චන්ද්‍රසේන ගමගේ
මහ මුහුදේ අවතැන් වී ඇති යාත්‍රා බේරා ගැනීම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මාලදිවයිනට ආසන්න මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රා 20ක් මාලදිවයින ධීවර තොටුපළවල නතර කිරීමට මාලදිවයිනේ අවසරය ලබාගෙන ඇති බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (19) සවස පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී පැවසීය.
වැසි සහිත කාලගුණ තත්වය නිසා ධීවර රැකියාවේ නිරතව සිටින යාත්‍රා සිය ගණනක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇති බව පැවසූ ධීවර රාජ්‍ය ඇමැතිවරයා ඒවා පිළිබඳව නිරතරවම ප්‍රාදේශීය ගුවන් විදුලි පණිවුඩ හුවමාරු හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බවත් කීය.
මේ වන විට ඉන්දියාව ආසන්න මුහුදු තීරයේ ඇති යාත්‍රා ඉන්දීය ධීවර වරායවල නතර කර ගැනීමට රජය ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ධීවර රාජ්‍ය ඇමැතිවරයා කීය.
වැසි සහිත කාලගුණයක් පවතින මේ දින කිහිපය තුළ ධීවර රැකියාවෙන් ඉවත්ව සිටින ලෙසට තමන් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අතරමං වූ ධීවර යාත්‍රා 20 ක් මාලදිවයිනේ නැවතීමට අවසර ගනී
ravi Friday, 19 July 2019 02:43 PM
හැබැයි.. කුඩු, ගංජා එහෙම පටවාගෙන එන්න එපා !!!