
COMMENTS
කසල රන්දවනවා විතරද? විනාශ කරන ක්‍රමයක් නැද්ද? පොලිතින් වගේ දේවල් පාවිච්චි නොකරන තරමට හොඳයි. තරඟකාරී ආර්ථිකයක ඒක ලේසි නැහැ වගේ. සමාජයට මෙන්ම ආර්ථිකයටද හොඳ මොකක් හරි තිබුනොත් හොඳයි.
හොඳ වැඩක්. ඒත් ඉතින් අර දියවන්නා තියන කසල ගොඩ කොහෙට හරි ගිහිල්ල දානකන් මෙරට මිනිසුන්ටනම් ඉවසිල්ලක් නැහැ. ඒ වැඩේ කෙරෙන දින වකවානු?
කුරුණෑගල කසල පුත්තලමට දාන්න බැරිද ? කොළොඹ කසල විතරද කසල?
ජයවේවා ! ඊනියා , බහුජාතික සල්ලි වලට කෑගහන පරිසර සංවිධාන වල පුහු විරුද්දත්වය අහකට දමල මේ ලැබුවේ ලොකු ජයක්
ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. දැන් නිකම් ප්‍රශ්න ඇති කරගන්න එපා දේශපාලන වාසි තකා .
නිසි ප්‍රමිතිය යටතේ කරනවානම් ඉතාම හොඳ වැඩක්. සිදුවිය යුතු දෙයක්.
අගය කලයුතු ව්‍යාපෘතියක්.....
ඉතා හොඳ වැඩක් හැබැයි තව ටික දවසකින් විපක්ෂයේ දේශපලුවෙක් මේ ප්‍රදේශයේ මිනිස්සුන්ව උසි ගන්වයි මෙන්න මෙහෙට කොළඹ කුණු ගේනවා කියලා ,ඉට පස්සේ අර සුපුරුදු පාරවල් වහගෙන යකා නටන ජවනිකා ඇරැඹෙයි.
ජයවේවා චම්පික මහතාට.