( බන්ධුල ඉලේපෙරුම)
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවෙන් වාර්තා වූ 7 වැනි ආසාදිතයා අරුන්දික ප්‍රනාන්දු මහතා වේ.
රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා ජනවාරි 19 සහ 20 යන දිනවල හෝ ඉන් අනතුරුව හෝ පාර්ලිමේන්තුවට නොපැමිණ ඇති හෙයින් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී ඇති බව ද, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ ඒ මහතා ජනවාරි 15 දින පීසීආර් පරීක්‍ෂණ සඳහා ඉදිරිපත්ව ආසාධිත නොවන බවට තහවුරු වූ බව ද, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රවුෆ් හකීම්, අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන අයට මීට පෙර දී වයිරසය ආසාදනය වී තිබිණි.
ඒ අතරින් වාසුදේව නානයක්කාර සහ දයාසිරි ජයසේකර යන මහත්වරු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
COMMENTS
මහජනතාවගේ පැතුම් ඉටුවන ලකුණු.
දැන් තමයි හරි පාරට ඇවිත් තියෙන්නේ...!!!
කෑගල්ලෙන් පැණි බීලා කන්දකාඩු යන්න කියන්න.
මේ පාර රට බේරාගන්න යන්නේ කොරෝනා...!
මෙයාලගේ නම් ප්‍රසිද්ධ කරගන්න කරන වැඩක්ද මන්දා...?
හැදුණට වැඩක් නැහැ. අපි වාසුදේව ගැනත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ....
අසරණ මිනිස්සු...
ඉක්මන් සුව.. කවුරු වුණත් මනුස්සයෙක්නේ...
මේ උදවියට පැණිය පොවලා කන්දකාඩු ගිහිල්ලා දාන්න.
අපේ බලාපොරොත්තු සුන්වෙන්න දෙන්න එපා කොරෝනා ...
නියමයි. මෙයා එතරම් හොඳ කෙනෙක් නෙවෙයි. තවත් ඔය වගේ අය ඉන්නවා. එයාලාටත් කොරෝනා පිහිටයි...
මෙයත් ගිහින් අතඇරියා නේද " මුට්ටියක්" ගංගාවකට? ඒක වැඩකරලා නැද්ද? නැත්නම් ඒකත් කිල්ලට අහුවුණාද? මාර වැඩක් තමයි ලංකාවට වුනේ...