(ඉන්දිකා රාමනායක)
දින කිහිපයක සිට අතුරුදව සිටී කඩවත පොලිසියේ කොස්තාපල්වරයාගේ මළ සිරුර පන්නල වේරහැර බුළුගොඩ ලඳු කැලෑවකින් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි
සෝදිසි මෙහෙයුම් වල නිරත පොලිස් කණ්ඩායම අද ( 21)අලුයම මෙම මළ සිරුර සොයා ගෙන ඇත .
කඩවත පොලිසියට අනුයුක්තව පොලිස් රියදුරකු වශයෙන් රාජකාරි කරමින් සිටියදී ඉකුත් (17) අලුයම සිට කොස්තාපල්වරයා අතුරුදන්ව තිබිණි . සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත මෙම මළ සිරුර සොයා ගෙන තිබිණි .
කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද එම ස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත . කොස්තාපල් ගේ සිරුර සොයා ගෙන ඇත්තේ ඔහු අතුරුදව දින පහකට පසුවයි . කොස්තාපල් වීරකැටිය ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි විවාහකයෙකි .


ඡායාරූප - හේමලතා ඩි හේවගේ
COMMENTS
පොලිසියේ අයවත් පැහැරගන්න කාලයක් වෙලා. සාමාන්‍ය අය ගැන මොන කතාද. ඔන්න රටේ ආරක්ෂාවේ තරම.
පොලිසියේ අයවත් පැහැරගන්න කාලයක් වෙලා...
ගෝඨාභය සර් බලයට ආවාම ඕවා සේරම හරියයි. එතකං ඉවසන් ඉඳිමු...
මේක පහුගිය කාලේ වුණා නම් බමුණා, සේන මුණසිංහ වගේ කට්ටිය උඩ පැනපැන අදහස් දායි.
පළඟැටියා ජීවිතය අවසන් කරන්නේ ආලෝක ධාරාවකට පැනීමෙනි. මෙම කොස්තාපල්වරයාගේ අවසානයද එවැනි දෙයක් බව පෙනීයයි..
බොහෝ ආරක්ෂක අංශයේ සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් ගේ හා හමුදා සෙබලුන්ගේ ජීවිතේ සිදුවන කනගාටුදායක කරුනක් නම් අනියම් පෙම, මෙයද එහි ප්‍රතිපලයකි, බොහෝ කාන්තාවන් ඔවුන්ගෙන් විනාශ වන අතර අනියම් පෙම නිසා ජීවිතේ නැති කරගත් අවාසනාවන්තයෙක්.
අනවශ්‍ය වැඩ කරන්න ගියාම පොලිසියේ හිටියත් එකයි රජ මැදුරේ හිටියත් එකයි කර්මය පල දෙනවා.
අනේ මෙහෙමත් එජාප වහල්ලු... මේක දේශපාලන පක්ෂයක් නොවේ. හැබැයි මේ වගේ කට්ටිය පොලිසියේ ඉන්න කොට මහජන ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා.