(ප්‍රියානි මංගලිකා)
වැල්ලව පොලිස් වසමේ කැකුලාවල ප්‍රදේශයේ තම බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා එළවා ඇනීමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ දියණිය රෝහලට ගෙන යෑමට ඉදිරිපත් වූ ලොරි රථ රියැදුරකු වූ 44 හැවිරිදි දෙදරු පියකු එම මී ගවයා ඇනීමෙන් මියගොස් තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැකුලාවල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වන පී. ඒ. ප්‍රියන්ත රුවන් කුමාර නැමැත්තෙකි.
මී ගවයාගේ පහර කෑමෙන් බේරීමට මව සහ දියණිය අසල තිබූ පාළු නිවසකට ඇතුළු වී දොර වසා ගත්තද මී ගවයා නිවසේ දොරට පහරදී ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. තුවාල ලබා සිටි මව සහ දියණිය රෝහල් ගෙන යෑමට අසල්වැසියන් උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් රැගෙන යෑමට පැමිණි කුඩා ලොරි රථයේ රියැදුරුට ද මී ගවයා ඇන ඇති බව පොලිසිය පවසයි.
රියැදුරු මී ගවයා දැදුරු ඔය ජලාශය දෙසට පන්නා දැමීමට ගිය අවස්ථාවේදී අසල්වාසීන් මව සහ දියණිය ලොරියට නංවා ඇතත් රියැදුරු නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහු මී ගවයාගේ පහර කෑමට ලක්ව බුලත් කොරටුවේම වැටී සිට ඇතැයි ද අනතුරුව ඔවුන් තිදෙනාම රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
මී ගව ප්‍රහාරයට ලක්වූ රියැදුරා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිට ඇති අතර මීගව ප්‍රහාරයෙන් තුවාල ලැබූ මව සහ දියණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මී ගවයා මීට පෙරද කීප දෙනකුට පරදීමට උත්සහ කර ඇති අතර ඇද වැටුණු එක් අයකුගේ අතක් බිඳී ඇති බවද පැවසේ.
සතුන් ඇති කිරීම පිළිබඳව කිසිදු විද්‍යාත්මක දැනීමක් හෝ පළපුරුද්දක් නැති ගවයාගේ හිමිකරු මෙම මී ගවයා සුරතලයට මෙන් නිවස තුළම හදාවඩා ගෙන ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අම්මත් දුවත් බේරගන්න ගිය රියැදුරු මී හරකාගෙන්ම ඇනුම්කා නසී
lalithm Friday, 14 February 2020 07:55 AM
මී හරකා මරනවා හැරෙන්න වෙන කල යුත්තක් නැහැ.
sugath Friday, 14 February 2020 11:22 AM
අනුන් ගැන නොතකන, කිසිම වගකීමකින් තොර මේ ගව හිමියාට නඩු පැවරුවා නම් මේ අමනකම් නිමම්ම නවතීවි.
Asanga Friday, 14 February 2020 11:43 AM
අහෝ ඛේදයකි. මතු ආත්මෙකදී මෙවන් අකල් මරණ සිදු නොවේවා..!!!
පිටිගල මිලානෝ Friday, 14 February 2020 12:51 PM
සසර ගණුදෙනුවක් පියවා ගන්න පාර්ශව කිහිපයක නැවත හමුවීමක්. සංසාරය කෙතරම් බියකරුද?