ටජිකිස්ථානයේ බන්ධනාගාරයක අයිඑස්අයිඑස් සිරකරුවන් පිරිසක් විසින් ආරම්භ කළ කැරැල්ලක් හේතුවෙන් බන්ධනාගාර ආරක්ෂකයන් තිදෙනකු සහ රැඳවියන් 29දෙනකු මියගොස් ඇත.
මෙම බන්ධනාගාරයේ අධි ආරක්ෂිත රැකවරණ මධ්‍යයේ සිරකරුවන් රඳවා සිටි බව බලධාරීහු පවසති.
අයිඑස් ත්‍රස්තයන් පිහිවලින් ඇණ බන්ධානාගාර රැකවලුන් තිදෙනා සහ රැඳවියන් පස්දෙනකු මරාදැමූ බවත් කැරැල්ල මැඩපැවැත්වීමට යෑමේදී ආරක්ෂක අංශ විසින් සන්නද්ධ රැඳවියන් 24දෙනකු මරාදමා ඇති බවත් සඳහන් වේ.
ආරක්ෂක අංශ පවසන්නේ මේ වනවිට බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.
රැඳවියන් 1500ක් පමණ වෙසෙන මෙම බන්ධනාගාරය දුෂාන්බේ අගනුවරින් කිලෝමීටර් 10ක් දුරින් පිහිටි පිහිටි වක්ඩැට් නගරයේ පිහිටා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.