IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ලබන වසර (2021) සඳහා අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (30)  පැවැසීය.
 
‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය හැර අනෙක් අංශවල වර්ධනයක් දැකිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා කීය.
 
මුදල් අමාත්‍යාංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය.
 
මේ වසරේ දී මෙරට ආර්ථික ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
 
ඉදිරි වසර කිහිපයේදී අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක අගයක් දක්වා ගෙන ඒමට පියවර ගන්නා බවත් ඒ ඔස්සේ ආර්ථික කටයුතු මෙහෙයවන බවත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා කීය.
 
මේ වසරේ දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් වනු ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කීය.
 
නව කොරෝනා වයිරසය පාලනය කිරීමත් ඒ සමඟ ආර්ථික කටයුතු නැවත ආරම්භ වීමත් යන කරුණු හේතුවෙන් බදු ආදායම් ලැබෙමින් තිබෙන බව ද ආටිගල මහතා කීවේය.
 
රටම වසා දමා තිබූ අප්‍රේල් මාසයේදී මෙරට ආදායම් රුපියල් බිලියන 70ක් දක්වා අඩු වූ බවත් ඉකුත් අගෝස්තු මාසයේදී ආදායම් රුපියල් බිලියන 144ක් දක්වා වැඩි වී ඇති බවත් ආටිගල මහතා මෙහිදි පැවැසීය.
 
නව කොරෝනා වයිරසය සහ සහන සැලසීම් යනාදිය හේතුවෙන් මේ වසරේ දී අයවැය හිඟය ඉහළ ගියද ලබන වසරේ සිට 2025 දක්වා කාලයේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක අගයකට අඩු කරගැනීමට පියවර ගන්නා බව ද ආටිගල මහතා තවදුරටත් කීය.

 ලහිරු හර්ෂණ -ඡායාරූප 



අදහස් (1)

අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට

Rohana Wednesday, 30 September 2020 05:05 PM

සිත නිවන කතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site