
(බන්දුල ඉලේපෙරුම)
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99කින් අද(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවැනි වර කියවීමේ විවාදය 18 වැනිදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්විණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් ද විපක්ෂව ඡන්ද 52ක් ද හිමිවිය.
අයවැය තුන්වැනි වර කියවීම 23වැනි සඳුදා සිට පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයක් නැති එකම හොඳයි. වැඩේ ලේසියෙන්ම කරගන්න යන්න පුළුවනි.
වසර ගණනාවකින් පසු රජයක් ඉදිරිපත් කල සාර්ථකම අය වැය වර්තමාන රජය මගින් ඉදිරිපත් කොට ඇත.
මුළු රටම ප්‍රීතියෙන් ඉපිලිලා.
එතකොට අයවැයට විපක්ෂව ඡන්ද 52ක් දුන්නේ?
අයවැයට පක්ෂව රටපුරා ජනතාව කිරිබත් කා, රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති.