(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ තුනකට පුත්තලම මනතිව්හි මග රැක සිට දී පහරදුන් සිව්දෙනෙකු අද(19) අලුයම අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි වයස අවුරුදු 21 හා 22 වයස් වල සැකකරුවන් සිව්දෙනෙකි.
සැකකාර තරුණයින් සිව්දෙනා යතුරු පැදි දෙකක් සමග යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් ගෙන තිබේ.
සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.